කි.ව. 111 සිට කි.ව. 114 දක්වා රජ කළ වංකනාසික තිස්ස (හෙවත් වකුනැහැ තිස්) යනු පළමුවෙනි ලම්බකර්ණ රාජවංශයට අයත් සිංහල රජෙකි. ඔහුට පෙරින් ඔහු ගේ පියා වූ වසභත් ඔහු ගෙන් පසු ඔහු පුත් පළමුවෙනි ගජබාත් රජ විය.
ඔහු රජ කළ සමයේ දී, දුඨග හා උත්තර නම් පෙදෙසි පාලකයන් දෙ දෙනෙක් පිළිවෙලින් වත්මන් තම්මැන්නාව හා මොනරාගල හා යන පෙදෙස් පාලනය කළ හ යි තම්මැන්නාවෙන් හැබැස්සෙන් හමු වූ සෙල්ලිපි පවසයි.
ඔහු ගේ පාලන සමයේ දී දිවයින ඇක්මුණු කරිකාල චෝළ නම් සොළී රජ මහ කාවේරි වේල්ල ඉදිකිරීමෙහි වහලුන් ලෙස වැඩ කිරීමට සිංහලයන් 12,000 ක් ගෙනැගිය.
මේවාද බලන්න
- සිංහලේ රාජාවලිය
- මහාවංශය
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, අනුරාධපුරයේ වංකනාසික තිස්ස රජ පිළිබඳ තොරතුරු, අනුරාධපුරයේ වංකනාසික තිස්ස රජ යනු කුමක්ද? අනුරාධපුරයේ වංකනාසික තිස්ස රජ යනු කුමක් දර්ශනය කරන්නේ?