බුද්ධ ධර්මයේ පංච නිවරණ ධර්ම යනු සාර්ථකත්වයට බාධා කරනු ලබන හා නිර්වාණයට මඟ අවුරණ ඍණාත්මක මානසික තත්ත්වයන්ය. මේ තත්ත්වයන් නම්,
- කාමච්ඡන්ද
- ව්‍යාපාද
- තීනමිද්ධ
- උද්ධච්ඡ කුක්කුච්ඡ
- විචිකිච්ඡා
පාලි ධර්ම ග්‍රන්ථවල සංයුක්ත නිකායේ මෙම පංච නීවරණ ධර්ම සමීපයෙන්ම නිර්වාණය ළඟා කර ගැනීමද උපකාරී වන සප්ත භොජ්ජංග දේශනා කර ඇත. උදා: ලෙස සංයුක්ත නිකායේ මෙලෙස සඳහන් කර ඇත.
“භික්ෂුණී මනස දූෂණය කරන හා ප්‍රඥාව ළඟා කර ගැනීමට බාධා පමුණුවන නීවරණයන් හෙව් බාධකයන් 5ක් පවතී.ඒවා නම් කාමච්ඡන්ද, ව්‍යාපාද, තීනමිද්ධ,උද්ධච්ඡ කුක්කුච්ඡ, විචිකිච්ඡා වේ.එසේම භික්ෂුණි නිර්වාණය ළඟා කර ගැනීමට හේතු වන සාධක 7 ක් පවතී. මේවා මනස දූෂණය නොකරයි. බාධාකාරී නොවේ. මේවා දියුණු කළ විට සත්‍ය අවබෝධ කර ගැනීමට මාර්ගය පෙන්වනු ලබයි.එම හත නම්, සති, ධම්මවිජය, වීර්යය, ප්‍රීති, පස්සද්ධි, සමාධි හා උපේක්ඛා යන්නයි.”
සතිපට්ඨාන සූත්‍රයට අනුව ඉහත පංච නීවරණ ප්‍රහීණය කරමින් ධ්‍යාන වැඩීම පිළිබඳව බුදුරජාණන් වහන්සේ මෙසේ දේශනා කර ඇත.
“මේ අන්දමට භික්ෂුව පංචනීවරණ ධර්මයන්හි නුවණින් බලමින් වාසය කරයි. ඔහු තමා තුළ කාමච්ඡන්දය ඇත්තේ යැයි තමා තුල ඇති කාමච්ඡන්දය දැනගනී. ඔහු තමා තුල කාමච්ඡන්දය නැත්තේ යැයි තමා තුල නැති කාමච්ඡන්දය දැනගනී. නූපන් කාමච්ඡන්දයන්ගේ ඉපදීමද උපන් කාමච්ඡන්දයන්ගේ ප්‍රහාණයද, ප්‍රහීන වූ කාමච්ඡන්දයන්හි නැවත නොඉපදීමද ඔහු දැන ගනී.”
ව්‍යාපාද, තීනමිද්ධ, උද්ධච්ඡ කුක්කුච්ඡ, විචිකිච්ඡා යන නීවරණ සම්බන්ධයෙන්ද ඒ ආකාරයටම පසු ඡේදයන්හි සඳහන් කර ඇත.
කාමච්ඡන්ද
කාම වස්තු කෙරෙහි කැමැත්ත හෙවත් ආශාවයි. අභිජ්ඣා , කාමරාග යනු සමාන පදවේ.
ව්‍යාපාද
අසතුටුදායක, ප්‍රතිවිරුද්ධ අරමුණු ගැන ඇතිකරගන්නා වූ ගැටීමයි. අනෙක් අය පිළිබඳව ඇති ද්වේශ සහගත හැඟීම වියාපාද වේ.
ථීන මිද්ධ.
නීවරණ යටතේ එක් ධර්මයක් වශයෙන් ඉදිරිපත් කර තිබුනද ථීන හා මිද්ධ සැබැවින්ම දෙකකි . ථීන යන්නෙන් මානසික අකර්මණ්‍ය බවත් මිද්ධ යන්නෙන් කායික අකර්මණ්‍ය බවත් අදහස් කෙරේ. මානසික ඒකාග්‍රතාවක් නොමැති වීම හෙවත් අලසබව අදහස් වෙ.
උද්ධච්ඡ කුක්කුච්ඡ
සිතෙහි පවතින නොසන්සුන්බව, විසිරුණු ගතිය, සෙලවෙන ගතිය (උද්ධච්ච) නම් වෙයි. කළ-නොකළ වරද පිළිබඳව තැවෙන ස්වභාවය (කුක්කුච්ච) නම් වේ. මේවා අකුසල සිතුවිලි දෙකකි. නොසන්සුන් වූ සිත, සිරගෙයක දුක් විඳින්නකු ලෙස සාමඤ්ඤඵල සූත්‍රයෙහි දක්වා ඇත.
විචිකිච්ඡා
දිගට පවතින පදනම් විරහිත සැකය විචිකිච්ඡා නම් නීවරණයයි. මාර්ගය හා ප්‍රතිපදාව පිළිබඳ පවතින සැකය ප්‍රඥාවේ උදාවට බාධකයකි.
පංච නීවරණ පලවා හැරීමේ ක්රමයන් සහ මාර්ගයන්
| නැති කිරීමේ ආකාරය | සහමුලින් දුරු කිරීමේ මාර්ගය/ නිවනි මඟ | |
|---|---|---|
| කාමච්ඡන්ද | රූප,ශබ්ද ආදී (පංචේන්ද්‍රිය) | අනාගාමී හෝ අරහත් භාවය |
| ව්‍යාපාද | මෛත්‍රිය මත පදනම් වීම. | අනාගාමී |
| තීනමිද්ධ | වීර්යයෙහි අනුහස් මෙනෙහි | අරහත් |
| උද්ධච්ඡ කුක්කුච්ඡ | නුවණින් මෙනෙහි කිරීම | අනාගාමී සහ අරහත් |
| විචිකිච්ඡා | යෝනිසෝ මනසිකරය | සෝවාන් |
බාහිර යොමු
- පංච නීවරණ සංරක්ෂණය කළ පිටපත 2015-08-03 at the Wayback Machine
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, පංච නීවරණ පිළිබඳ තොරතුරු, පංච නීවරණ යනු කුමක්ද? පංච නීවරණ යනු කුමක් දර්ශනය කරන්නේ?