පළමුවන ෆ්‍රැන්සිස් ශුද්ධෝත්තම පියතුමා හිටපු ශුද්ධවූ සභාවේ නායකයානන් වන අතර රෝමයේ අගරදගුරුතුමානන්ද වේ. මෙතුමානන් වතිකානයේ රාජ්‍ය නායකයානන්ද වේ. ආජන්ටිනාවේ බුවනෝස් අයර්ස් හීදි මෙතුමානන් ලොවට බිහිවිය. එතුමා පූජක පුතකු ලෙස පුහුණුව ලැබීම සඳහා දෙව්සත්හලට ඇතුලත්වීමට පෙර කෙටි කලක් රසායනාගාරයක තාක්ෂණික ශිල්පියකි වශයෙන්ද, රාත්‍රී සමාජශාලාවක ආරක්ෂක නිළධාරියකු වශයෙන් කටයුතු කර තිබේ. මෙතුමානන් 1969දී ජේසු නිකායික පියතුමකු වශයෙන් පූජකවරය ලබාගත් අතර 1973 සිට 1979 දක්වා ආජන්ටිනාවේ ප්‍රාදේශීය නායකයානන් ලෙස කටයුතු කර තිබේ. මෙතුමානන් 1969දී ජේසු නිකායික පියතුමකු වශයෙන් පූජකවරය ලබාගත් අතර 1973 සිට 1979 දක්වා ජේසු නිකායේ ආජන්ටිනානු ප්‍රාදේශීය නායකයානන් ලෙස කටයුතු කර තිබේ. තවද 1998 වසරේදි බුවනොස් අයර්ස් හි අගරදගුරු තුමන් ලෙස මෙතුමා පත්කරන ලද අතර 2001 වසරේ දි දෙවන ජුවාම් පාවුළු පාප් තුමන් අතින් කාදිනල් ධුරයට ඔසවන ලදි. 2013 පෙබරවාරි 28 දින 16 වන බෙනඩික් ශුද්ධෝත්තම පියතුමා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමත් සමඟ හිස් වූ පාප් තනතුර සඳහා එතුමන්ගේ අනුප්‍රාප්තිකයා ලෙස බර්ගොග්ලියෝ කාදිනල් තුමාව තෝරා ගන්නා ලදි.
ප්‍රැන්සිස් | |
|---|---|
| රෝමයේ රාජගුරුප්‍රසාදීන් වහන්සේ | |
ප්‍රැන්සිස් පාප්වහන්සේ 2014 වසරෙහිදී | |
| ස්වදේශික නම | ස්පාඤ්ඤ: ෆ්රැන්සිස්කෝ |
| සභාව | කතෝලික සභාව |
| පාප්වහන්සේ ධූර කාලය | 2013 මාර්තු 13 |
| ධූර කාලය අවසන | 2025 අප්‍රේල් 21 |
| පූර්වප්‍රාප්තිකයා | දහසයවන බෙනඩින්ට් |
| අනුප්‍රාප්තිකයා | දහහතරවන ලියෝ |
| ධූර තොරතුරු | |
| ප්‍රව්‍රජ්‍යාව | 13 දෙසැම්බර් 1969 by රාමොන් ජොසේ කැස්ටිලැනො |
| අභිෂේකය | 27 ජූනි 1992 by අන්තෝනියෝ ක්වර්රචිනෝ |
| කාදිනල් ධූරයට පත් කරනු ලැබුවේ | 21 පෙබරවාරි 2001 by දෙවන ජුවාම් පාවුළු පාප්වහන්සේ |
සාමාන්‍ය ජිවිතයේ දි ෆ්‍රැන්සිස් පාප් තුමන් නිහතමානි, සරල, අල්පේච්ඡ ජිවිතයක් ගතකරන පුද්ගලයකු ලෙස බොහෝ දෙනා අතර ප්‍රසිද්ධියක් උසුලයි. එපමණක් නොව දුප්පතුන්ට නිතරම දයාවන්ත පියකු වූ ෆ්‍රැන්සිස් ශුද්ධෝත්තම පියතුමන් දෙවිපියානන්ගේ අසීමිත දයාව පිළිබඳ ජිවමාන් සාක්ෂියක් විය. ශුද්ධ වූ සභාව වඩාත් විවුත හා කාලානුරුපි වී යුතුයි යන්න එතුමන්ගේ මතයයි. අසීමිත හා නොහික්මුණු අන්දමින් ධනය රැස් කිරීම හා මාක්ස්වාදි සංකල්පවලට එතුමන්ගේ විරෝධය ප්‍රකාශ කල අතර ගබ්සාව, අන්‍යාස මරණය, ගැබ්ගැනීම වැලැක්වීමේ උපක්‍රම, සමලිංගිකතාව, කාන්තාවන් සඳහා පුජාත්වරය පිරිනැමීම හා පුජකතුමන්ලාගේ බ්‍රහ්මචාරි ජීවිතය පිලිබඳ වූ ශුද්ධ වූ සභාවේ සම්ප්‍රදායන් ඒ ආකාරයයෙන්ම ආරක්ෂා කරන ලදි. පාරිබෝගික අයිතීන් ආරක්ෂා කිරීම වෙනුවෙන් හා වගකීම් සහිත වූ සංවර්ධනයක් වෙනුවෙන් එතුමන් හඬ නැගීය. එතුමන් විසින් ප්‍රකාශයට පත්කරන ලද “වේ ප්‍රසංසා” යන විශ්ව ලේඛනය තුළින් දේශගුණ විපර්යාස පිලිබඳ ප්‍රබල ජාත්‍යන්තර කතිකාවතක් ඇති කිරීමට සමත් විය.
