සෙලාන් බැංකුව

සෙලාන් බැංකුව යනු ශ්‍රී ලංකාවේ වූ වාණිජ බැංකුවකි. එය සතුව දිවයිනේ නාගරික සහ ග්‍රාමීය ප්‍රදේශයන්හී ශාඛා රැසක් පවතියි. 2013 වසර වන විට බැංකුව සතුව දිවයින පුරා බැංකු මධ්‍යස්ථාන 151 ක් සහ 4900 ක පමණ කාර්ය මණ්ඩල ප්‍රමාණයක් විය.

සෙලාන් බැංකුව
Seylan Bank PLC
වර්ගයපොදු
ස්ථාපිතයක්‍රි.ව. 1987
මූලස්ථානයකොළඹ, ශ්‍රී ලංකාව
සේවා සරියශ්‍රී ලංකාව
කර්මාන්තයමූල්‍යමය
නිෂ්පාදිතයන්බැංකු, මූල්‍යමය සහ සම්බන්ධිත සේවා
වෙබ්අඩවියeseylan.com/sinhala
විකුණනු ලබන්නේසැකිල්ල:Cse

1987 අගෝස්තු 28 වන දිනදී සීමාසහිත පොදු බැඳුම් සමාගමක් ලෙස සංස්ථාපිත කරනු ලැබූ මෙය, 1992 වසරේදී සිය ප්‍රථම උප සමාගම ලෙස, සෙලාන් මර්චන්ට් බෑන්ක් ලිමිටඩ් (Seylan Merchant Bank Limited) පිහිටුවන ලදි. එම වසරේදීම බැංකුවේ ප්‍රධාන කාර්යාල ගාෙඩනැගිල්ල වූ සෙලින්කෝ සෙලාන් කුළුණ ඉදිකිරීම අරමුණු කර ගනිමින්, එහි දෙවන උප සමාගම ලෙස සෙලින්කෝ සෙලාන් ඩිවලොප්මන්ට්ස් ලිමිටඩ් (Ceylinco Seylan Developments Limited) පිහිටුවන ලදී.

අර්බුධමය තත්වය

සෙලින්කෝ සමූව ව්‍යාපාරයට අයත් ගෝල්ඩන් කී ක්‍රෙඩිට් කාඩ් සමාගමේ කඩා වැටීම සහ 2008 හිටපු සභාපතිවරයාගේ අරමුදල් අවකලමණාකරනය හේතුවෙන් 2008 වසරේ අවසන් සතියේදී සමාගම ද්‍රවශීලීතා අර්බුධයකට මුහුණ පාන ලදී. 2008 දෙසැම්බර් 28 වන දින ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සෙලාන් බැංකුව, ශ්‍රී ලංකා රජයට අයත් ලංකා බැංකුවේ (BOC) පාලනය යටතට පත් කරනු ලැබූ අතර, මෙය 30(1) කොටසේ 1949 අංක.58 දරණ මුදල් නීති පනත යටතේ ක්‍රියාවට නංවන ලදී.

මූල්‍යමය අස්ථාවරභාවය හේතුවෙන් සිය ගණුදෙණුකරුවන් වෙත නැවත ගෙවීම් සිදු කිරීමට ගෝල්ඩන් කී ක්‍රෙඩිට් කාඩ් සමාගම අසමර්ථ වීම හේතුවෙන්, සෙලාන් බැංකුවෙහි අර්බුධය තව දුරටත් උග්‍රවිය.


ආශ්‍රිත

  1. .. :: Seylan Bank :: ..:
  2. CB bails out Seylan Daily News, 2008-12-30

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, සෙලාන් බැංකුව පිළිබඳ තොරතුරු, සෙලාන් බැංකුව යනු කුමක්ද? සෙලාන් බැංකුව යනු කුමක් දර්ශනය කරන්නේ?