මාලිනී ෆොන්සේකා

මුල් පිටුව | මාලිනී ෆොන්සේකා

වන්නිආරච්චිගේ මාලනි සෙනෙහෙලතා ෆොන්සේකා (ඉංග්‍රීසි: Malini Fonseka, 1947 අප්‍රේල් 30 – 2025 මැයි 24), හෙවත් මාලිනී ෆොන්සේකා, යනු සම්මානනීය ශ්‍රී ලංකා චිත්‍රපට නිලියකි, "සිංහල සිනමාවේ නිලි රැජින" යන විරුදාවලියෙන් හඳුන්වන්නේද ඇයයි. දශක කීපයක් දිවෙන ඇගේ සිනමා රංගන දිවිය මුලින්ම ඇරඹෙන්නේ 1968 තිස්ස ලියනසූරියගේ පුංචි බබා චිත්‍රපටයෙනි. ඇය දක්ෂ නිලියක ලෙස හඳුනා ගැනෙන්නේ 1969 දී ජාතික නාට්‍ය උළෙලදී 'හොඳම නිලිය සම්මානය' ලබා ගැනීමෙන් අනතුරුවයි. ඉන්පසු 1980 දී හිගන කොල්ලා, 1982 දී ආරාධනා, 1983 දී යස ඉසුරු යන චිත්‍රපට වල විශිෂ්ඨ රංගනය හේතුවෙන් ඇය සරසවිය හොඳම නිළිය සම්මානය කීප විටක් දිනා ගත්තාය. 2010 දී ඇය ආසියාව තුල මෙතෙක් බිහි වූ දැවැන්ත රංගන ශිල්පීන් 25 දෙනා ගෙන් අයෙක් බව ඇමරිකානු සීඑන්එන් රූපවාහිනිය විසින් නම් කරනු ලැබීය.

මාලිනි ෆොන්සේකා
Malini Fonseka
1976 වසරෙහි මාලිනි ෆොන්සේකා මහත්මිය
ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රී
තනතුර දරමින්
2010 අප්‍රේල් 22 – 2015 ජුනි 26
ඡන්ද කොට්ඨාසයජාතික ලැයිස්තුව
පුද්ගලික තොරතුරු
උපත
වන්නි ආරච්චිගේ මාලනි සෙනෙහෙලතා ෆොන්සේකා

30 අප්‍රේල් 1947(1947-04-30)
කැළණිය, බ්‍රිතාන්‍ය ලංකාව
(දැන් ශ්‍රී ලංකාව)
විපත24 මැයි 2025 (වයස 78)
කොළඹ, ශ්‍රී ලංකාව
ජාතිකත්වය ශ්‍රී ලාංකික
කලත්‍රයා(s)උපාලි සේනානායක (වි. 1965; දික්. 1980)
ලකී ඩයස් (වි. 1986; දික්. 2011)
රැකියාවරංගන ශිල්පිනී
සම්මානසරසවිය හොඳම නිළිය (1980), (1982), (1983) සහ සරසවිය ජනප්‍රිය නිළිය (1980-1983)
වෙබ් අඩවියOfficial website

ජීවන චරිතය

මුල් අවධිය

ගිල්බට් හා සීලවතී ෆොන්සේකා යන අයට දාව තෙවන දරුවා ලෙස ඇය, කැළණිය පෑලියගොඩ දී උපත ලැබුවාය. උපතින් පසු ඔවුන්, නුගේගොඩ ජම්බුගස්මුල්ල පදිංචියට ගිය අතර 1952 දී මාලනිය ඇගේ අධ්‍යාපන කටයුතු ශාන්ත ජෝන් විද්‍යාලයෙන් ආරම්භ කලාය. නැවතත් පදිංචිය වෙනස් කරමින් ඔවුන් කැළණියේ වෙදමුල්ල ට පැමිණීම නිසා ඇය පාසල වෙනස් කරමින් කැළණිය ගුරුකුල විද්‍යාලයට ඇතුළු වූවාය, ඇය සිය අධ්‍යාපන කටයුතු හමාර කරන්නේ එම විද්‍යාලයේදී යි.

