ෆෝමෝසා පළාත යනු ඊසාන දිග ආර්ජන්ටිනාවේ පළාතක් වන අතර, ග්‍රන් චකෝ ප්‍රදේශයෙහි කොටසකි. එහි ඊසාන දිග කෙළවර ඇසුන්සියොන්, පැරගුවේ හමුවන අතර, එයට දකුණෙන් හා බටහිරින් පිළිවෙලින් චකෝ සහ සල්ටා පළාත් වලින් මායිම් වෙයි. අගනගරය ෆෝමෝසා වෙයි.
| ෆෝමෝසා | |
|---|---|
| පළාත | |
ධජය Coat of arms | |
| රට | ආර්ජන්ටිනාව |
| අගනගරය | ෆෝමෝසා |
| ආණ්ඩුව / පරිපාලනය | |
| • ආණ්ඩුකාර | ජිල්ඩෝ ඉන්ස්ෆ්‍රාන් |
| • සෙනෙට් මන්ත්‍රීවරුන් |
|
| සරිය | |
| • මුළු | 72,066 කිමී2 (27,825 සතරැස් සැත) |
| ජනගහණය(2010) | |
| • මුළු | 530,162 |
| • ඝණත්වය | 7.4/කිමී2 (19/වර්ග සැත) |
| ජනනාමය(න්) | ෆෝමොසෙනො |
| වේලා කලාප | ART (UTC−3) |
| ISO 3166 කේතය | AR-P |
| වෙබ් අඩවිය | formosa.gov.ar |
එය සහසිද්ධිමය ලෙසින්, පෙරදී "ෆෝමෝසා " ලෙසින් හැඳික්වුනු තායිවායිනයට, ප්‍රතිධ්‍රැව ලෙසින් පිහිටයි.
ඉතිහාසය
මෙම භූමිප්‍රදේශයේ දේශීය නිවැසියන් අතර පිලාගිවරුන්, විචිවරුන් සහ ටෝබාවරුන් වූ අතර ඔවුන්ගේ භාෂා තවමත් පළාත තුල කථනයෙහි භාවිතා වෙති.
පේරූ ප්‍රතිරාජ ප්‍රදේශය සිට ඇසුන්සියොන් වෙත ගමන් මාර්ගයක් සොයාගැනීමට උත්සාහ දැරූ සෙබස්තියන් ගැබෝටො සහ දියගෝ ගර්සියා යන දෙදෙන 16වන සියවසෙහි මුල් භාගයෙහිදී මෙම ප්‍රදේශය ගවේෂණය කලහ. පිල්කොමායෝ සහ බර්මේහෝ ගංගා අතිශයින් නොගැඹුරු වූයෙන්, ඇසුන්සියොන් වෙත මං පෙතක් දැමුමේ උත්සාහයන් අත්හරින ලදි.
ප්‍රදේශයේ පළමුවන යුරෝපියානු ජනාවාසයවූ, කන්සෙප්සියන් ඩෙල් බර්මේහෝ, පිහිටුවන ලද්දේ 1585දීය. 1810 ගණන් වලදී ආර්ජන්ටියානු හා පැරගුවානු නිදහස ප්‍රකාශයට පත් කිරීමත් සමග, මෙම ප්‍රදේශය ජාතීන් දෙක අතර මතභේදයට තුඩු දුන් අතර, ත්‍රිත්ව සන්ධානයේ යුද්ධය (1865–70) අවසන් වන තුරුම එය නොවිසිඳිනි. කොමාන්ඩර් ලුයිස් හෝර්කේ ෆොන්ටානා විසින් 1879දී ෆෝර්මෝසා ජනාවාසය පිහිටුවන ලද අතර, මෙම දුරස්ථ ප්‍රදේශය ජාතික අවධානයට යොමු කොට 1884 වන විට ප්‍රාදේශීක පිළිගැනුම් තත්ත්වයක් හිමි කර දීමට උපකාර විය.
