සුනිල් එදිරිසිංහ

1949 දෙසැම්බර් 19 වන දින උපන් පැටිකිරිගේ සුනිල් ජයප්‍රීති එදිරිසිංහ නොහොත් සුනිල් එදිරිසිංහ ශ්‍රී ලංකාවේ අතිසාර්ථක සම්භාව්‍ය ඝනයේසංගීතඥයෙකි. වර්ෂ 1983 දී ඔහු ගැයූ "අධිෂ්ඨානය" හි "මායා මිරිඟුව පිරුණු ලෝ තලේ" ගීය සඳහා ජනාධිපති සම්මානයෙන් පිදුම් ලැබීමට හේ සමත් විය. 

සුනිල් එදිරිසිංහ
සුනිල් එදිරිසිංහ සඳකඩපහන ප්‍රසංගය හී දී.
පසුබිම් තොරතුරු
උපත් නාමයපැටිකිරිගේ සුනිල් ජයප්‍රීති එදිරිසිංහ.
උපතදෙසැම්බර් 19, 1949 (1949-12-19) (වයස 76)
කොළඹ, ශ්‍රී ලංකාව
ප්‍රභේදසම්බාව්‍ය
වෘත්තියසංගීතඥ
වාද්‍ය භාණ්ඩගායනය
සක්‍රීය වර්ෂ1969 – අද දක්වා.
වෙබ් අඩවියsuniledirisinghe.com

ඔහුට "මංගල තෑග්ග" හි "තුරුලක හුරතල්" ගීය හා "සහරාවේ සිහිනය" හි "වලාකුළක් ගෙන මුවා කරමු" ගීය සඳහා 1988 දී පසුබිම් ගැයුම සඳහා වූ ස්වර්ණ සංඛ සම්මානය පිරිනැමිණි.  1988 දී "සඳකඩපහණ" හි "තිදස පුරේ" ගීය සහ 2002 දී "පොරොන්දුව" හි "පොරොන්දුව" ගීය සඳහා පසුබිම් ගැයුම සඳහා වූ සරසවි සම්මානය දිනා ගැනීමට හේ සමත් විය.

ජීවිතය හා වෘත්තීය ජීවිතය

ළමා අවධිය

පැටිකිරිගේ එදිරිසිංහ හා උස්හෙට්ටිගේ එලිසබෙත් පෙරේරා යුවලට දාව සත් දෙනකුගෙන් යුත් පවුලේ බඩපිස්සා ලෙස මෙලොව එළිය දුටු සුනිල් එදිරිසිංහයන් ගේ ළමා කාලය වරාගොඩ කැලණිය දක්වා වර්ධනය වී ඇති රබර් කර්මාන්ත වටපිටාවේ ගෙවී ගියේය.


එදිරිසිංහයෝ 1995 දී ශ්‍රී ධර්මාලෝක විද්‍යාලයෙන් පාසල් අධ්‍යාපනය අරඹා 1968 දී සපුගස්කන්ද මහා විද්‍යාලයට මාරු වන අතර ඉන් අනතුරුව උසස් පෙල හැදෑරීමට දෙල්ගොඩ කල්‍යාණ ප්‍රදීප පිරිවෙන තෝරාගත් හ.

කලා දිවිය

1969 දී ඔහුගේ ද්වීතීක අධ්‍යාපනය නිම කිරීමෙන් පසුව, එදිරිසිංහයෝ රජයේ මුද්‍රණ නීතිගත සංස්ථාවේ වැඩ කිරීම ඇරැඹූ හ.  හේ එම වසරේ ඔහු ගේ සහෝදරයා වන සතිස්චන්ද්‍රයන් ගේ "මාතර ආච්චි" චිත්‍රපටිය සඳහා වික්ටර් රත්නායක මහතා විසින් තනු නිර්මාණය කරන ලද හා වොලී නානායක්කාර මහතා විසින් රචිත "සදකඩපහණ" ගීයෙන් තම සංගීත දිවිය ඇරැඹී ය.

එදිරිසිංහයෝ තම සංගීත අධ්‍යාපනය 1970 මුල් කාලයේ දී විශාරද පී.වී.නන්දසිරි සංගීත ඇකඩමියෙන් හා, ඉන්දියාවේ ලක්නව් විශ්වවිද්‍යාලයෙන් හැදෑරූ හ.1975 දී එදිරිසිංහයෝ ඉන්දියාවේ සංගීතයමය කීර්තිමත් භාත්ඛණ්ඩේ ඇකඩමියෙන් පළමු පන්තියේ ගෞරව උපාධිය ලබාගැනීමට සමත් වූ හ. ඒ වහාම හේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව සමඟ එක් විය. 1980 දී එදිරිසිංහ ඔහුගේ මුල්ම කැසට් පටය  වන "චන්ද්‍රමඩල" නිකුත් කළේ ය.

පෞද්ගලික ජීවිතය

එදිරිසිංහයනට සහෝදර සහෝදරියන් හය දෙනකු ඇත. පවුලේ වැඩිමලා වූ ධර්මසිරි කලාවට සම්බන්ධ වී සිටියේය. ඔහුගේ සොහොයුරි මර්සි ප්‍රාදේශීය සංගීත ගුරුවරියක් වූවා ය. ඔහුගේ සහෝදරයන් වන සතිස්චන්ද්‍ර සහ නිමල් චිත්‍රපට කර්මාන්තයට නැඹුරු වූ හ.


මහනුවර සංචාරයක නිරත එදිරිසිංහයනට තම අනාගත බිරිඳ නන්දනී "කුමුදු" මුණසිංහ හමු විය. ඔවුන් 1979 දී විවාහ වූ අතර 1980 වසරේ තම පළමු දරුවා සංඛ චමින්ද්‍ර එදිරිසිංහ උපත ලද අතර . 1985 දී, තම දියණිය සන්ඛනි එදිරිසිංහ උපත ලැබීය.

මූලාශ්‍ර

  1. "Milestones". Sunil Edirisinghe. 2004. සම්ප්‍රවේශය 2007-06-08.
  2. "Biography". Sunil Edirisinghe. 2004. සම්ප්‍රවේශය 2007-06-08.
  3. "Biography-Family". Sunil Edirisinghe. 2004. සම්ප්‍රවේශය 2007-06-08.

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, සුනිල් එදිරිසිංහ පිළිබඳ තොරතුරු, සුනිල් එදිරිසිංහ යනු කුමක්ද? සුනිල් එදිරිසිංහ යනු කුමක් දර්ශනය කරන්නේ?