පුද්ගලික ජීවිතය

1986 ජුනි 12 වන දින ඇය ලකී ඩයස් සමග විවාහ වූවාය.

දේශපාලන දිවිය

2010 අප්‍රියෙල් හීදි එක්සත් ජනතා නිදහස් සන්ධානය විසින් ජාතික ලැයිස්තුව යටතේ ඇයට, පාර්ලිමේන්තු සාමාජිකත්වය ලබා දෙන ලදී .

වෘත්තීය දිවිය

ෆොනසේකා ඇගේ රංගන දිවිය පටන් ගන්නේ වේදිකාවෙනි. 1963 දී, "නොරත රත" වේදිකා නාට්‍යයේ රැඟූ ඇය 1968 දී, රග පෑඅකල් වැස්ස වෙනුවෙන් හොඳම වේදිකා නාට්‍ය නිලිය ලෙස ජාතික සම්මානයෙන් පිදුම් ලැබුවාය. ඇය වේදිකා නාට්‍ය 14 කට සිය ප්‍රධාන රංගනය එක්කලාය.

ඇය සිනමා දිවියට පිවිසෙන්නේ 1968 දී තිස්ස ලියනසූරියගේ පුංචි බබා චිත්‍රපටයෙනි. ඉන්පසු එම වසරේදීම ඇයඅබුද්දස්ස කාලේ, දහසක් සිතුවිලි සහ ආදරවන්තයෝ යන චිත්‍රපට වලද රැගුවාය. ඇය රඟ පෑ සමස්ථ චිත්‍රපට සංඛ්‍යාව 140 ක් පමණ වේ, ඒ අතර විදේශීය චිත්‍රපට ද වෙයි. ඇයගේ සාර්ථකම චිත්‍රපට ලෙස ලෙස්ටර් ජේම්ස් පීරිස් ගේ නිධානය , අමරනාත් ජයතිලක ගේ සිරිපාල හා රන් මැණිකා, ධර්මසේන පතිරාජ ගේ එයා දැන් ලොකු ලමයෙක් සහ බඹරු ඇවිත් යන ඒවා හඳුනා ගත හැක . ඇගේ දිවියේ විශේෂ සනිටුහනක් තබමින් ඇය 1984 දී සසර චේතනා යන චිත්‍රපටය අධ්‍යක්ෂණය සහ නිෂ්පාදනය කලාය. ඇය විසින්ම 1987 දී අහිංසා සහ 1991 දී ස්ත්‍රී යන චිත්‍රපටද අධ්‍යක්ෂණය කෙරිණි. 1978 දී ඇය දෙමළ රංගන ශිල්පී, සිවාජි ගනේෂන් සමග පයිලට් ප්‍රේම්නාත් හි රැඟුවාය.

පසුකාලීනව ඇය රූපවාහිනිටද ප්‍රවිශ්ඨ වූවාය. ඇය රඟ පෑ මැනලද පුතේ කිරි දුන්නේ, පිටගම්කාරයෝ, කෙම්මුර, සහ අඹු දරුවෝ යන ටෙලිනාට්‍ය සඳහා ප්‍රශංසා හිමි විය. පිටගම්කාරයෝ සහ කෙම්මුර යන ටෙලි නාට්‍ය වල ප්‍රභාමත් රංගනය වෙනුවෙන් ඇයට සුමති හොඳම ටෙලි නාට්‍ය නිලිය සම්මාන හිමි විය. මාලනී, සැනසිලි සුවඳ, නිරුපාමල වැනි ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණය කරමින් ලාංකික ටෙලි නාට්‍යයක් අධ්‍යක්ෂණය කල පලමු කාන්තාව බවටද පත් වූවාය.

මෑත කාලයේ ඇය රග පෑ අවසන් චිත්‍රපටය ලෙස `ප්‍රසන්න වතානගේ ආකාස කුසුම් හැඳින්විය හැක. රිදී තිරයේ මාලනීගේ රංගන වෘත්තිය ගාමිණී ෆොන්සේකා සමග තවත් ඔපවත් විය.