1914 වන විට ෆෝමෝසාවේ වැසියන් 20,000 ට අඩු ප්‍රමාණයක් සිටියහ; එනමුදු, 1955 වන විට ජනාධිපති ජුවන් ඩොමින්ගෝ පෙරෝන් විසින් නිකුත්කෙරුණු ආඥාවක් පරිදී එය පළාතක තත්ත්වය හිමි කර ගනිද්දී, එහි වැසියන් 150,000 ට වැඩි ගණනක් සිටියහ. 1947දී දේශීය සුදු ජාතිකයන් විසින් පශු අනුචාරී (එඞේර) ඇමරින්දියානුවන් ගොදුරු කරගනිමින් සිදු කළ රින්කොන් බොම්බා සමූලඝාතනයෙන් පසුව, ජනාධිපති පෙරෝන් විසින් ඉඩම් ප්‍රතිසංස්කරණ වැඩ පිළිවෙලක් දියත් කරන ලදි; කෙසේවෙතත්, 1955 දී ඔහු බලයෙන් පහ කෙරෙද්දී, මෙම වැඩ පිළිවෙල මගින් නිකුත් කර තිබුණේ ඉඩම් ඔප්පු 4,000 පමණ ප්‍රමාණයක් පමණි. සාපේක්ෂ වශයෙන් ඒකාකාර ලෙසින් වුව, දිගටම සෙමෙන් වර්ධනය වීමෙන් පසු, ඊසාන දිග ජාතික විශ්වවිද්‍යාලයේ ෆෝමෝසා මණ්ඩපය, 1988 දී ෆෝමෝසා ජාතික විශ්වවිද්‍යාලය ලෙසින් පිහිටුවන ලදි.
භූගෝලය සහ දේශගුණය
භූගෝලීය ඛණ්ඩාංක 26° - 22°30' දකුණ, සහ 57°30' - 62°25' බටහිර අකර පිහිටන තැනිතලාව, බෙර්මිහෝ සහ පිල්කොමායෝ ගංගා අතරින් දිවෙන අතර ගිණිකොන දෙසට සුළු ආනතියක් දක්වයි. මෙම සමතල බව නිසා, ගං ඉවුරු ස්ථායි නොවෙමින්, සෙමෙන් යළි ගංගාවට එක්වන කුඩා කලපු බිහි කරයි. සාමාන්‍ය වාර්ෂික උෂ්ණත්වය 21°C වන අතරෙ, ගිම්හානයේදී එය 45°C තරම් ඉහළ නැගිය හැක.
උපනිවර්තන කාලගුණයෙහි ලක්ෂණ වන්නේ, නැගෙනහිර ප්‍රදේශයේ ඒකාකාරි වාර්ෂීක වැස්ස (1000 මිමී වාර්ෂික) සහ, පළාතෙහි ඉතිරි කොටස තුල වියලි ශීත සෘතුවක් (80 මිමී) ලෙසිනි. ආර්ද්‍රතාවයෙහි විචලනය නිසා, එක් පසෙක කැලෑ වෘක්ෂලතාදියද, අනෙක් පසෙහි චකිනො කැලෑවද වශයෙන් පවතියි. සල්ටා පළාතෙහි පවතින සීමාව හැඳින්වෙන්නේ අවේධ්‍ය ලෙසිනි.
ෆෝමෝසාහී රක්ෂිත ප්‍රදේශයන් වන්නේ රියෝ පිල්කොමායෝ ජාතික වනෝද්‍යානය සහ ෆෝමෝසා ජාතික අභය භූමිය වෙති.
ආර්ථිකය
දුරස්ථව පිහිටීම සහ අවාසිදායක භූගෝලීය හා දේශගුණික තත්ත්වයන් නිසා, බොහෝ කලක සිට ෆෝමෝසාවේ ආර්ථිකය, ආර්ජන්ටිනාවේ දුගීතම ආර්ථිකය විය. 2006 දී එහි ආර්ථිකය ඇස්තමේනුතුගත කර තිබුණේ US$2.1 බිලියන හෝ, ඒක පුද්ගල US$4,280 ලෙසිනි. එහි ආර්ථිකය, ආර්ජන්ටිනාවේ තුන්වන කුඩාම සහ දෙවන අඩුම සංවර්ධිත ආර්ථිකය වුවද, 2002 පටන් ආර්ජන්ටිනාවේ සමුත්ථානයට නො අඩුව රුකුල් දුනි.
