| හෝමෝ ඉරෙක්ටස් | |
|---|---|
| Reconstruction of a specimen from Tautavel, France | |
| විද්‍යාත්මක වර්ගීකරණය | |
| රාජධානිය: | අනිමාලියා |
| Phylum: | කෝඩේටා |
| වර්ගය: | මමාලියා |
| ගෝත්‍රය: | ප්‍රිමාටේස් |
| කුලය: | හොමිනිඩේ |
| ගණය: | 'හෝමෝ' |
| විශේෂය: | ''හෝ. ඉරෙක්ටස්'' |
| ද්වීපද නාමය | |
| †හෝමෝ ඉරෙක්ටස් (ඩුබෝයිස්, 1892) | |
| Synonyms | |
| |
හෝමෝ ඉරෙක්ටස් (ඉංග්‍රීසි: Homo erectus) යනු, "කෙලින් සිටගත් මිනිසා" යන අර්ථය ඇති, වසර මිලියන 1.8 කට පෙර පළමු ෆොසිල සාක්ෂියද 143,000 පමණ වසර ගණනකට පෙර ඉතා මෑත ෆොසිල සාක්ෂියද හමුවී ඇති, ප්ලයොසීන අවධියේ අවසානයෙහි සිට පසුකාලීන ප්ලෛස්ටොසීන අවධිය දක්වා ජීවත්වූ, වඳවී ගිය හොමිනින් විශේෂයකි.
සම්භවය
හෝමෝ ඉරෙක්ටස් මානවයා මීට වසර මිලියන 2.58 පමණ අතීතයේදී බිහිවන්නට ඇතිබව අනුමාන කෙරේ. ඔවුන්ට පෙර මිහිමත වාසය කලේ හෝමෝ හැබිලිස් මානවයා ය. ඇතැම් විද්‍යාඥයන් පවසන පරිදි හෝමෝ හැබිලිස් හා හෝමෝ ඉරෙක්ටස්ට අතරමැදිව හෝමෝ ඇගැස්ටර් නම් මානව විශේෂයක් ජීවත්වී ඇත.හෝමෝ ඉරෙක්ටස් මානවයාගේ විශේෂත්වය වන්නේ ඍජුකාය විලාසයයි.මොවුන් අප්‍රිකාව මධ්‍යම අසියාව හා ගිණිකොනදිග ආසියාව පුරා ව්‍යාප්තව පැවතින.මොවුන් ගින්දර භාවිතය හා ආහාර පිසීමට දැනසිටි මුල්ම මානවයාය. මොවුන් ජීවත්වූ ප්ලෙයිටෝසීන යුගය මිහිතලය මත ඉතා ශිත දේශගුණයක් පැවති සමයකි. මොවුන් උග්‍ර මාංශභක්ෂකයන් විය. එම නිසාම තියුණු ආයුධ භාවිතයක්ද පැවතිණ.
ගවේශන
වර්ගීකරණය
උප විශේෂ
- හෝමෝ ඉරෙක්ටස් ඉරෙක්ටස් (ජාවා මිනිසා)
- හෝමෝ ඉරෙක්ටස් යුඑන්මොඑසිස් (යුවන්මො මිනිසා)
- හෝමෝ ඉරෙක්ටස් ලැන්ටියනෙන්සිස් (ලැන්ටියන් මිනිසා)
- හෝමෝ ඉරෙක්ටස් නැන්කිනෙන්සිස් (නැන්ජින් මිනිසා)
- හෝමෝ ඉරෙක්ටස් පිකිනෙන්සිස් (පීකිං මිනිසා)
- හෝමෝ ඉරෙක්ටස් පැලියෝජාවානිකස් (මෙගන්ත්‍රොපස්)
ආයුධ භාවිතය
ආසියාවට අයත් චීනයේ ජාවා රටේ ආදී මානව වාසස්තාන වලින් හමු වූ ගල් මෙවලම් අප්‍රිකාවෙන් හා යුරෝපයෙන් හමු වූ ගල් මෙවලම් වලට වඩා නොදියුණු ප්‍රාතමික තත්වයක වූ බව කියන ඩේවිඩ්සන් බ්ලැක් සහ එච්. බ්‍රියුල් නම් පුරාවිද්‍යාඥවරු සත්ව ඇටකටු වලින් මෙවලම් තැනීමේ තාක්ෂණක් ආසියානු ආදී මානවයන් අතර පැවතී ඇති බව පවසයි.
ගින්දර භාවිතය
මේ මනුෂ්‍යයන් ගින්දර සොයා ගැනීම, එය නිපදවීම සහ බාවිතය උණුසුම් ලබා ගැනීම ,නපුරු සතුන්ගෙන් ආරක්ෂා වීම සහ ආහාර සකසා ගැනීම වැනි ප්‍රදාන කටයුතු වල වැදගත් සංවර්ධනයක් වීමට බලපා තිබේ.
ආහාර
මැමත්බයිසන් ගවයින්, මුවන්, බැබුන් වදුරන් ප්‍රදාන ආහාර වී ඇත.
මේවාත් බලන්න
මූලාශ්‍ර
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, හෝමෝ ඉරෙක්ටස් පිළිබඳ තොරතුරු, හෝමෝ ඉරෙක්ටස් යනු කුමක්ද? හෝමෝ ඉරෙක්ටස් යනු කුමක් දර්ශනය කරන්නේ?