දිනේෂ් චන්දිමාල්

ලොකුගේ දිනේෂ් චන්දිමාල් (ඉංග්‍රීසි: Dinesh Chandimal; උපත 18 නොවැම්බර් 1989) යනු වෘත්තිමය ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්‍රීඩකයෙක් මෙන් ම හිටපු ශ්‍රී ලංකා සීමිත ඕවර ක්‍රිකට් නායකයෙක් ද වෙයි. දක්ෂ සහ ජව සම්පන්න දකුණත් පිතිකරුවකු වන මොහු සියලු ආකෘතිවල කඩුලු රකින්නා වෙයි. හේ දැනට ටෙස්ට්, එදිජා සහ වි20ජා යන සියලු ආකෘතිවල උප නායකයා ද වෙයි.

දිනේෂ් චන්දිමාල්
Dinesh Chandimal
පුද්ගලික තොරතුරු
සම්පූර්ණ නමලොකුගේ දිනේෂ් චන්දිමාල්
උපත18 නොවැම්බර් 1989 (1989-11-18) (වයස 36)
බලපිටිය, ශ්‍රී ලංකාව
අපනාමයචන්ඩි
දේශීය කණ්ඩායම් තොරතුරු
වසරකණ්ඩායම
2009–වර්තමානයනොන්ඩෙස්ක්‍රිප්ට්ස් ක්‍රිකට් සමාජය
2010–වර්තමානයරුහුණ (squad no. 17)
2012රාජස්තාන් රෝයල්ස්
වෘත්තියමය සංඛ්‍යාන
කරගාවලි ටෙස්ට් එදිජා වි20ජා පපෙ
තරග 80 157 68 76
රැස් කල ලකුණු 5,575 3,854 1062 5,698
ලකුණු රැස් කිරීමේ සාමාන්‍යය 44.25 31.85 19.66 50.42
100ඒවා/50ඒවා 15/27 4/24 0/6 16/29
වැඩිම ලකුණු 206* 111 66* 244
යැවුනු පන්දු 36
කඩුළු 1
පන්දු යැවීමේ සාමාන්‍යය 18.00
ඉනිමකදී කඩුළු පහක් 0
තරගයකදී කඩුළු 10 ක් 0
හොඳම පන්දු යැවීම 1/13
පන්දු ඇල්ලීම්/ස්ටම්ප්කිරීම් 52/10 52/6 25/2 129/23
මූලාශ්‍රය: ඊඑස්පීඑන්ක්‍රික්ඉන්ෆෝ, 2024 9 සැප්තැම්බර්

චන්දිමාල් 2012 අයිසීසී ලෝක විස්සයි20 තරගාවලියේ දෙවැනි තැන ගත් කණ්ඩායමේත් 2014 අයිසීසී ලෝක විස්සයි20 තරගාවලියේ ජයග්‍රාහක කණ්ඩායමේත් ප්‍රධාන කාර්යභාරයක් ඉටු කළ ක්‍රීඩකයෙකි. 2014 අයිසීසී ලෝක විස්සයි20 තරගාවලියේ පළමු කාණ්ඩයේ තරගවල දී ඔහු ශ්‍රී ලංකා පිලට නායකත්වය දුන් නමුදු, මඳ ඕවර සීඝ්‍රතාවය නිසා ඔහුට තරග තහනමක් පැනවුණෙන් ඉනික්බිති තරගාවලියේ සෙසු තරග සඳහා ඔහුට කණ්ඩායමේ සිය ස්ථානය ද අහිමි විය. නිත්‍ය නායකයා නොමැති විටෙක චන්දිමාල් බොහෝ විටෙක වි20ජා නායකයා ලෙසින් පත් කෙරෙයි.

පාසල් ක්‍රිකට්

ගැටවරයකු ලෙසින් චන්දිමාල් ඔහු ගේ ක්‍රිකට් අභිවෘත්තිය ඇරැඹූයේ ඔහු ගේ පළමු පාසල වූ අම්බලන්ගොඩ, ධර්මාශෝක විද්‍යාලයෙනි. පසුව ඔහු අධ්‍යාපනය සඳහා කොළඹ, ආනන්ද විද්‍යාලයට ඇතුළු වූ අතර, එහි දී වයස-17 න් පහළ පිලට නායකත්වය දිනි. 2008 වසරේ දී, විදුහලේ මුල් පෙළ ක්‍රිකට් පිලේ නායකයා වශයෙන් පත් කෙරුණු හේ, එම තරග වාරයේ දී විදුහලට එකහෙළා ජයග්‍රහණ 13 ක් හිමි කර දෙමින් ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් ඉතිහාසයේ නව සටහන් තැබී ය. මුළු ලකුණු 1,580 ක් සහිතව 1,000 ලකුණු ගණන අබිබවා ගිය පළමු පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා වූ අතර, 2009 වසරේ දී වසරේ පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානය හිමි කර ගති. පාසලින් ඉවත්වූ පසු, හේ නොන්ඩෙස්ක්‍රිප්ට්ස් ක්‍රිකට් සමාජය හා එක් විය.

ජාත්‍යන්තර ශතක

ටෙස්ට් ශතක

දිනේෂ් චන්දිමාල් ගේ ටෙස්ට් ශතක
අංකය ලකුණු තරගය එරෙහිව නගරය/රට ස්ථානය දිනය ප්‍රතිඵලය
[1] 116 6  බංග්ලාදේශය ගාල්ල, ශ්‍රී ලංකාව ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණය 9 මාර්තු 2013 ජය පැරදුමෙන් තොර
[2] 102 7  බංග්ලාදේශය කොළඹ, ශ්‍රී ලංකාව ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණය 16 මාර්තු 2013 ජය ගති


සටහන්

  1. "චන්දිමාල් සස්පෙන්ඩඩ් ෆො වන් මැච්". ක්‍රික්ඉන්ෆො. මාර්තු 28, 2014. සම්ප්‍රවේශය 2016-02-02.

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, දිනේෂ් චන්දිමාල් පිළිබඳ තොරතුරු, දිනේෂ් චන්දිමාල් යනු කුමක්ද? දිනේෂ් චන්දිමාල් යනු කුමක් දර්ශනය කරන්නේ?