අඩුවෙන් කාර්මීකරණට ලක්වූ, ෆෝමෝසාවේ ආර්ථිකය පදනම්ව ඇත්තේ ගව පාලනය සහ පුළුන් සහ පළතුරු වගාව වැනි කෘෂිකාර්මික කටයුතු මත වන අතර මේවා බෙහෙවින් කේන්ද්‍රගතව ඇත්තේ පටීනෝ, පිලාගාස් සහ පිල්කොමායෝ පාලනාංශ තුලය.
දේශපාලන කොට්ඨාශ
පළාත පාලනාංශ නවයකට බෙදා ඇත:
පාලනාංශය (අගනුවර)
| පාලනාංශය | නගර ශීර්ෂකය | අනෙකුත් පුරවර |
|---|---|---|
| බෙර්මීහෝ | ලගූනා යෙමා | ලොස් ෂිරිග්වොන්, පෝසො ඩි මාසා, පෝසෝ ඩෙල් මොර්ටේරො |
| ෆෝමෝසා | ෆෝමෝසා | කොලෝනියා පස්ටොරිල්, ග්‍රන් ගාර්ඩියා, සන් හිලාරියෝ, මරියානා බොයිඩෝ, මොහොන් ඩි ෆියරෝ, වීලා ඩෙල් කාර්මෙන්, වීලා ට්‍රිනිඩාඩ් |
| ලයිෂි | සන් ෆ්‍රන්සිස්කෝ ඩි ලයිෂි | බන්කෝ පයගුවා, ජෙනෙරාල් ලූසියෝ වී. මන්සීලා, හෙරාඩූරා, ටටානෙ, වීලා එස්කොලර් |
| මාටාකෝස් | ඉන්ජෙනියරෝ කුවාරෙස් | |
| පතීනෝ | කොමන්දන්තේ ෆොන්ටානා | බාර්ටොලෝමේ ඩ ලාස් කසාස්, කොලෝනියා සර්මියන්ටෝ, එල් රික්රීයො, එස්ටැනිලාඹ් ඩෙල් කම්පෝ, ෆෝර්ටීන් ලේයෙ, ෆෝර්ටීන් ලුගෝනෙස්, ජෙනෙරාල් මනුවෙල් බෙලෙග්‍රානො, ඉබාරේටා, ජුවන් ජී. බාසාන්, ලස් ලොමිටාස්, පොස්ටා කම්බියො සලාසාර්, පෝසො ඩෙල් ටීග්‍රේ, සන් මර්ටීන්, සුබ්නෙටියෙන්ටේ පෙරින්, වීලා ජෙනෙරාල් ගොයෙමෙස් |
| පිලාගස් | එල් එස්පිනිල්ලෝ | බුවෙනා වීස්ටා, මිසියොන් ටාග්ලේ, පොර්ටොන් නේගොරො, ට්‍රෙස් ලගූනස් |
| පිල්කොමායෝ | ක්ලොරින්ඩා | ලගූනා බ්ලන්කා, ලගූනා නයික් නෙක්, පල්මා සෝලා, පුවර්ටෝ පිල්කොමායෝ, රියාෂො හෙ-හේ, රියාෂො නේග්රෝ, සියෙටේ පල්මාස් |
| පිරාන් | පිරාන් | එල් කොලොරාඩො, මයෝර් විසෙන්ටෙ වීලෆ්‍රංජේ, පලො සන්ටෝ, වීලා ඩොස් ට්‍රෙසේ |
| රමොන් ලිස්ටා | ජෙනෙරාල් මොස්කොනි | එල් පොට්‍රිලෝ |
ආශ්‍රිත
- තායිවානය
- රොක්, ඩේවිඩ්. ආර්ජන්ටිනා: 1516-1982. කැලිෆෝර්නියා විශ්වවිද්‍යාලීය මුද්‍රණාලය, 1987.
- I.A.D.E.R, http://www.iader.org.ar/, ප්‍රතිෂ්ඨාපනය 2013-05-01
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ෆෝමෝසා පළාත පිළිබඳ තොරතුරු, ෆෝමෝසා පළාත යනු කුමක්ද? ෆෝමෝසා පළාත යනු කුමක් දර්ශනය කරන්නේ?