පෝට් ලුවීස්

මුල් පිටුව | පෝට් ලුවීස්

ලුවිස් පටුන හෝ ලුවිස්තොට හෝ (ප්රන්ස: //"පොහ්-ලුයී "//; මුරුසි ක්‍රියෝල් නොහොත් මුසු බස): //"පෝල්වී"//, //poːlwi//; ඉංගිරිසි: //"පෝට් ලුවීස්"//) යනු මුරුසි (මොරිෂස්) අගනුවරයි. එහි වැඩි කොටසක් පිහිටා ඇත්තේ පෝ ලුයී දෙසිත්තෙහි වන අතර කුදු බටහිරි කොටසක් කළුගං දෙසිත්තෙහි (බ්ලැක් රිව දිස්ත්‍රික්කයේ) වේ. ලුවිස් පටුන යනු රටේ ආර්ථිකයේ, හැදියායේ හා දෙස්පලුවේ මධ්‍යස්ථානය වන අතර එ රට ජනයා වැඩිතම නගරය ද වේ. නගරය පරිපාලනය කැරැනුයේ ලුවිස් පටුනු නගර සභාව විසිනි. මුරුසි සංඛ්‍යාලේඛනය විසින් පැවැත්වුණු 2012 සංගණනයට අනුවැ, එහි ජනගහනය 147,066 කි.

පෝට් ලුවීස්
පොහ්-ලුයී  (ප්‍රංශ)
අගනගරය
Port Louis Waterfront, Champ de Mars, Aerial view, Harbour
ධජය
Seal
උද්යෝග පාඨය(න්): "Concordia et Progressio"
(Latin for "Harmony and Progress")
පෝට් ලුවීස්
Show map of Mauritius
පෝට් ලුවීස්
Show map of Indian Ocean
Location in Mauritius & Indian Ocean
ඛණ්ඩාංක: 20°9′52″S 57°30′15″E / 20.16444°S 57.50417°E / -20.16444; 57.50417
Countryමුරුසිය
DistrictPort Louis District
Founded1638
Town25 August 1966
City12 December 2011
ආණ්ඩුව / පරිපාලනය
 • අධිකරණ වර්ගයMunicipality
 • Lord MayorDaniel Eric Clive Laurent
 • Deputy Lord MayorChris Loïc Dick
සරිය
 • මුළු46.7 කිමී2 (18.0 සතරැස් සැත)
ජනගහණය(2018)
 • මුළු147,066
 • අනුස්ථිතිය1st in Mauritius
 • ඝණත්වයBad rounding here3,100/කිමී2 (Bad rounding here8,200/වර්ග සැත)
වේලා කලාපMUT (UTC+4)
වෙබ් අඩවියMunicipal Council

