කැලණියට වැඩමකල බුදුන් වහන්සේ සමන් දේවියන්ගේ ආරාධනය අනුව තම වම් සිරිපා සලකුන මෙහි තැබු බව පිළිගැනෙයි. ඒ අනුව වන්දනාමාන පූජෝපහාර දක්වති. බුද්ධත්වයෙන් අටවැනි වර්ෂයේ දී ,බුදුන්වහන්සේ ලංකාවට තෙවන වරට වැඩම කලේ කැළණියේ නා රජු ගේ ආරාධනයක් අනුවය. එම ගමනේදී සුමන සමන් දෙවියන්ගේ ආරාධනයෙන් සමනොළ ගිර සිරිපද සළකුණ පිහිටුවන්නට ඇතැයි බෞද්ධයෝ විශ්වාස කරති. සබරගමුවෙහි රත්නපුර පිහිටි සමන් දේවාලය වසරක් පාසා පෙරහැර පවත්වන දේවාලයක් වන අතර 1236 දි දඹදෙණිය රාජධාණියේ රජකල පණ්ඩිත පරාක්‍රමබාහු රජුගේ ඇමතියෙකු මගින් කරවන ලද්දකි.
මේවාද බලන්න
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, සුමන සමන් දෙවියෝ පිළිබඳ තොරතුරු, සුමන සමන් දෙවියෝ යනු කුමක්ද? සුමන සමන් දෙවියෝ යනු කුමක් දර්ශනය කරන්නේ?