හුණු කිල්ලෝටය

හුණු කිල්ලෝටය යනු බුලත්විට කෑම සඳහා භාවිතයට ගැණුනු දිය හුණු, ගබඩා කොට තබා ගැනීමට අතීත ගැමියන් විසින් භාවිතා කරන ලද සරල මෙවලමකි. එය එකල බුලත් මඩිස්‌සලය, බුලත් හෙප්පුව (ඉලත්තට්ටුව) තුල අනිවාර්යයෙන්ම දැක ගත හැකි වූ අංගයක් ලෙස සැළකේ. හුණු කිල්ලෝට බොහෝ විට තඹ හෝ පිත්තල වලින් නිපදවනු ලබන අතර, කලාතුරකින් යකඩ හෝ වානේ වලින්ද තනනු ලැබේ. බොහොමයක් කිල්ලෝට වල ඊට සම්බන්ද දම්වැලක් හා එහි අග හුණු ගැනීම සඳහා තල කොටසක් පවතී.

හුණු කිල්ලෝටයක්

ජන වහර

"කාගේ කාගේත් කිල්ලෝටවල හුණු තියෙනවා", "හුණු කිල්ලෝටයක්‌ නැතිවා වගෙයි" වැනි වහරයන් හුණු කිල්ලෝටයේ සාමාජයීය සමීපතාව පිළිබිඹු කරයි.

ජන කවිය තුල

ජන කවි තුලද කිල්ලෝට පිළිබඳ සඳහන් වන තැන් දැකගත හැකිවේ.

ඉස්සර පියා බඩු සරිකර තියා පියා
ඊළග පියා එතනම වහ තියා පියා
අතු අග පියා ලොව සැමටම බෙදා පියා
තේරු කෙනෙකුගේ දිව අග තියා පියා

පෙර සිට පැවත එන බඩුවක් වෙන්ට ඇති
පරසිදු ලෙස සැම ගේතුළ වාස ඇති
එම බඩුවේ වලිගේ කොන තලේ ඇති
මෙතුන් පදේ කිල්ලෝටෙට වෙන්ට ඇති

ආශ්‍රිත ලිපි

ආශ්‍රිත

  1. "බුලත් අතට කොළ හතළිහක්‌ එක්‌ වූයේ කොහොමද?". නවලිය. 2010-04-12. සම්ප්‍රවේශය 2015-03-25.
  2. "ද මයිග්‍රේෂන් ඔෆ් ෆෝම්ස්". කැසීවුඩ් කලෙක්ෂන්. 2014-06-02. සම්ප්‍රවේශය 2015-03-25.
  3. "බුලත් මිත්‍රත්වයේ සහ සශ්‍රීකත්වයේ සංකේතය වූණේ කොහොමද?". නවලිය. 2009-09-07. සම්ප්‍රවේශය 2015-03-25.
  4. "බුලතේ රස දුටිමි තොලේ". zoom.lk. 2015-02-09. සම්ප්‍රවේශය 2015-03-25.

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, හුණු කිල්ලෝටය පිළිබඳ තොරතුරු, හුණු කිල්ලෝටය යනු කුමක්ද? හුණු කිල්ලෝටය යනු කුමක් දර්ශනය කරන්නේ?