ඉතිහස

1606 සිටැ මෙහි විසුම් ගත් ලන්දේසින් විසින් ලුවිස් පටුන වරායක් ලෙස යොදාගැනුණු අතර, ඔහු (ඔවුහූ) එ මැ පෙදෙස "කැස්බෑවන්ගේ වරාය" ලෙස හැඳින්වීමට පටන් ගතු. 1736 දී, ප්රන්ස රජය යටතේ, එය මුරුසියේ පරිපාලන මධ්‍යස්ථානය බවට පත් වූ අතර, ප්රන්ස නැව් ආසියාව හා යුරෝපාව හා අතරැ, සුබපැත්මේ තුඩුව වටා ගමන් කිරීමේ දී නැවැත ප්‍රතිපාදන ලබාගැනීමේ ප්‍රධාන නැවැතුමක් වියැ. පහළොස් වැනි ලුයී රජුට ගරු කැරුමක් ලෙස මෙ පටුන මෙ සේ නම් ලැබැ ඇති. එ කලැ ප්රන්ස යටත් විජිතයක් වූ මුරුසිය හැඳින්වුනේ 'ප්රන්සයේ දිවයින' (Ile de France - ඉල් ද ෆ්හාස්) යනුවෙනි. එ කලැ ප්රන්ස ගොවුනුරු වූ බෙහ්තෝ-ෆෝසුවා මඒ ද' ලා බුහ්දුනේ (Bertrand-François Mahé de La Bourdonnais) නගරයේ දිවැඩුමට (සංවර්ධනයට) දායක වියැ. සුළි කුණාටු ඇතිවුණු විට මෝකා කඳුවැටියේ වහලින් ලුයිස් පටුන සාපේක්ෂ වශයෙන් දැඩි සුළඟින් රැකුණු බැවින්, දිවයිනේ මහ පටුන හා බලකොටුව හා යන දෙකට මැ ලුවිස් පටුන තෝරා ගැනිණ. නැපෝලියානු යුද සෙමෙහි දී (1800-15) බිරිතානින් දිවයින යටත් කොටැ සිටි සමයෙහි දු වරායේ අගය දිගට මැ පැවැති අතර ඉන්දු සයුර පාලනය කිරීමට බිරිතානින්ට එය වහල් වියැ. කෙසේ නමුදු, 1869 දී සූවස් ඇළ ඇරැඹීමෙන් පසු වරායට නැව්වල පැමිණීම විසල් ලෙස පහත වැටුණි. සූවස් ඇළ වසර හතක් (1967 දී සිටැ) වසා දැමෙත මෙ වරායේ ක්‍රියාකාරකම් වැඩි වියැ. 1970 ගණන්වල අග හරියේ දී වරායේ නවකුරුවම මුරුසිය මුල් කොටැ සිදුවන සියලු ආනයන හා අපනයන සඳහා කේන්ද්‍රීය ලක්ෂ්‍යය ලෙස එහි භූමිකාව පවත්වා ගැන්මට රුකුලක් වියැ. ලුවිස් පටුන මුරුසියේ වියපුරු (ව්‍යාපාරික) හා පරිපාලන අගනුවර ලෙස දිගට මැ පවතින අතර, 1990 දසවස අග භාගයේ දී දසුන්සැරියාවේ ඈරීමෙන් බොහෝ වෙළෙඳසැල්, හෝටල හා අවන්හල් හා කවුඩාන දියපෙරටු (කෞඩාන් වෝට ෆ්‍රන්ට්) පෙදෙසෙහි ඉදිකැරුමත් සමඟ ලුවිස් පටුනේ සැලකියැ යුතු දියුණුවෙක් ඇති වියැ.

මුරුසි කලාකරු රවුෆ් ඔඩෙරුත් විසින් 1930 ගණන්වල මෝටර රිය ප්‍රවාහනය කිසිසේත් මැ නුතුබූ සමයෙකැ දියපෙරටුව (Waterfront) නිරූපණය කරන දසුනක් සැපැයේ. උස් ගොඩනැඟිලි, අදි රියතදබදය හා විසල් ජනකායක් තිබියෙදීත් ඩ්'අර්මෙස්(D'Armes-ඩා'හ්ම්) නම් ලද තැන තවමත් හඳුනාගත හැකි.

ආණ්ඩුව

ලුවිස් පටුනෙහි පෙදෙසි පාලනය නගර සභාවක් විසින් සුවික්සේ. ලුවිස් පටුනු නගර සභාව පළමු වැ 1830 දී පිහිටැවුණු අතර එය දැනට 2011 පළාත් පාලන පනත යටතේ පිහිටුවා ඇති පරිදි මුරුසියෙහි නාගරික පෙදෙස් සඳහා වගකිව යුතු මහ නගර සභා පහෙන් එකකි. කවුන්සිලය පරිපාලනය කිරීම සඳහා සභිකයන් 24 දෙනෙකු ප්‍රජාතන්ත්‍රවාදීව තේරී පත් වේ. සභිකයන් විසින් නගරාධිපතිවරයකු සහ නියෝජ්‍ය නගරාධිපතිවරයකු තෝරා පත් කර ගැනේ. පරිපාලන, මුදල්, ඉඩම් පරිහරණ සහ සැලැසුම්, පොදු යටිතල පහසුකම්, මහජන සෞඛ්‍ය, සුබසාධන, උයන් හා වතු සහ නගර පොත්ගුල යන දෙපාර්තමේන්තු හරහා සභාවේ කටයුතු සිදු කෙරේ. පළාත් පාලන ආයතන විසින් සැපැයෙන සේවාවන් අතර පෙර පාසල්, ළදරු පාසල හා වෘත්තීය පාසල්, සුව පිරිරැක්ම, නිවාස නියාමනය, සමහර මං සේවා, කසල එකතු කිරීම, සුසාන බිම්, සමහර පාරිසරික හා පිරිබුදිනු පිරිරැකුම් සේවා හා ආර්ථික ප්‍රවර්ධන ක්‍රියාකාරකම් ඇතුළත් වේ. අනෙකුදු සේවාවන් නගරයට සැපැයෙනුයේ මධ්‍යම රජය විසිනි.

