බී.එස්. පෙරේරා (නළු)

බාලසූරියගේ ස්ටීවන් පෙරේරා (උපත 1924 මාර්තු 31 - විපත 1982 ජුනි 24) හෙවත් බී.එස්. පෙරේරා, ශ්‍රී ලංකා සිනමාවේ, වේදිකාවේ නළුවෙක් මෙන්ම අධ්‍යක්ෂකවරයෙකු සහ ගායකයෙකුද විය. ශ්‍රී ලාංකේය චිත්‍රපට ඉතිහාසයේ මෙතෙක් බිහි වූ ජනප්‍රියම හාස්‍ය කලාකරුවෙකු වන පෙරේරා දශක තුනක පමණ වෘත්තීය ජීවිතයක් තුල චිත්‍රපට 180කට වැඩි ප්‍රමාණයක රගපෑමට හැකියාව ලැබුනි. මේ අනුව ශ්‍රී ලාංකිකයෙකු විසින් රගපෑ වැඩිම චිත්‍රපට සංඛ්‍යාවට හිමි වාර්තාව ඔහු සතුවේ.

බී. එස්. පෙරේරා
B. S. Perera
උපත31 මාර්තු 1924(1924-03-31)
මරණය24 ජූලි 1982(1982-07-24) (වයස 58)
හලාවත, ශ්‍රී ලංකාව
අධ්‍යාපනයශ්‍රී සංඝරාජ මධ්‍ය මහා විද්‍යාලය, කොළඹ 10
වෘත්තියsනළුවා, විකට නළුවා, අධ්‍යක්ෂක, ගායකයා
සක්‍රීය වසර1960–1982
Spouseබී.ඒ.ඩී. ඥානවතී
දරුවන්7
Fatherබාලසූරියගේ ඇඩ්වින් පෙරේරා

Personal life

පෙරේරා 1924 මාර්තු 31 වැනිදා කොළඹදී උපත ලැබීය. ඔහුගේ පියා බාලසූරියගේ ඇඩ්වින් පෙරේරාය. ඔහු ටවර් හෝල් යුගයේ සිටි දක්ෂ කලාකරුවෙකි. ඔහු මූලික අධ්‍යාපනය කොළඹ මාලිගාකන්ද රජයේ පාසලෙන් (දැනට හඳුන්වන්නේ මාලිගාකන්ද මහින්ද මහා විද්‍යාලය ලෙසිනි) පසුව ඉගෙනුම ලැබුවේ මරදානේ සංඝරාජ විද්‍යාලයෙන් (දැනට කොළඹ 10 ශ්‍රී සංඝරාජ මධ්‍ය මහා විද්‍යාලය ලෙසයි). 1939 දී පෙරේරා යුද හමුදාවට බැඳුණු අතර දෙවන ලෝක යුද්ධය අවසානයේ කොළඹ නගර සභාවට එක් විය.

පෙරේරා සිනමාවට පිවිසීමට පෙර ට්‍රෑම් රථ රියදුරෙකු ලෙස සේවය කළේය. හදිසි අනතුරක් හේතුවෙන් ඔහුට පෙනීමේ කොටසක් අහිමි විය. ඔහු අක්ෂි ශල්‍යකර්මයකට භාජනය කළද, ඔහුගේ ඇසේ strabismus තත්වයක් ඇති විය. අනතුරින් පසු ඔහු ට්‍රොලි බස් පරීක්ෂකවරයෙකු ලෙස සේවය කළේය.

පෙරේරා විවාහ වූයේ බී.ඒ.ඩී. ඥානවතී සමගයි. මෙම යුවළට වැඩිමහල් ශ්‍රියානි, බාල ශ්‍රියානි, බ‍්‍රින්දා, රාජති, ප‍්‍රින්සි යන දියණියන් පස් දෙනෙකු ද, සුනිල් වෙස්ලි සහ රවීන්ද්‍ර යන පුතුන් දෙදෙනෙක් ද වූහ. සුනිල් වෙස්ලි වෘත්තීය වාණිජ කලාකරුවෙක් සහ ගායකයෙක් විය. දෙවැනි පුතා රවීන්ද්‍ර "යකඩය", "දුප්පතාගේ හිතවත" වැනි චිත්‍රපට කිහිපයක රඟපා ඇති අතර පසුව හලාවත දුම්රිය දෙපාර්තමේන්තුවෙන් විශ්‍රාම ගත්තේය.

