හැදින්වීම
සෛලීය ස්වසනය සංකීර්ණ කාබනික සංයෝග සරල කාබනික අණු බවට බිදවැට්ටවීම මගින් ශක්තිය නිදහස් කිරීමේ පරිවෘත්තීය ක්‍රියාවලියකි. (එනම් අපවෘත්තිය ප්‍රතික්‍රියාවකි.) මෙහිදී විශිෂ්ට එන්සයිම උත්ප්‍රේරණයක් සිදු වේ. කාබනික සංයෝග වල වූ රසායනික ශක්තිය ATP වල ශක්තිය ලෙස නිදහස් කරගනී.
පියවර
සෛලීය ශ්වසනය පියවර 3ක් මගින් සිදුවේ. එනම්,
- ග්ලයිකොවිච්ජේදනය/ග්ලයිකොලිසිය
- ක්‍රෙබ්ස් චක්‍රය
- ඉලෙක්ට්‍රෝන පරිවහන දාමය
ග්ලයිකොවිච්ජේදනය/ග්ලයිකොලිසිය සජීවී සෛල වල සෛල ප්ලාස්මය තුළ දී සිදු වේ.
ක්‍රෙබ්ස් චක්‍රය මයිටොකොන්ඩ්‍රියා පූරකයේ සිදු වේ.
ඉලෙක්ට්‍රෝන පරිවහන දාමය මයිටොකොන්ඩ්‍රියා ඇතුළු පටලයේ මියර මත සිදු වෙී.
ග්ලයිකොවිච්ජේදනය/ග්ලයිකොලිසිය
ජීවීන් තුළ ශ්වසන උපස්ථර ලෙස විවිධ කාබනික අණු ක්‍රියාකරයි. ග්ලූකෝස් වල ග්ලයිකොලිසිය මෙහිදී සාකච්ඡා කෙරේ.
සෛල ප්ලාස්මය තුළ දී ග්ලූකෝස් ATP අණුවක ශක්තිය භාවිතයෙන් ග්ලූකෝස්-6-පොස්පේට් (glucose-6-phosphate) බවට පත් වේ.ග්ලූකෝස්-6-පොස්පේට් පෘක්ටෝස්-6-පොස්පේට් (fructose-6-phosphate) බවට පත් වේ. පෘක්ටෝස්-6-පොස්පේට් තවත් ATP අණුවක ශක්තියභාවිතයෙන් පෘක්ටෝස්-1,6-ඩයිපොස්පේට් (fructose-1,6-diphosphate) බවට පත් වේ.
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, සෛලීය ස්‍වසනය පිළිබඳ තොරතුරු, සෛලීය ස්‍වසනය යනු කුමක්ද? සෛලීය ස්‍වසනය යනු කුමක් දර්ශනය කරන්නේ?