සම්මාන

මාලිනී ෆොන්සේකා සම්මාන හා නිර්දේශ

සම්මාන සහ නිර්දේශයන්
සම්මානය ලබා ගැනීම් නිර්දේශිත
සරසවිය
13 13
හොඳම නිළිය
3 3
OCIC
4 4
{{{award2}}}
5 5
වෙනත්
27 27
එකතුව
ලබා ගැනීම් 56
නිර්දේයන් 56

ජාත්‍යන්තර තලයේ සම්මාන හිමි කර ගත් පලමු ශ්‍රී ලාංකික නිලිය වූවේ මාලනියයි. ඒ 1975 දී මොස්කව් ජාත්‍යන්තර චිත්‍රපට උළෙල දී ඇය ජූරියේ විශේෂ සම්මානය හිමිකර ගැනීමත් සමගයි. 1977 නව දිල්ලි චිත්‍රපට උළෙල දී ඇය තවත් සම්මානයක් හිමි කර ගත්තාය.

2014 වසරේ මාර්තු 5 වනදා සිට 9 වනදා දක්වා ප‍්‍රංශයේ පැවැත්වූ 16 වන දෝවිල් (Deauvill) ආසියානු සම්මාන උළෙලේදීද, වසර 50 ක් මුළුල්ලේ සිනමාවට දැක්වූ දායකත්වය අගයමින්, මාලිනියට රන් නෙළුම සම්මානය පිරිනැමිණි.

සරසවිය සම්මාන හැරුනු කොට ඇය ජනාධිපති සම්මාන, OCIC සම්මාන වලින්ද පිදුම් ලැබුවාය.

ඇය රග පෑ "කෙම්මුර" ටෙලිනාට්‍යය සඳහා 2000 සුමති ටෙලි සම්මාන උළෙලදී ඇයට "හොඳම නිලිය සම්මානය" හිමි විය.

මාලිනියේ නමින් 2003 අප්‍රියෙල් 30 බණ්‌ඩාරනායක අනුස්‌මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව හී පැවැති මාලිනි ෆොන්සේකා අභිනන්දන උළෙලට එවක ජනපතිනිය වූ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණියද සහභාගී වෙමින් දශක 4 ක් තිස්සේ ශ්‍රී ලංකීය සිනමාව ට ඇය දැක්වූ සේවාව අගය කලාය.

2008 ජනවාරියේදී U.S.A. ලොස් ඇන්ජලිස් හි වසන ශ්‍රී ලාංකිකයින් විසින් මාලනියට උපහාර පල කෙරුණු අතර ඇමරිකාවේ ශ්‍රී ලංකා තානාපති වූ ජාලිය වික්‍රමසූරිය ඇතුළු පිරිස විසින්ද ඇය වෙනුවෙන් විශේෂ උත්සවයක් පවත්වන ලදී .

ජාත්‍යන්තර තලයේ සම්මාන

  • 1975 ගෞරව ඩිප්ලෝමා සහතිකය – 9 වැනි අන්තර් ජාතික මොස්කව් සිනමා උළෙල - චිත‍්‍රපට නිෂ්පාදකවරුන් ගේ සම්මානය - එයා දැන් ලොකු ළමයෙක්
  • 1977 ගෞරව කුසලතා සම්මාන සහතිකය - සිරිපාල සහ රන්මැණිකා - 6 වැනි දිල්ලි ජාත්‍යන්තර සිනමා උළෙල
  • 1989 සාර්ථකම කාන්තාව සොන්ටා ජාත්‍යන්තර සම්මානය - සොන්ටා ජාත්‍යන්තර සංවිධානය
  • රිදී මයුර සම්මානය - 39වෙනි ඉන්දියා ජාත්‍යන්තර සිනමා උළෙල
  • 1998 - උපහාර සම්මානය - ජාත්‍යන්තර සමුපකාර සමිතිය - කැළණිය

ජනාධිපති සම්මාන

  • 1978 - හොඳම නිළිය - බඹරු ඇවිත්
  • 1979 - හොඳම නිළිය - වසන්තයේ දවසක්
  • 1981 - හොඳම නිළිය – ආරාධනා
  • 1985 - කලාසූරී සම්මානය
  • 1996 - “විශ්ව ප්‍රාසාදිනී” උපහාර සම්මානය - විශේෂ සම්මානය ජනාධිපති විසින් මාලිනී ෆොන්සේකා මහත්මිය හට පිරිනමනු ලැබූවා ඇය විසින් ශ්‍රී ලාංකීය සිනමා කර්මාන්තයෙහි මෙහෙවරට.

