මංගලගම අම්බලම

මංගලගම අම්බලම ශ්‍රී ලංකාවේ දැකගත හැකි ඉපැරණි අම්බලම් අතුරින් එකකි. එය කෑගල්ල සහ මාවනැල්ල යන නගර දෙක අතර ඉදිකොට තිබෙයි.

අතීතය

මංගලගම අම්බලම, දුටුගැමුණු රජ සමයේ ඉදිකරන ලද අම්බලමක් බැව් විශ්වාස කෙරේ.

ජනප්‍රවාද

වරක් ඉන්දියාවේ සිටි මංගල නම් බ‍්‍රාහ්මණයෙකු, ලංකාවේ වූ බෞද්ධ පුදබිම් වැඳපුදාගැනීම සඳහා ආනන්ද බෝධි පරපුරේ බෝධි අංකුරයක් ද සහිතව මෙරටට පැමිණි අතර, සිය සංචාරය අතරතුරදී දිනක් රෑ බෝවූ නිසා ඔහු තමා රැගෙන ආ බෝධි අංකුරය සහිත බඳුණ අසල පිහිටි උස් භූමියක තබා, මහමග අයිනේ වූ මෙම අම්බලමේ ලැගුම් ගත් බව සඳහන් වෙයි.

පසුදිනදී නැවතත් සිය ගමන ඇරඹීමට සූදානම් වූ බ‍්‍රාහ්මණයාට, තමා කලින් දින සැන්දෑවේ තැන්පත් කළ බෝධි අංකුරයේ මුල් පොළවට ඇදී ඇති ගොස් ඇති බව දැකගත හැකි විය. කිසියම් ආශ්චර්යයක් නිසා මෙවැනි සිදුවීමක් වෙන්නට ඇතැයි සිතූ බ‍්‍රාහ්මණයා, සිය බෝධි අංකුරය රෝපණය කිරීමට සුදුසු ස්ථානය මෙය යැයි වටහාගෙන එම බෝධි අංකුරය එහිම රෝපණය කිරීමට කටයුතු කරන ලදී.

මේ සිදුවීම සැළවූ එකල ලක්දිව රජතෙමේ, සිදුවී සියළු තෙරතුරු බ‍්‍රාහ්මණයාගෙන් විමසා එම ස්ථානයේ විහාරස්ථානයක් කරවූ බවට සඳහන් වෙයි. බ‍්‍රාහ්මණයා විසින් රැගෙන ආ එම බෝධි අංකුරය, අම්බලම අසල ඇති මංගලගම බෝධිමාලකාරාම විහාරස්ථානයේ පිහිටි පැරණි බෝධිය බව පැවසෙයි.

ප්‍රතිසංස්කරණය

පසුකාලීනව විනාශයට පත්ව තිබූ මෙම අම්බලම, 1970 සමයේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සහාය ඇතිව යළි ගොඩනැංවීමට පියවර ගත් බව සඳහන්ය.

මූලාශ්‍ර

  1. "රජ කාලේ අම්බලම්". ලංකාදීප. 15 ජනවාරි 2012. 2014-03-04 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 11 මැයි 2014.

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, මංගලගම අම්බලම පිළිබඳ තොරතුරු, මංගලගම අම්බලම යනු කුමක්ද? මංගලගම අම්බලම යනු කුමක් දර්ශනය කරන්නේ?