රත්න ශ්‍රී විජේසිංහ

රත්න ශ්‍රී විජේසිංහ (උපත 1953 ජුනි 2) සම්මානලාභී ශ්‍රී ලාංකික ගීත රචකයෙකි. 80 දශකයේ පුරෝගාමී කවියකු වූ මොහු සිංහල කාව්‍ය ක්ෂේත්‍රයට මෙන් ම සිංහල ගීත ක්ෂේත්‍රයට වඩා ප්‍රබල නිර්මාණ දායකත්වයක් සැපයූ ගී පද රචකයෙකි. පරිභෝජනවාදී ආර්ථිකය අබිමුව ආතතිය හා තරගකාරිත්වය මත දිවි ගෙවන මානව ජීවිතවල භෞතික හා ආධ්‍යාත්මික යථාර්ථයත් මානව ප්‍රේමය ප්‍රමුඛ සකලවිධ පුද්ගල සබඳතාත් ඔහුගේ තියුණු විමසුමට ලක් වෙයි. ප්‍රචාරකවාදී ප්‍රවණතා අන්තර්ගත කලාවෙහි නිමග්න නොවූව ද සමාජ සාධාරණත්වය පිළිබඳ ගැඹුරු හා පෘථුල දෘෂ්ටියක් මොහුගේ නිර්මාණ වෙතින් ප්‍රකට වෙයි. සම්භාව්‍ය සාහිත්‍යය තුළින් ලත් ශික්ෂණයත් ජන සාහිත්‍යයෙන් උකහාගත් හෘදයග්‍රාහී බවත්එ ක්තැන් වූ සංයමශීලී ප්‍රබල කවියකු ලෙස මොහු සහෘදයාට සමීප වෙයි.

රත්න ශ්‍රී විජේසිංහ
උපත
රත්න ශ්‍රී විජේසිංහ

2 ජුනි 1953(1953-06-02)
නාකියාදෙණිය තෙල්ලඹුර
ජාතිකත්වයSri Lankan
රැකියාවගී පද රචක, කථිකාචාර්ය, ගුවන්විදුලි වැඩසටහන් සම්පාදක, ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්
කලත්‍රයා(යන්)ශිරානි හේමමාලි පීරිස්
දරුවන්සම්මානි (දියණිය), සංදීපනී(දියණිය)
සම්මානසිංහල කාව්‍ය සඳහා රාජ්‍ය සාහිත්‍ය සම්මානය

පෞද්ගලික ජීවිතය

1953 ජූනි මස දෙවැනි දින දකුණු පළාතේ නාකියාදෙණිය තෙල්ලඹුරේ ග්‍රාමයේ දී රත්න ශ්‍රී විජේසිංහ උපන්නේ ය. ඔහු ප්‍රාථමික අධ්‍යාපනය ලැබුයේ නාවල රජයේ පාසල, තෙල්ලඹුර විද්‍යාකාන්ති විදුහල හා තෙල්ලඹුර දුටුගැමුණු විදුහල යන පාසල්වලිනි. පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්වය සමත්වූ රත්න ශ්‍රී, ද්විතීයික අධ්‍යාපනය සඳහා හික්කඩුවේ ශ්‍රී සුමංගල මධ්‍ය මහා විද්‍යාලයට ඇතුළු විය. ඉනික්බිති ගාල්ල රිච්මන්ඞ් විද්‍යාලයෙන් උසස් පෙළ තෙක් විද්‍යා අංශයෙන් උගත් හෙතම පසුව පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් සිංහල විෂය පිළිබඳ ගෞරව උපාධිය ලබා ගත්තේ ය. කැලණිය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍රපති උපාධිධරයකු ද වන රත්න ශ්‍රී සිය වෘත්තීය ජීවිතය අරඹන්නේ ගුරුවරයකු ලෙසිනි. පසු කලෙක දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ සිංහල භාෂා ඒකකය භාර ව කටයුතු කළ ඔහු අනතුරුව උණවටුන අමරසූරිය ගුරු විද්‍යාලයේ කථිකාචාර්යවරයකු ලෙස ද සේවය කළේය. එමෙන් ම ඔහු අමාත්‍යාංශ කිහිපයක ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් තනතුරු දරා ඇත.

පුවත්පත් කවි පිටු ගණනාවක් සංස්කරණයෙහි යෙදෙමින් ආධුනික කවීන්ට ගුරු උපදේශ හා ධෛර්යය සපයන රත්න ශ්‍රී රූපවාහිනී හා ගුවන්විදුලි වැඩසටහන් සම්පාදකයකු ලෙස ද පරිචයක් ලැබී ය. තීරු ලිපි රචනයෙන් සහ විශේෂාංග ලිපි සම්පාදනයෙන් රත්න ශ්‍රී පුවත්පත් කලාවට ද විශේෂ දායකත්වයක් සපයයි.