පාප් පදවියට පත් වීමෙන් පසු ෆ්‍රැන්සිස් යන නාමය ලබාගත් මෙතුමාගේ පෞද්ගලික නාමය වූයේ ජෝර්ජ් මාරියෝ බර්ගොග්ලියෝ (Jorge Mario Bergoglio) යන්නයි. ජෝර්ජ් මාරියෝ බර්ගොග්ලියෝ උපත ලැබුවේ 1936 දෙසැම්බර් 17 වැනි දින ආර්ජන්ටිනාවේ බුඑනොස් එයර්ස්හි (Buenos Aires) ෆ්ලොරේස් (Flores) නම් දිස්ත්රික්කයෙදි ය. දරුවන් පස් දෙනෙකුගෙන් යුත් පවුලක වැඩිමලා ලෙස ඔහු උපත ලැබුවේය. ඔහුගේ පියා මාරියෝ ජොසේ බර්ගොග්ලියෝ ඉතාලියෙන් අර්ජන්ටිනාවට සංක්‍රමණය වූ පුද්ගලයෙක් විය. පියා වෘත්තියෙන් ගණකාධිකාරිවරයෙක් විය. ඔහුගේ මව රෙජිනා මාරියා සිවොරිය. ගෘහණියක් වූ ඇය ආර්ජන්ටිනාවේ බුඑනොස් එයර්ස් හි උපත ලබා ඇතත් ඇයට තිබුනෙත් ඉතාලි සම්භවයකි.1929 වර්ෂය වනතුරු මාරියෝ ජොසේලා ජීවත්ව තිබෙන්නේ ඉතාලියේ ය. ඒ වුනත් 1929න් පසුව මෙම පවුලේ උදවිය ආර්ජන්ටිනාවේ පදිංචියට පැමිණ තිබේ. ඔවුන් තමන් ඉපදුන මුල් ගම් බිම් වෙනස් කිරීමට හේතු වි ඇත්තේ අන් කවර හේතුවක් නිසාවත් නොව මොසොලිනිගේ පාලනයට නොකැමැත්තෙන් බව පැවසේ. මේ වග සාක්ෂි සහිතව ප්‍රකාශ කරන්නේ මරියා එලේනා ය. මරියා එලේනා ෆ්‍රැන්සිස් ශුද්ධෝත්තම පියතුමන්ගේ සොහොයුරියයි. මරියා එලේනා හැරුනු විට ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ සෙසු සහෝදර සහෝදරියන් මේ වනවිට ජිවිතක්ෂයට පත්ව ඇත. පියා ආර්ජන්ටිනාවේ ජිවත් වුවද ඉතාලියට බෙහෙවින් ආදරය කළ පුද්ගලයෙකු බව ඈ පවසන්නීය.
අමතර අවධානයට
- වත්මන් කිතුනු නායක ලැයිස්තුව
- වත්මන් රාජ්‍ය නායක ලැයිස්තුව
- List of people beatified by Pope Francis
- List of popes
සටහන්
මූලාශ්‍ර
- නව යුගය විශේෂ කලාපය, ලේක් හවුස් ප්‍රකාශන, පිටු 3,4
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ෆ්‍රැන්සිස් පාප්වහන්සේ පිළිබඳ තොරතුරු, ෆ්‍රැන්සිස් පාප්වහන්සේ යනු කුමක්ද? ෆ්‍රැන්සිස් පාප්වහන්සේ යනු කුමක් දර්ශනය කරන්නේ?