හෙපටයිටීස් ඒ යනු සෙංගමාල ප්‍රභේදයට අයත් බොවන රෝගයකි. මෙය දූෂිත ජලය පරිහරණයෙන් බෝවන අතර එමඟින් අක්මාව ආසාදනයවේ. ආසාදනය වූ අවස්ථාවේ සිට රෝග ලක්ෂන ඇති වීමට සති 2ත් 6ත් අතර කාලයක් ගතවේ. සාමාන්‍ය වර්ධන කාලය දින 28කි. මෙම රෝගය සනීපාරක්ෂාව අඩු ප්‍රදේශ වල ඉක්මනින් පැතිරේ.
| හෙපටයිටීස් ඒ | |
|---|---|
| වර්ගීකරණය සහ බාහිර සම්පත් | |
ඇස් කහ වීම | |
| ICD-10 | B15. |
| ICD-9 | 070.0, 070.1 |
| DiseasesDB | 5757 |
| MedlinePlus | 000278 |
| eMedicine | med/991 ped/977 |
| MeSH | D006506 |
රෝග ලක්ෂන
හෙපටයිටීස් ඒ රොගයෙහි මූලික රෝග ලක්ෂන ඉන්ෆ්ලුවෙන්සාවට සමානවේ. නමුත් ඇතැම් පුද්ගලයන්ට (විශේෂයෙන් ලමුන්ට) කිසිදු රොග ලක්ෂනයත් ඇති නොවේ. බොහෝ අවස්ථා වල රෝග ලක්ෂන මාස 2 ක් පමණ පවතී. නමුත් ඇතැම් පුද්ගලයන් මාස 6ක් පමණ රොගීව සිටිය හැක.
- තෙභෙට්ටුව
- උණ
- ඔක්කාරය
- කෑම අරුචිය
- සම හෝ ඇස් කහ වීම
- මුත්‍රා තද පැහැවීම
- මළ මැටි පැහැවීම
රෝගය වැළැක්වීම
ඉමියුන් ග්ලොබියුලීන් හෝ හෙපටයිටීස් ඒ එන්නත භාවිතයෙන් රෝගය වළක්වාගත හැක.
මූලාශ්‍ර
- "Hepatitis A Virus" (PDF). Department of Health and Human Services. සම්ප්‍රවේශය 4 June 2013.
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, හෙපටයිටීස් ඒ පිළිබඳ තොරතුරු, හෙපටයිටීස් ඒ යනු කුමක්ද? හෙපටයිටීස් ඒ යනු කුමක් දර්ශනය කරන්නේ?