අමුන්

අමුන් පුරාණ ඊජිප්තු දෙවියෙකි. අමෙන්, ආමෙන් යන නම්වලිනුදු හැඳින්වෙන්නේ මෙම දෙවියන් මැ යි. හේ බොහෝ අවස්ථාවල මිනිස් හිසක් සහ මිනිස් සිරුරක් සහිත දෙවියෙකි. සමහර අවස්ථාවල හේ බැටළු හෝ එළු හිසක් ඇත්තෙක් වී. තීබ්ස් නගරයේ උත්තරීතර දෙවියා වූ ඔහුට නිල් පැහැති සමක් ඇත. ග්‍රීකයන් තම සියුස් දෙවියන් නිර්මාණය කර ගත්තේ මේ දෙවියන් ඇසුරිනි. අමෙන් දෙවියන්ගේ හිස මත පිහාටු වලින් සෑදූ හිස්වැස්මක් ඇති අතර සමහර නිරූපණයන් වල එම හිස්වැස්ම මත සූර්ය තැටියක් ද වේ. (හිස්වැස්මේ ස්වාමියා?)

අමුන්
● දෙවියන්ගේ රජුන්
නව රාජධානි සමයේ දී ප්‍රසිද්ධ වූ මේ අමුන් දෙවියන්ගේ එක් වේෂයකදී ඔහුගේ හිස මත පිහාටු ඔටුන්නක් සහ අත්හි ආයුධයක් සහ අන්ක් භාණ්ඩය ඇත
නාමය රූපාක්ෂරවලින්

ප්‍රධාන වන්දනා මධ්‍යස්ථානයතීබ්ස්
සංකේතයහිස මත ඇති පිහාටු දෙක, බැටලු හිස ස්ෆින්ක්ස් ප්‍රතිමා
වල්ලභයා
පැවතෙන්නාඛොන්සු
ග්‍රීක සමානයාසියුස්

අමෙන්ගේ ප්‍රධාන බිරිඳ වූයේ මුට් දෙවඟන යි. ඔවුන්ගේ පුතු වූයේ චන්ද්‍ර දෙවි ඛොන්සු ය.

අමෙන්ගේ ඉතිහාසය රා විසින් ලෝකය මැවීමේ යුගය දක්වා ඈතට විහිදේ. රා දෙවියන් සිටි බිත්තරය රකිමින් සිටි මුල් දෙවිවරුන් අතරේ ද අමෙන් සිටී. එ කල ඔහුගේ බිරිඳ වූයේ අමුනෙට් ය.  

අමෙන් නවරාජධානි සමයේ වැදැගත්කමින් වැඩි සහ ජනප්‍රිය දෙවියෙක් වී. එ කල රජවරුන්ගේ නම් වලට පවා අමෙන් යන වදන එක් වීම ඊට නිදසුනක් ලෙස ගත හැකි යි. (අමෙන්හොටෙප් III) මහ දෙවි රා ගේ තත්ත්වයටම බලගතු වූ මේ දෙවියන් පසු කලෙක අමෙන්-රා ලෙස ද හැඳින්විණි.

අමෙන් දෙවිගේ හා ඔහුගේ පවුලේ උදවියගේ නිවාසය වූයේ ලෝකයේ ඇති විශාලතම පුරාණ ගොඩනැගිල්ල වන කාර්නැක් දෙවොල යි.

අමුන්ගේ වේෂ කිහිපයක්

}}

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, අමුන් පිළිබඳ තොරතුරු, අමුන් යනු කුමක්ද? අමුන් යනු කුමක් දර්ශනය කරන්නේ?