35°48′N 128°6′E / 35.800°N 128.100°E හේඉන්සා (해인사, 海印寺: මුද්‍රා සමුද්‍රයේ විහාරය) යනුවෙන් හැඳින්වෙන්නේ කොරියානු සොන් බුද්ධාගමේ එන ජොග්යේ නිකායයෙහි (대한불교조계종, 大韓佛敎 曹溪宗) මූල විහාරයයි. මෙය දකුණු කොරියාවේ දකුණු ග්‍යොංසං පළාතේ ගයාසන් ජාතික උද්‍යානය (가야산, 伽倻山) තුළ පිහිටා ඇත. හේඉන්සා වඩාත්ම ප්‍රචලිත වී ඇත්තේ එහි තැන්පත් කොට ඇති ත්‍රිපිටක කොරියානා නම් වූ බෞද්ධ ත්‍රිපිටකය කැටයම් කළ දැව මුද්‍රණ ඵලක 81,350 නිසායි. මෙය 1398 සිට මෙම විහාරය තුළ පවතියි.
| යුනෙස්කෝ ලෝක උරුම අඩවිය | |
|---|---|
| පිහිටුම | දකුණු ග්‍යොංසං පළාත, දකුණු කොරියාව |
| නිර්ණායකය | සංස්කෘතික: iv, vi |
| මූලාශ්‍ර | 737 |
| අභිලේඛනය | 1995 (19 වන සැසිය) |
| ඛණ්ඩාංක | 35°48′N 128°06′E / 35.800°N 128.100°E |
දකුණු කොරියාව තුළ හේඉන්සා හි පිහිටුම | |
| කොරියානු නම | |
| හංගුල් | 해인사 |
|---|---|
| හන්ජා | 海印寺 |
| ප්‍රතිශෝධිත රෝමානුකරණය | Haeinsa |
| මැකූන්–රයිෂවර් | Haeinsa |
ත්‍රිරත්න විහාර අතුරින් එකක් ලෙස සැලකෙන හේඉන්සා මඟින් බුදුන් වහන්සේගේ ධර්මය සංකේතවත් කෙරෙයි. වර්තමානයෙහි පවා මෙම විහාරය සොන් (선, 禪) නිකායයෙහි වන්දනාවට ලක් වෙයි. 1993 දී මරණයට පත්වූ ප්‍රකට සොන් ආචාර්ය සොංචොල්ගේ (성철, 性徹) නිවහන වූයේ ද මෙම විහාරයයි.
ගැලරිය
මේවාත් බලන්න
- කොරියානු බෞද්ධ විහාර
- කොරියානු බුද්ධාගම
ආශ්‍රේයයන්
- orientalarchitecture.com. "Asian Historical Architecture: A Photographic Survey". www.orientalarchitecture.com.
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, හේඉන්සා පිළිබඳ තොරතුරු, හේඉන්සා යනු කුමක්ද? හේඉන්සා යනු කුමක් දර්ශනය කරන්නේ?