පෙරේරා වයස අවුරුදු 58 දී කෙටි අසනීපයකින් 1982 ජුනි 24 දින හලාවතදී මිය ගියේය.

Career

පෙරේරා කුඩා කල පටන්ම ටවර් හෝල් වේදිකා නාට්‍යවල රඟපා ඇත. ඔහුගේ එකම ටවර් හෝල් රංගනය වූ ශ්‍රී වික්‍රම වේදිකා නාට්‍යයේ "මොහොට්ටාල" ලෙස ඔහු රඟපෑවේය. ඔහු ට්‍රෑම් රථ රියදුරෙකු ලෙස සේවය කරන අතරතුර නගර සභා අවමංගල්‍ය සංගමයට පරිත්‍යාග කිරීම සඳහා නිකන් ආවා වේදිකා නාට්‍යය නිෂ්පාදනය කළේය. ඉන්පසුව සමාදත්තර, ලංකාපුර, සාලිය අශෝකමාලා නාට්‍ය නිෂ්පාදනය කළා. ස්ට්‍රැබිස්මස් තත්ත්වය චිත්‍රපට නළුවකු වීමේ වාසනාව ඔහුට උදා කළේය. ඔහුගේ මිතුරෙකු වූ සී.එම්. රූපසිංහ ජනප්‍රිය චිත්‍රපට නිෂ්පාදක එස්. සිවානන්දන් වෙත පෙරේරාව හඳුන්වා දුන්නේය. එවකට ධීවරයෝ චිත්‍රපටයේ සහය අධ්‍යක්ෂවරයා වූයේ සිවානන්දන්ය.

ඔහු සිංහල සිනමාවට පිවිසීමට පෙර ඉංග්‍රීසි චිත්‍රපටයක රඟපෑ අතර ඔහුගේ පළමු සිංහල චිත්‍රපටය වූයේ සිරිසේන විමලවීර අධ්‍යක්ෂණය කළ රොඩී කෙල්ල ය. නමුත් විමලවීරගේ හදිසි අභාවය නිසා චිත්‍රපටයේ රූගත කිරීම් නතර වුණි. ඔහුගේ පළමු තිරගත චිත්‍රපට දර්ශනය වූයේ 1964 බ්ලොක්බස්ටර් චිත්‍රපටය වන ධීවරයෝ ය. මෙහි ඔහු සුළු චරිතයක් රඟපෑ අතර ගායකයෙකු ලෙසද කල එලි බැස්සේය. පෙරේරා කළ අමතක නොවන චරිතය වූයේ සැනසුම කොතනද චිත්‍රපටයේ රෝගියෙකු ලෙසය. ඔහුගේ විකට චරිත අතිශයින් ජනප්‍රිය වූ අතර, ඒවායින් සමහරක්, චණ්ඩියා, තුෂාර, හරි පුදුමයි, හොඳට හොඳයි, මහදැනමුත්තා සහ ඇර සොයිසා ඇතුළත් වේ. ඔහු ශ්‍රී ලාංකේය දෙමළ චිත්‍රපටයක් වන මාමියාර් වීඩු හි ද රඟපෑවේය.

වර්ෂ 1955 දී ඒ.බී රාජා අධ්‍යක්ෂණය කළ ‘‘පෙරකදෝරු බෑනා’’ චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළේය. 1974 දී ඔහු "රොඩි ගම" චිත්‍රපටය අධ්‍යක්ෂණය කර නිෂ්පාදනය කළේය. වර්ෂ 1974 දී ඔහු වැඩිම සිංහල චිත්‍රපට සංඛ්‍යාවක රඟපෑම සඳහා දීපශිකා සම්මානයෙන් පිදුම් ලැබීය. විකට චිත්‍රපටියෙන් මතු වූ ඔහු "සුභානි", "බාඳුර මල්", "රණ දෙරණ" සහ "රිදී තෙල්" වැනි චිත්‍රපට කිහිපයක චරිතාංග නළුවෙකු ලෙස රඟපෑවේය.

වර්ෂ 1982 දී ඔහුගේ අභාවයෙන් පසු, මරණින් පසු නිකුත් වූ චිත්‍රපට ලෙස චිත්‍රපට විසි අටක් තිරගත විය.

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, බී.එස්. පෙරේරා (නළු) පිළිබඳ තොරතුරු, බී.එස්. පෙරේරා (නළු) යනු කුමක්ද? බී.එස්. පෙරේරා (නළු) යනු කුමක් දර්ශනය කරන්නේ?