හංගුල්


හංගුල් ලෙසින් හෝ චුසංගුල් ( දකුණු කොරියාවේ හංගුල් ලෙසින් හා උතුරු කොරියාවේ චුසංගුල් ලෙසින් නිල වශයෙන් පිටපත් කෙරෙන ), ලෙසින්ද හැඳින්වෙන, කොරියානු හෝඩිය යනු කොරියානු භාෂාවේ දේශීය හෝඩියයි. 1443 දී ජෝසොන් රාජවංශය සමයෙහිදී තැනුනු එය, වර්තමානයේදී උතුරු කොරියාව සහ දකුණු කොරියාව යන දෙරටෙහිම නිල අක්ෂර මාලාව වන අතරම, චීනයෙහි ජීලිං පළාතෙහි යැංබියන් කොරියානු ස්වතන්ත්‍ර ප්‍රාන්තයෙහි සම-නිල අක්ෂර මාලාව වෙයි. දකුණු කොරියාවේ, හංගුල් භාවිතයේදී හංජා ලෙසින් හැඳින්වෙන චීන අත්ෂර භාවිතයෙන් ආවර්ධනය කෙරෙන මුත්, උතුරු කොරියාවේ, හංජා භාවිතය නැති තරම්ය.

හංගුල්
හෝ
චුසංගුල්
චුසංගුල් (ඉහළ), සහ හංගුල් (පහළ)
වර්ගය
line-height:1.25em
භාෂාකොරියානු
Creatorමහා සේජොං රජුගේ රාජසභාව
කාල සීමාව
1443 සිට වර්තමානය
යුනිකේත පරාසය
U+AC00–U+D7AF,
U+1100–U+11FF,
U+3130–U+318F,
U+3200–U+32FF,
U+A960–U+A97F,
U+D7B0–U+D7FF,
U+FF00–U+FFEF
This article contains IPA phonetic symbols. Without proper rendering support, you may see question marks, boxes, or other symbols instead of Unicode characters.

හංගුල් වනාහි ව්‍යඤ්ජනාක්ෂර සහ ප්‍රාණාක්ෂර 24 කින් සමන්විත සත්‍ය හෝඩියකි. කෙසේවෙතත්, ලතින් හෝඩියකදී මෙන් අක්ෂර අනුක්‍රමිකව ලිවීම වෙනුවට, එක එකක් විසින් මාත්‍රාවක් පිටපත් කෙරෙන, 한 හන් han වැනි, කට්ටල වලට හංගුල් අක්ෂර සමූහගත කෙරෙයි. එනම්, 한 හන් han මාත්‍රාව එක් අක්ෂරයක් ලෙස පෙනුනද, එය අක්ෂර තුනකින් සමන්විත වෙයි: ㅎ h, ㅏ a, සහ ㄴ n. එක් එක් මාත්‍රා කට්ටලය සමන්විත වන්නේ අක්ෂර දෙක සිට පහ දක්වා අතර වන සංඛ්‍යාවකින් වන අතර, එහි අවම වශයෙන් එක් ව්‍යඤ්ජනාක්ෂරයක් සහ එක් ප්‍රාණාක්ෂරයක් අඩංගු වෙයි. මෙම කට්ටල සකස්කෙරෙනුයේ වමේ සිට දකුණට තිරස් දිශාවට සහ ඉහළ සිට පහළට සිරස් දිශාවටය. පැවතිය හැකි කට්ටල ගණන ගණිතමය වශයෙන් ගණනය කල විට 11,172 ක් වුවද, කොරියානු ශබ්දක්‍රෙමෝපායය විසින් පැවතීමට ඉඩසලසන මාත්‍රා ගණන ඊට වඩා බෙහෙවින් අඩු සංඛ්‍යාවක් වන අතර, ශබ්දක්‍රෙමෝපායානුකූලව පැවතිය හැකි සියළු මාත්‍රා සත්‍ය ලෙසින් කොරියානු වචන වල නොපවතියි. ශබ්දවිද්‍යාත්මක විස්තරයක් සඳහා, කොරියානු ශබ්දවිද්‍යාව බලන්න.

නම්

නිල නම්

සටහන්

  1. උච්චාරණය/iconˈhɑːn.ɡʊl/ හෝ /ˈhɑːŋɡʊl/

අධෝසටහන්

  1. කොරියානු: 한글 Han-geul/Han'gŭl [haːn.ɡɯl] ( අසන්න) හෝ 조선글 Chosŏn'gŭl/Joseongeul [tɕosʌnɡɯl]

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, හංගුල් පිළිබඳ තොරතුරු, හංගුල් යනු කුමක්ද? හංගුල් යනු කුමක් දර්ශනය කරන්නේ?