ඉංග්‍රීසි ජාතික අධ්‍යාපනඥයෙක් වූ ෆ්‍රෑන්ක් ලී වුඩ්වර්ඩ්පාලි භාෂා උගතෙක් මෙන් ම පරමවිඥානාර්ථවාදියෙක් සහ බෞද්ධ ග්‍රන්ථ කර්තෘවරයෙක්ද විය. ථේරවාද බුදුහම පිළිබද මනා හැදෑරීමකින් සිටි ඔහු ඒ ආශ්‍රිත සාහිත්‍යයටකර ඇති සේවාව අතිමහත් ය. පාලි ත්‍රිපිටකයේ වෙලුම් 42කින් 18ක් ම ඔහු විසින් ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කරන ලද අතර දීඝ නිකාය, මජ්ඣිම නිකාය, සංයුක්ත නිකාය සහ අංගුත්තර නිකායේ සම්පූර්ණ පරිවර්තන ඒ අතර වේ. කිසිදු ලාභාපේක්ෂාවකින් තොර ව කරන ලද මෙම සේවය වෙනුවෙන් හෙතෙම ලන්ඩනයේ පාලි ග්‍රන්ථ සමාගමේ නිර්මාතෘ වූ රීස් ඩේවිඩ්ස් පඩිතුමන්ගේ ඉමහත් පැසසුමටද ලක්විය. ඔහු විසින් ලියන ලද Some sayings of the Buddha නම් ග්‍රන්ථයද බටහිර ලෝකයා තුළ බුදුදහම පිළිබද අවබෝධය පුළුල් කිරීමට හේතු විය.
එෆ්. එල්. වුඩ්වර්ඩ් | |
|---|---|
ෆ්‍රෑන්ක් ලී වුඩ්වර්ඩ් | |
| උපත | 1871 අප්‍රේල් 13 සහම් ටෝනි, නෝෆෝක්, එංගලන්තය |
| මියගිය දිනය | 1952 මැයි 27 බීකන්ස්ෆීල්ඩ් රෝහල, වෙස්ට් ටැමර්, තස්මේනියාව |
| ජාතිකත්වය | ඉංග්‍රීසි |
| අධ්‍යාපනය | Christ's Hospital (the Bluecoat School), London Sidney Sussex College, Cambridge |
| රැකියාව | විදුහල්පතිවරයෙක්, ලේඛකයෙක් |
| දෙමව්පියන්(s) | විලියම් වුඩ්වර්ඩ් එලිසබෙත් මේරි ඈන් |
| ආගම | බුද්ධාගම, පරමවිඥානාර්ථවාදය |
ඕල්කට්තුමන්ගේ ඇරයුමින් ගාල්ල මහින්ද විද්‍යාලයේ විදුහල්පතිවරයකු වශයෙන් 1903 සහ 1919 අතර වසර 16ක් තිස්සේ සේවය කළ ඔහු එම විදුහල නගා සිටුවීමට වඩාත් ම දායක වූ චරිතය වශයෙන් සැලකෙයි. මහින්ද විද්‍යාලය වත්මන් භූමියට ගෙන ඒමට කටයුතු කළ ඔහු එහි ප්‍රධාන ශාලාව වන ඕල්කට් ශාලාවේ ගෘහනිර්මාණ ශිල්පියාද වෙයි. ශ්‍රී ලංකාවේ කටයුතු කළ කාලය තුළ එවක දිවයිනේ පළ වූ ප්‍රමුඛ ම බෞද්ධ සගරාවේ සංස්කාරකවරයා ව ද කටයුතු කළේ ය. ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාලයක් පිහිටුවීමට ද ඔහු මුල් වී ක්‍රියා කළේ ය. සිංහල භාෂාව කේම්බ්‍රිජ් විභාග විෂයක් වශයෙන් ඇතුළත් වූයේ ද ඔහුගේ කැපවීම මත ය. මහින්ද විද්‍යාලය හැරයාමෙන් අනතුරු ව තස්මේනියාවේ යෝගී දිවියක් ගත කරමින් පරිවර්තන කටයුතුවල නිරත වූ හෙතෙම එහි දී අභාවප්‍රාප්ත විය.
වුඩ්වර්ඩ් විසින් රචිත කෘති
මේවාද බලන්න
ආශ්‍රිත නාමාවලිය
- Jayetilleke, Rohan L. (January 3, 2007). "Frank Lee Woodward erudite Pali scholar and translator" (PDF). Budu Sarana. සම්ප්‍රවේශය 2010-08-15.
{{cite web}}: line feed character in|first=at position 7 (help); line feed character in|publisher=at position 6 (help); line feed character in|title=at position 6 (help) - Heyward, Nigel (1990). "Woodward, Frank Lee (1871 - 1952)". Australian Dictionary of Biography Online. සම්ප්‍රවේශය 2010-08-15.
{{cite web}}: line feed character in|publisher=at position 25 (help); line feed character in|title=at position 10 (help) - උපුටාදැක්වීම් දෝෂය: අනීතික
<ref>ටැගය;oboනමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ෆ්‍රෑන්ක් ලී වුඩ්වර්ඩ් පිළිබඳ තොරතුරු, ෆ්‍රෑන්ක් ලී වුඩ්වර්ඩ් යනු කුමක්ද? ෆ්‍රෑන්ක් ලී වුඩ්වර්ඩ් යනු කුමක් දර්ශනය කරන්නේ?