පෝට් ලුවීස් සැඳ (ඡන්ද) විමැසුමේ දී සභිකයන් 3 බැගින් වන සැඳ පෙදෙස් 8කට බෙදා ඇති.







වා-ගුණය

Port Louis සඳහා කාලගුණ දත්ත
මාසය ජන පෙබ මාර් අප්‍රි මැයි ජුනි ජූලි අගෝ සැප් ඔක් නොවැ දෙසැ වසර
වාර්තාගත ඉහළම °C (°F) 35
(95)
33
(91)
32
(90)
31
(88)
29
(84)
28
(82)
27
(81)
27
(81)
28
(82)
31
(88)
33
(91)
35
(95)
35
(95)
මධ්‍යන්‍ය දෛනික උපරිමය °C (°F) 31.5
(88.7)
31.4
(88.5)
31.5
(88.7)
30.7
(87.3)
29.3
(84.7)
27.6
(81.7)
26.7
(80.1)
26.8
(80.2)
27.7
(81.9)
28.8
(83.8)
30.2
(86.4)
31.1
(88.0)
29.4
(85.0)
මධ්‍යන්‍ය දෛනික අවමය °C (°F) 24.1
(75.4)
24.0
(75.2)
23.8
(74.8)
23.0
(73.4)
21.5
(70.7)
19.9
(67.8)
19.3
(66.7)
19.1
(66.4)
19.4
(66.9)
20.4
(68.7)
21.8
(71.2)
23.2
(73.8)
21.6
(70.9)
වාර්තාගත අවම °C (°F) 17
(63)
18
(64)
17
(63)
14
(57)
13
(55)
11
(52)
11
(52)
10
(50)
11
(52)
13
(55)
14
(57)
17
(63)
10
(50)
සාමාන්‍ය වර්ෂාපතනය mm (inches) 131
(5.2)
160
(6.3)
83
(3.3)
87
(3.4)
48
(1.9)
24
(0.9)
18
(0.7)
19
(0.7)
17
(0.7)
15
(0.6)
24
(0.9)
85
(3.3)
711
(27.9)
සාමාන්‍ය වැසි සහිත දින (≥ 1.0 mm) 9 10 8 7 6 4 4 5 3 3 3 6 68
මාසික සාමාන්‍ය හිරු එළිය පැය 248 226 217 240 248 210 217 217 240 279 270 279 2,891
Source 1: World Meteorological Organization.
Source 2: BBC Weather

සේයා රූ
























මේකත් බලන්නැ

  • Africa ද්වාරය
  • මොරිෂස්හි තැන් ලැයිස්තුව
  • පෝට් ලුවී දෙසිත්ත
  • ලෝ හින්දි සකසුරු කම්දොරුව

යොමු කිරීම්

  1. "Municipal & District Councils in Mauritius". Government of Mauritius. සම්ප්‍රවේශය 24 July 2012. {{cite journal}}: Cite journal requires |journal= (help)[permanent dead link]
  2. Statistics Mauritius: Demography Unit (2018). "DIGEST OF DEMOGRAPHIC STATISTICS 2018" (PDF). Dec. Government of Mauritius: 33. සම්ප්‍රවේශය 21 May 2020. {{cite journal}}: Cite journal requires |journal= (help)
  3. Auguste Toussaint, Histoire des îles Mascareignes, p. 24
  4. Britannica, Port Louis, britannica.com, USA, accessed on 7 July 2019
  5. World Weather Information Service-Port Louis, World Meteorological Organization. Retrieved 29 September 2012.
  6. "Average Conditions Port Louis, Mauritius". BBC Weather. සම්ප්‍රවේශය 29 September 2012.

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, පෝට් ලුවීස් පිළිබඳ තොරතුරු, පෝට් ලුවීස් යනු කුමක්ද? පෝට් ලුවීස් යනු කුමක් දර්ශනය කරන්නේ?

මුල් පිටුව | ඉහළට යාම

අපව අමතන්න

© 2025 www.dl1.si-lk.nina.az — සියලු හිමිකම් සුරකින ලදී.