හබන් කුකුළා

හබන් කුකුළා
(Sri Lanka Spurfowl)

අඩු අවධානයක් යොමු වූ  (IUCN 3.1)
විද්‍යාත්මක වර්ගීකරණය
රාජධානිය: ඇනිමාලියා
Phylum: කෝඩේටා
වර්ගය: ආවේස්
ගෝත්‍රය: ගැලිෆොමේස්
කුලය: Phasianidae
ගණය: 'Galloperdix'
විශේෂය: ''G. bicalcarata''
ද්වීපද නාමය
Galloperdix bicalcarata
(Forster, 1781)

හබන් කුකුළා (ඉංග්‍රීසි:  Sri Lanka spurfowl, විද්‍යාත්මක නාමය: Galloperdix bicalcarata) යනු ශ්‍රී ලංකාවේ ඝන වැසි වනාන්තරවලට ආවේණික, pheasant පවුලේ සාමාජිකයෙකි.

පහත රට තෙත් කලාපීය ‍වනාන්තර වල හා කඳූකරයේ මීටර් 1800 දක්වා ඉහළටත් වියළි කලාපීය වනාන්තර වලත් වාසය කරයි. අතිශය වනවාසී, තුළෑටි, භූමිවාසී පක්‍ෂියෙකි. විවිධ බීජ වර්ග, බිම වැටුණු පළතුරු, වේයන් සහ වෙනත් කෘමීන් ආහාරයට ගනී. ආහාර සොයමින් ප්‍රබල ලෙස වනයේ බිම පහුරුගායි. හබන් කුකුළා ප්‍රමාණයෙන් අඩක් වැඩුණු ගම් කුකුළෙකු තරම්ය. නොවැම්බර්-මාර්තු සහ ජුලි-සැප්තැම්බර් කාලවලදී අභිජනනය කරන හබන් කුකුළාගේ කැදැල්ල ගලක් හෝ පඳුරක් යට බිම සූරා සාදා ගනු ලබන මඳ අවපතනයකි. මෙය තුළ සාමාන්‍යයෙන් බිත්තර දෙකක් (2) හෝ තුනක් (3) දමනු ලැබේ. කිතුල්ගල සහ සිංහරාජ වනාන්තර මෙ‍ම පක්‍ෂියා දැකගැනීමට ඇති හොඳම ප්‍රදේශයන් ලෙස වාර්ථා වී ඇත.[තහවුරු කර නොමැත]

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, හබන් කුකුළා පිළිබඳ තොරතුරු, හබන් කුකුළා යනු කුමක්ද? හබන් කුකුළා යනු කුමක් දර්ශනය කරන්නේ?