සරසවිය සම්මාන

  • 1979 හොඳම නිළිය - හිඟන කොල්ලා
  • 1979 වසරේ ජනප්‍රියතම නිළිය
  • 1980 ජනප්‍රියතම නිළිය
  • 1981 හොඳම නිළිය – ආරාධනා
  • 1981 ජනප්‍රියතම නිළිය
  • 1982 හොඳම නිළිය - යස ඉසුරු
  • 1982 ජනප්‍රියතම නිළිය
  • 1983 ජනප්‍රියතම නිළිය
  • 1984 ජනප්‍රියතම නිළිය
  • 1985 ජනප්‍රියතම නිළිය
  • 1985 විශේෂ සම්මානය - රුපියල් ලක්ෂ 50 ඉක්මවූ චිත්‍රපට සඳහා ජාතික චිත්‍රපට සංස්ථාවේ සම්මානය
  • 1985 ජූරියේ විශේෂ සම්මානය - රංගනය,අධ්‍යක්ෂණය,නිෂ්පාදනය උදෙසා - සසර චේතනා
  • 1985 රණතිසර සම්මාන
  • 2009 සහය නිළිය අබා

සිග්නීස (ඕසීඅයිසී) සම්මාන

  • 1977 නිර්මාණශීලී රංග කුසලතා - එයා දැන් ලොකු ළමයෙක් / සිරිපාල සහ රන්මැණිකා සහ දෙවියනි ඔබ කොහෙද
  • 1980 නිර්මාණශීලී රංග කුසලතා – දඬු මොණරා
  • 1982 නිර්මාණශීලී රංග කුසලතා – බැද්දේගම /ඉන්දුට මල්මිටක් සහ සොල්දාදු උන්නැහේ
  • 1992 නිර්මාණශීලී රංග කුසලතා - මධුසමය