කාව්‍ය කෘති

මේ සියලු සාහිත්‍ය කර්තව්‍යයන් අතරේ රත්න ශ්‍රී විජේසිංහයන් වඩාත් ම ජනප්‍රිය

වූයේ කාව්‍ය හා ගී පද රචනයෙනි. 1975 දී පළ කළ බිය නොවන් අයියණ්ඩි ඔහුගේ

ප්‍රථම කාව්‍ය සංග්‍රහයයි. පසුව පාඨක විචාරක නොමඳ අවධානය දිනූ වස්සානේ කාව්‍ය

කෘතිය පළ විය. සුබ උදෑසන (රාජ්‍ය සම්මාන) සල් ගහ යට, තරු ලකුණ, මධ්‍යම යාමය,ඔහුගේ අනෙකුත් කාව්‍ය කෘති අතර වේ. රත්න ශ්‍රීගේ ගීත සංග්‍රහයන් වශයෙන් වංකගිරි අරණේ (රාජ්‍ය සම්මාන) සුදු නෙ`ඵම (රාජ්‍ය සම්මාන), ගංගා ගීතය, ඉර බටු තරුව,නෙත නිලුපුල් (රාජ්‍ය සම්මාන), ආලකමන්දා (රාජ්‍ය සම්මාන) යන කෘති හඳුන්වාදිය හැකි ය.

ළමා කෘති

සැළලිහිණියෝ, රන්කිරිකට, රතු කිකිළි, සින්දු කියන උණ පඳුර (රාජ්‍ය

සම්මාන) යන කෘති ඔහුගේ ළමා කෘති අතර වේ.

ලේඛන කාර්යයන්

ලස්සනම අහස හා මතක සිතුවිලි,කටුගහයට, ලියවැල, අත් පසුර යන ලිපි සංග්‍රහයන් හා මහගම සේකර හා සමාජ යථාර්ථය(මහාචාර්ය සුචරිත ගම්ලත් සමග) විමර්ශන කෘතිය රත්න ශ්‍රීගේ ලේඛන කාර්යයන් අතර වේ.

ගී පද රචනා

"මගේ බිසව්නේ අසාපන්”,  "කිරුළ මුතු ලිහී”,  "චන්ද්‍ර මණ්ඩලේ සැතපුණ පුංචි සාවියේ”, බිම්බරක් සෙනග ගැවසුණ”,  "ලෙන්චිනා මගේ නංගියේ”, වැනි ජනප්‍රිය ගී සිය ගණනක් රත්න ශ්‍රී ලියා ඇත.

සම්මාන

රත්න ශ්‍රී විජේසිංහ සාහිත්‍යධරයාගේ නිර්මාණ මෙහෙවර විමර්ශනය කරමින් රචිත විද්වත් ලිපි රැසකින් සමන්විත රත්න ශ්‍රී නවකවියේ චන්ද්‍රෝදය කෘතිය ඔහුගේ නිර්මාණ දිවිය පිළිබඳ මාහැඟි විවරණයකි. රාජ්‍ය සම්මාන රැසකින් පිදුම් ලත් මෙම නිර්මාණකරුවා ජපන්  "බුන්කා” සම්මානයෙන් ද ඇගයීමට ලක් කෙරිණි.

අද දවසේත් රත්න ශ්‍රී විජේසිංහ සිංහල සාහිත්‍ය ක්ෂේත්‍රයේ පෝෂණයට නිබඳ ව දායක වෙමින් සිටියි.


  1. Fonseka, Carlo (2013-06-01). "Celebrating Rathna Sri Wijesinghe: Lyrical Poet". The Island. Sri Lanka. සම්ප්‍රවේශය 2016-11-11.
  2. "සිංහල සාහිත්‍ය රසාස්වාදය 10 - 11 ශ්‍රේණි පෙළපොත" (PDF). edupub.gov.lk. p. 122. 2020-01-10 දින මුල් පිටපත (PDF) වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2020-04-21. {{cite news}}: Text "access-" ignored (help)
  3. "සිංහල සාහිත්‍ය සංග්‍රහය 10 - 11 ශ්‍රේණි" (PDF). edupub.gov.lk. p. 129. {{cite news}}: Text "access-" ignored (help)[permanent dead link]
  4. "සිංහල සාහිත්‍ය සංග්‍රහය 10 - 11 ශ්‍රේණි" (PDF). edupub.gov.lk. p. 129. {{cite news}}: Text "access-" ignored (help)[permanent dead link]
  5. "සිංහල සාහිත්‍ය සංග්‍රහය 10 - 11 ශ්‍රේණි" (PDF). edupub.gov.lk. p. 129. {{cite news}}: Text "access-" ignored (help)[permanent dead link]
  6. "සිංහල සාහිත්‍ය සංග්‍රහය 10 - 11 ශ්‍රේණි" (PDF). edupub.gov.lk. p. 129. {{cite news}}: Text "access-" ignored (help)[permanent dead link]
  7. "සිංහල සාහිත්‍ය සංග්‍රහය 10 - 11 ශ්‍රේණි" (PDF). edupub.gov.lk. p. 129. {{cite news}}: Text "access-" ignored (help)[permanent dead link]
  8. "සිංහල සාහිත්‍ය සංග්‍රහය 10 - 11 ශ්‍රේණි" (PDF). edupub.gov.lk. p. 129. {{cite news}}: Text "access-" ignored (help)[permanent dead link]
  9. "සිංහල සාහිත්‍ය සංග්‍රහය 10 - 11 ශ්‍රේණි" (PDF). edupub.gov.lk. p. 129. {{cite news}}: Text "access-" ignored (help)[permanent dead link]

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, රත්න ශ්‍රී විජේසිංහ පිළිබඳ තොරතුරු, රත්න ශ්‍රී විජේසිංහ යනු කුමක්ද? රත්න ශ්‍රී විජේසිංහ යනු කුමක් දර්ශනය කරන්නේ?