සුපර්නෝවා

මුල් පිටුව | සුපර්නෝවා

සුපර්නෝවා යනු විශාල තාරකාවන්ගේ පරිණාමයේ අවසාන අදියරයි.

සියලූම ආකාරයේ තාරකා කිසියම් දිනක මිය යායුතුයි. එයින් ඇතැම් තාරකාවක් ඉතාසන්සුන්ව මිලින වී මිය යන අතර ඇතැම් තාරකා මියයන්නේ සුපර්නෝවා නමින් හැඳින්වෙන ඉතාමත් ප‍්‍රචණ්ඩවූ අතිශයින් දැවැන්ත පිපිරීමක් සමගයි. සුපර්නෝවා අවස්ථාවකට පත්වී මිය යාමට නම් තාරකාවක ස්කන්ධය අපේ සූර්යාගේ ස්කන්ධය මෙන් අට ගුණයක්වත් විය යුතුයි. සුපර්නෝවා පිපිරීමක් ඇතිවන්නේ තාරකාව සතු හයිඩ‍්‍රජන් ඉන්ධන ප‍්‍රමාණය දැවී යාමෙන් පසු තාරකාව රතු දැවැන්තයෙකු (Red giant) බවට ප‍්‍රසාරණය වීම නිසයි. මෙසේ ප‍්‍රසාරාණයවන තාරාකාවේ මදය වඩවඩා ගිනියම් වීම නිසා හයිඩ‍්‍රජන් සහ හීලියම් සංඝටනය වීමෙන් වඩා සංකීර්ණ වු ඔක්සිජන්, කාබන් සහ කැල්සියම් ද අනෙකුත් මූල ද්‍රව්‍ය 86 ද බිහිවෙනවා. ඊළඟට සිදුවන්නේ තාරකාවේ මදය කඩාවැටී සුපර්නෝවා පිපිරීම සිදුවීමයි . එසේ තාරාකාව පුපුරායාමේදී තාරකාව තුළ බිහිවූ සියළු මූලද්‍රව්‍ය අවකාශයේ විසිරි ගොස් නව තාරකා බිහිකිරීමට දායක වෙනවා. එය හරියට මිය ගිය සත්ව ශාකාදී ජීවීන් පසට ජීර්ණය වී යලි අළුත් ජීවීන් බිහිකිරීමට දායක වෙනවා වගෙයි.එසේම මෙම පිපිරීම් වලින් හටගන්නා තරංග හේතුවෙන් එය ආසන්නයේ පිහිටා ඇති වස්තූන් ද විශාල වශයෙන් හානි වීම් වලට ලක්වේ.


භෞතික විද්‍යාව පිළිබඳ මෙම ලිපිය තවමත් අංකුර ලිපියකි. විකිපීඩියාවට උදවුවක් ලෙසින් ඔබ හට එය විහිදුවාලිය හැක.

  • v
  • t
  • e

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, සුපර්නෝවා පිළිබඳ තොරතුරු, සුපර්නෝවා යනු කුමක්ද? සුපර්නෝවා යනු කුමක් දර්ශනය කරන්නේ?

මුල් පිටුව | ඉහළට යාම
© 2025 www.dl1.si-lk.nina.az — සියලු හිමිකම් සුරකින ලදී.