වෙනත්

  • 1965 හොඳම වේදිකා නිළිය - අකල් වැස්ස නාට්‍යය
  • 1968 ජනප්‍රියතම සහය නිළිය - පුංචි බබා - ස්වර්ණ සංඛ ගුවන් විදුලි සම්මාන
  • 1972 හොඳම චරිත නිරූපණය - නිධානය - විචාරක සම්මානය
  • 1972 හොඳම නිළිය - නිධානය - Sri Lanka Association of Critics
  • 1972 ජනප්‍රියතම නිළිය - දීපශිකා සම්මානය
  • 1977 රන් පියුම උපහාර සම්මානය
  • 1973 ජනප්‍රියතම නිළිය - දීපශිකා සම්මාන
  • 1975 Appreciation award from producers - එයා දැන් ලොකු ළමයෙක් - Movie Producers Association
  • 1975 Appreciation Award - එයා දැන් ලොකු ළමයෙක් - ඉදිරිපත් කිරීම කලා කවය
  • 1976 ජනප්‍රියතම නිළිය – සුසී - ලේක් හවුස්
  • 1980 වසරේ දක්ෂතම කාන්තාව - ටොප් ටෙන් සම්මාන
  • 1990 ශ්‍රී ලංකා නළු නිළි සංගමය විසින් පිරිනැමූ රන් පදක්කම - ඇය විසින් ප්‍රතික්ෂේප කරන ලදි
  • 1991 හොඳම නිළිය - ස්වර්ණ සංඛ - මධුසමය
  • 1992 වසරේ විශිෂ්ටතම කාන්තාව(සිනමා අංශය) - වනිතා විත්ති
  • 1993 උන්ඩා අභිනන්දන සම්මානය - 'මහමෙර පාමුල ටෙලිනාට්‍යය
  • 1996 විශ්ව ප්‍රාසාදිනී උපහාර සම්මානය - ශ්‍රී ලංකා මාතාවට කළ අතිවිශිෂ්ට සේවය වෙනුවෙන් රාජ්‍ය නායිකාවන්ගේ සම්මානය
  • 1996 උපහාර සම්මානය - ජනාධිපති සම්මාන උළෙල
  • 1996 උපහාර සම්මානය - ත්‍රෙනිකායික සංඝ සාම ශ්‍රී පදනම
  • 1997 "සත් පියුම් ප්‍රාසාදිනී ස්වර්ණ පද්ම උපහාර සම්මානය" - ලංකා කලා සංගමය
  • 1997 හොඳම නිළිය - සුමති ටෙලි සම්මාන - පිටගම්කාරයෝ ටෙලිනාට්‍යය
  • 1998 යුගාන්තය 99 උපහාර සම්මානය මුදල් ත්‍යාග ප්‍රධානය - ස්වාධීන රූපවාහිනීය, ලක්හඬ ගුවන්විදුලිය
  • 2001 හොඳම නිළිය - සුමති ටෙලිසම්මාන - කෙම්මුර ටෙලිනාට්‍යය
  • 2001 යාවජීව සම්මානය - යූ.ඩබ්ලිව්.සුමතිපාල අනුස්මරණ
  • 2001 උපහාර සම්මානය - 40 වසරක සිනමා දායකත්වය වෙනුවෙන් - කොළඹ සරසවිය කලාපීඨයේ උපහාර සම්මානය
  • 2003 උපහාර සම්මානය - කැලණිය ගුරුකුල විද්‍යාලයේ ආදි ශිෂ්‍යයා, විද්‍යාලංකාර පිරිවෙන හා කැලණිය ගම්වාසීන්
  • 2003 උපහාර අභිනන්දන සම්මාන - වේදිකාව, සිනමාව හා රූපවාහිනිය ක්ෂේත‍්‍රය වෙනුවෙන් කරන ලද අනුපමේය සේවාව උදෙසා
  • 2006-2007 වසරේ සිත් ගත් සිනමා නිළි සම්මානය - "නවලිය වෙන්ඩෝල් සිනමා උළෙල"
  • 2008 ස්ලිම් නෙල්සන් ජනතා සම්මානය
  • 2008 රජත මයුර සම්මානය – ආකාස කුසුම්

චිත්‍රපට තොරතුරු

වසර චිත්‍රපටය අධ්‍යක්ෂණය චරිතය කරුණු
2008 ආකාස කුසුම් ප්‍රසන්න විතානගේ සන්ධ්‍යා රාණි ජයග්‍රාහිකාව, රිදී මයුර සම්මානය - 39 වන ඉන්දියානු ජාත්‍යන්තර චිත්‍රපට උළෙල
අබා ජැක්සන් ඇන්තනී භද්දකච්චායනා ජයග්‍රාහිකාව, සරසවිය හොඳම සහය නිලිය සම්මානය
මචන් උබර්තෝ පැසොලීනී මනෝජ්ගේ මව
2007 උප්පලවන්නා සුනිල් ආරියරත්න ප්‍රධාන භික්ෂුණිය
2006 අම්මාවරුනේ ලෙස්ටර් ජේම්ස් පීරිස් සුමනාවතී
දේදුනු වැස්ස බුද්ධික ජයරත්න
2004 මුතු ඇටයේ මෝඩයෝ ගිවන්ත අර්ථසාද්
ප්‍රතිරාවය ජයන්ත දාස් පෙරේරා
උඩු සුළග H D ප්‍රේමරත්න මැණිකේ
වෑකන්ද වලව්ව ලෙස්ටර් ජේම්ස් පීරිස් සුජාතා රාජසූරිය
2002 පුංචි සුරංගනාවී සෝමරත්න දිසානායක සිංහල ගුරුතුමිය
2000 සරෝජා සෝමරත්න දිසානායක
1998 අන්තිම රැය ගාමිණී ෆොන්සේකා
1996 අපායේ තත්පර අසූහාරදාහක් දිනේෂ් ප්‍රියසාද්
1977 පයිලට් ප්‍රේම්නාත් A C තිරුලෝගාචන්දාර් දෙමළ චිත්‍රපටයකි
1994 මුතු ඇටයේ මෝඩයෝ සෝමපාල ලීලානන්ද
සඳ මඩල මාලනි ෆොන්සේකා
1992 සත්‍යා රංජිත් සිරිවර්ධන සත්‍යා
රූමතියයි නීතියයි M අරුක්ගොඩ
උමයංන්ගනා ආනන්ද ෆොන්සේකා
Ahimi Dadaman ඩැනී ඩබ් පතිරණ
සුවදෙන සුවඳක් මිල්ටන් ජයවර්ධන
1991 ස්ත්‍රී මාලනී ෆොන්සේකා
මදුසමය කේ ඒ විජේරත්න සරෝජනී
රජ කෙල්ලෝ ෂර්ලි පී විජේරත්න කාන්තා පොලිස් නිළදාරිනිය
හිතට දුකක් නැති නිසා දිනේෂ් ප්‍රියසාද් ගුරුවරිය
පාරාදීසේ දිනේෂ් ප්‍රියසාද්
1990 හොඳ හොඳ සෙල්ලම් දිනේෂ් ප්‍රියසාද්
වීරෝදාර ෂර්ලි පී විජේරත්න
1989 ශක්තිය ඔබයි අම්මා රංග විජේන්ද්‍ර සහ ඇන්ටන් කිංස්ලි
1988 සිරි මැදුර පරාක්‍රම නිරිඇල්ල නිර්මලා
වරදට දඩුවම් දිනේෂ් ප්‍රියසාද්
නැව ගිලුනත් බෑන් චූන් හේමසිරි සෙල්ලප්පෙරැම
සම්මාන
පූර්වප්‍රාප්තිකයා
ස්වර්ණා කහවිට
බිනරමලී
සරසවිය හොඳම නිලිය සම්මානය
හිගන කොල්ලා

