සෙන්සෙනෙබ් (හෙවත් සෙනිසෙනෙබ්) යුනවේන හඳුන්වන්නේ මුල්කාලීන නව රාජධානියේ විසූ Iවන තුත්මෝස් පාරාවෝවරයාගේ මෑණියන් ය. ඇය විසින් උසුලා ඇත්තේ රජුගේ මව (Mw.t-nswt) යන පදවිය පමණක් හෙයින්, ඇය සාමාන්‍ය වැසියකු වන්නට ඇතැයි විශ්වාස කෙරේ. සෙන්සෙනෙබ් පිළිබඳ තොරතුරු අනාවරණය වූයේ වැඩි හල්ෆාවලින් හමු වූ කයිරෝ CG 34006 නැමැති ශිලා ස්තම්භය නිසාවෙනි. මෙහි ඇය ඇගේ පුත් Iවන තුත්මෝස්ගේ රාජාභිෂේක දිනයෙහි රාජුගේ මව ලෙස දුන් ප්‍රතිඥාවක් නිරූපිත ය. සෙන්සෙනෙබ්ගේ රුව ඩේර් එල්-බහ්රිහි හට්ෂෙප්සුට්ගේ මතකාගාර දේව්සථානයේ ද සිතුවම් කොට ඇත.
| සෙන්සෙනෙබ් | ||||||||||||
|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
| මව් බිසව Mw.t-nswt' | ||||||||||||
ඩේර් එල්-බහ්රිහි ඇති සෙන්සෙනෙබ්ගේ සිතුවම් කළ කැටයමක් | ||||||||||||
| දරුවන් | තුත්මෝස් I | |||||||||||
| ඊජිප්තු නම | Snj snb
| |||||||||||
| රාජවංශය | ඊජිප්තුවේ දහඅටවන රාජවංශය | |||||||||||
| ආගම | පුරාතන ඊජිප්තු ආගම | |||||||||||
මූලාශ්‍ර
- ඒඩ්රියාන් ඩි බක්: කොරොනේෂන් ඩික්රී ඔෆ් තුත්මොසිස් I, 1948, පිටු. 46, Urk IV (79.5 to 81.8)
- එඩුවර්ඩ් නැවිල්: ද ටෙම්පල් ඔෆ් ඩේර් එල් බහරි, කොටස I. ඵලක 1 - 24: ච නොත්-වෙස්ටර්න් එන්ඩ් ඔෆ් ද අපර් ප්ලැට්ෆෝම්. ඊජිප්තු ගවේෂණ අරමුදල, ලන්ඩන්; 1895, pl. XIII, නිදහස් පිටපත් අයිතිය හිමි සංස්කරණය මාර්ගස්ථව ලබාගන්න
- එම කැටයමම, සම්පූර්ණයෙන්.
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, සෙන්සෙනෙබ් පිළිබඳ තොරතුරු, සෙන්සෙනෙබ් යනු කුමක්ද? සෙන්සෙනෙබ් යනු කුමක් දර්ශනය කරන්නේ?