කණ්ඨිකා අස්ථිය (කණ්ඨිකාව හෝ ජිහ්ව-අස්ථිය) (/ˈhaɪɔɪd/; ) යනු ගෙලෙහි මධ්‍ය රේඛාවේ නිකට සහ තයිරොයිඩ් කාටිලේජය අතර පිහිටි අශ්වලාඩම් හැඩැති අස්ථියකි. නිශ්චල අවස්ථාවේ එය පූර්වයෙන් අධෝහනුවේ පාදම සහ පසුපසින් තෙවන ග්‍රෛවී කශේරුකා (C3) මට්ටමේ පිහිටයි.
| කණ්ඨිකා අස්ථිය | |
|---|---|
ගෙලේ පූර්ව පෙදෙසේ පිහිටි කණ්ඨිකා අස්ථිය දේහයකින් සහ අං යුගල දෙකකින් සමන්විත ය. | |
| තොරතුරු | |
| ලතින් | os hyoideum |
| පූර්වජ | 2වන සහ 3වන ජලක්ලෝම වක්‍ර |
| හඳුන්වනයන් | |
| ග්‍රේ ගේ | p.177 |
| MeSH | A02.835.232.409 |
| TA | A02.1.16.001 |
| FMA | 52749 |
| ව්‍යූහ විද්‍යාත්මක ශබ්දමාලාව | |
අනෙක් අස්ථි මෙන් නොව, කණ්ඨිකාව අනෙක් අස්ථිවලට දූරස්ථව සන්ධානය වන්නේ පේශි හෝ බන්ධනි මගින් පමණි. කණ්ඨිකාවට පූර්ව, අපර සහ අධර දිශාවලින් පේශි සම්බන්ධ වන අතර, එය දිවෙහි චලනය සහ ගිලීම සඳහා ඉවහල් වේ. කණ්ඨිකාව ඉහළින් මුඛයේ පත්ලේ සහ දිවෙහි පේශීත්, පහළින් ස්වරාලයේ සහ පසුපසින් අපිජිහ්විකාවේ සහ ග්‍රසනිකාවේ පේශී සම්බන්ධ වීමට පෘෂ්ඨ සපයයි.
මෙහි ඉංග්‍රීසි නාමය වන “Hyoid” යන්න පැනනැගී ඇත්තේ ග්‍රීක බසින් hyoeides යන්නෙහි අර්ථය "උප්සිලෝන් (υ) අක්ෂරයේ හැඩය ඇති" යන වදනෙනි.
ව්‍යූහය
කණ්ඨිකා අස්ථිය අක්‍රමවත් අස්ථියක් ලෙස වර්ග කෙරෙන අතර, එය දේහය නම් මධ්‍ය කොටසකින් සහ අං යුගල දෙකකින් සමන්විත ය. මෙම අං යුගල දෙක මහා සහ කුඩා අං ලෙස හැඳින්වේ.
අමතර පින්තූර
- කණ්ඨිකා අස්ථියේ පිහිටීම (රතු පැහැයෙන් පන්වා ඇත).
- කණ්ඨිකා අස්ථියේ හැඩය.
මේවාත් බලන්න
ආශ්‍රේයයන්
මෙම ලිපියේ ග්‍රේ'ස් ඇනටමි 20වන සංස්කරණයේ (1918) පෙළ ඇතුළත් වන අතර එය පොදු වසමෙහි පවතියි
- සැකිල්ල:EmbryologyUNC
- Oxford English Dictionary 2nd edition, 1989.
- Entry "hyoid" in Merriam-Webster Online Dictionary.
- Dorland illustrated medical dictionary
- American heritage dictionary for english language
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, කණ්ඨිකා අස්ථිය පිළිබඳ තොරතුරු, කණ්ඨිකා අස්ථිය යනු කුමක්ද? කණ්ඨිකා අස්ථිය යනු කුමක් දර්ශනය කරන්නේ?