1980
අනුප්‍රාප්තික
වසන්ති චතුරානි
ගඟ අද්දර
පූර්වප්‍රාප්තිකයා
වසන්ති චතුරානි
ගඟ අද්දර
සරසවිය හොඳම නිලිය සම්මානය
ආරාධනා

1982
අනුප්‍රාප්තික

පූර්වප්‍රාප්තිකයා

ජනප්‍රියම නිලිය සම්මානය

1980
අනුප්‍රාප්තික

පූර්වප්‍රාප්තිකයා

ජනප්‍රියම නිලිය සම්මානය

1981
අනුප්‍රාප්තික

මූලාශ්‍ර

  1. "ප්‍රවීණ රංගන ශිල්පිණී මාලනී ෆොන්සේකා අභාවප්‍රාප්ත වෙයි". අද දෙරණ. 24 මැයි 2025. සම්ප්‍රවේශය 24 මැයි 2025.
  2. Malani leaves for London
  3. "Biography for Malini Fonseka". IMDb. සම්ප්‍රවේශය 2008-06-19.
  4. CNNGo - Asia’s 25 greatest actors of all time
  5. "Biography-1". (Personal Website). 9 February 2008. 28 March 2009 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2 December 2013.
  6. http://www.sundaytimes.lk/140309/magazine/deauville-tribute-to-malani-87678.html
  7. Malani on Television, http://www.malinifonsekaonline.com/television.html, ප්‍රතිෂ්ඨාපනය 2013-12-02 
  8. http://vinsaara.com/show.php?cat=Mulpituwa&id=32817#.UyvFZaiSwdA[permanent dead link]
  9. http://www.dailynews.lk/local/special-award-malani-fonseka
  10. "President pays glowing tribute to Malini". Daily News. 2 May 2003.
  11. "Legendary Screen Actress Malini Fonseka Honoured in Los Angeles". Asiantribune.com. 28 January 2008. 26 August 2014 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2 December 2013.

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, මාලිනී ෆොන්සේකා පිළිබඳ තොරතුරු, මාලිනී ෆොන්සේකා යනු කුමක්ද? මාලිනී ෆොන්සේකා යනු කුමක් දර්ශනය කරන්නේ?

මුල් පිටුව | ඉහළට යාම

අපව අමතන්න

© 2025 www.dl1.si-lk.nina.az — සියලු හිමිකම් සුරකින ලදී.