හැව්ලොක් බෝම්බ ප්‍රහාරය යනු 1991 වසරේ මාර්තු 2 වන දින, දෙමළ කොටි ත්‍රස්තවාදීන් විසින්, කාර්යබහුල වේලාවක කොළඹ තිඹිරිගස්යාය (හැව්ලොක් නගරය) මාර්ගයක පුපුරුවා හරින ලද දුරස්ථව මෙහෙයවනු ලැබූ කාර් බේම්බ ප්‍රහාරයකි. ජේන්'ස් තොරතුරු කණ්ඩායමට (Jane's Information Group) අනූව, ප්‍රහාරයේ මූලික අරමුණ වී තිබුනේ එවක විදේශ අමාත්‍යවරයා සහ රජයේ ආරක්ෂාව වෙනුවෙන් වූ අමාත්‍යවරයා (නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයා) වූ රන්ජන් විජේරත්න මහතාව ඝාතනය කිරීමයි. අමාත්‍යවරයා ගමන් ගත් රථ පෙලට එල්ල වූ මෙම කාර් බෝම්බ ප්‍රහාරය නිසා, අමාත්‍යවරයා, ආරක්ෂක නිළදාරීන් 5 දෙනෙකු හා අවට සිටි සිවිල් වැසියන් 13 දෙනෙකු ඇතුළු 19 දෙනෙක් ඝාතනයට ලක්විය. රන්ජන් විජේරත්න මහතා දෙමළ කොටි ත්‍රස්තවාදීන් වෙත දැඩි ප්‍රතිපත්තියක් දැක්වූ අයෙක් ලෙස සඳහන්ය.
| හැව්ලොක් බෝම්බ ප්‍රහාරය Havelock Road Bombing | |
|---|---|
| ස්ථානය | හැව්ලොක් මාර්ගය, කොළඹ, ශ්‍රී ලංකා |
| දිනය | 1991 මාර්තු 2 Rush hour – (UTC+5:00) |
| ප්‍රහාර මාදිලිය | දුරස්ථව සිට මෙහෙයවූ කාර් බෝම්බ ප්‍රහාරය |
| මරණ | 19 |
| තුවාලකරුවන් | 73 |
| අපරාධකරුවෝ | දෙමළ ඊළාම් විමුක්ති කොටි |
උදෑසන රන්ජන් විජේරත්න මහතා නිවසේ සිට කාර්යාලය බලා ගමන් කරමින් සිටි අතරතුර, පොලිස් ක්ෂේත්‍ර මූලස්ථානය යාබද හැව්ලොක් මාර්ගයේදී මෙම බෝම්බය ප්‍රහාරය එල්ල වී තුබුණි.
ත්‍රස්තවාදීන්ගේ සාධාරණීකරණ හේතු දැක්වීම
2008 වසරේදී, දෙමළ කොටි ත්‍රස්තවාදීන් චෝදනාවක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටියේ, 1990 සාම ක්‍රියාවලිය අතරවාරයේ රන්ජන් විජේරත්න මහතා, ඔවුන්ගේ ත්‍රස්ත නායකයා වූ වේළුපිල්ලේ ප‍්‍රභාකරන් ඝාතනයට උත්සාහ කල බවයි.
මේවාද බලන්න
ආශ්‍රිත
- 1991: ශ්‍රී ලංකන් හාඩ්ලයිනර් අමන්ග් 19 කිල්ඩ් ඉන් බ්ලාස්ට්
- ජේන්'ස් සෙන්ටිනල් එක්සැමින් ද සක්සස් ඔෆ් ද LTTE ඉන් රෙසිස්ටින්ග් ද ශ්‍රී ලංකන් ෆෝර්ස්
- සුයිසයිඩ් ටෙරරිස්ම්: අ ග්ලෝබල් ත්‍රෙට්, www.janes.com
- ද රෙඩිෆ් ස්පෙෂල්
- "කර්. චාල්ස් ලෙයිඩ් ටු රෙස්ට් ඉන් කිලිනොච්චි". Tamilnet. 2008-01-09. සම්ප්‍රවේශය 2009-01-09.
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, හැව්ලොක් බෝම්බ ප්‍රහාරය පිළිබඳ තොරතුරු, හැව්ලොක් බෝම්බ ප්‍රහාරය යනු කුමක්ද? හැව්ලොක් බෝම්බ ප්‍රහාරය යනු කුමක් දර්ශනය කරන්නේ?