රමණී එලිසබෙත් බර්තෝලමියුස් (1966 සැප්තැම්බර් 1 – 1987 ජුනි 30) ශ්‍රී ලංකාවේ හිටපු නිළියක සහ නිරූපිකාවකි. 1985 වසරේ ශ්‍රී ලංකා රූ රැජින වූවේද ඇයයි. එම වසරේ පැවැති විශ්ව රූ රැජින තරඟයටද රමණී සහභාගී වූවාය.
රමණී බර්තෝලමියුස් Ramani Bartholomeusz | |
|---|---|
| උපත | රමණී එලිසබෙත් බර්තෝලමියුස් 1 සැප්තැම්බර් 1966 |
| මරණය | 30 ජූනි 1987 (වයස 20) |
| උස | අඩි 5 අඟල් 08 (මීටර 1.73) |
| Title | ශ්‍රී ලංකා රූ රැජින 1985 |
කලා දිවිය
1983 දී රමණී ප්‍රථම වරට, ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ යුගාන්තය චිත්‍රපටයෙහි චමරී නමින් චරිතයක් රඟපාමින් රිදී තිරයට පිවිසුනු අතර මේ අවධියේදී ඇය ගම්පහ සිරිකුරුස විද්‍යාලයේ ශිෂ්‍යාවකව සිටියාය. 1985 විශ්ව රූ රැජින තරඟයට සහභාගී වීමෙන් අනතුරුව ඇය, ධර්මසිරි බණ්ඩාරණායකගේ මාරාක්ෂයහී සහ කමල් අද්දරාරච්චි සමග හිම කුමාරි හී රඟපෑවාය. ඇය විසින් රංගනයෙන් දායක වූ භාග්‍යා ටෙලි නාට්‍යයේ ආජුතපර ගීතය එකල කා අතරත් අතිශය ජනප්‍රිය විය.
මරණය
1987 ජුනි 30 වන දිනදී, කමල් අද්දරාරච්චි පදවාගෙන යමින් සිටි රථයට හසුවී බරපතල තුවාල ලැබීම නිසා රමණී මිය ගියාය. ඇය රථයට හසුවීම සම්බන්ධව, එකල කා අතරත් කුකුසක් ඇති කිරීමට සමත් විය. මියයන විට ඇගේ වයස අවුරුදු 20 ක් විය.
මූලාශ්‍ර
- Death of Ramani Bartholomeusz-Lakbima [permanent dead link]
- සංරක්ෂිත පිටපත, http://www.pageant-almanac.com/miss-universe/parade/sri-lanka.php, ප්‍රතිෂ්ඨාපනය 2014-02-10
- සංරක්ෂිත පිටපත, http://www.jimmyspageantpage.com/MU1985.htm, ප්‍රතිෂ්ඨාපනය 2014-02-10
- http://www.sundaytimes.lk/000625/tv.html#1LABEL3
- සංරක්ෂිත පිටපත, http://athal.info/Ramani-Bartholomeusz%27-Story.php, ප්‍රතිෂ්ඨාපනය 2014-03-28
- http://www.gossiplankanews.com/2012/11/the-post-mortem-of-ramani-bartholomeusz.html
භාහිර සබැදි
- Ramani Bartholomeusz in Sri Lanka Cinema Database
- The Sunday Times: Article by Ramesh Uvais
- රමණී බර්තෝලමියුස් සඳහා අයිඑම්ඩීබී හි ඇති තොරතුරු
- YouTube: Miss Universe 1985 - Parade of Nations
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, රමණී බර්තෝලමියුස් පිළිබඳ තොරතුරු, රමණී බර්තෝලමියුස් යනු කුමක්ද? රමණී බර්තෝලමියුස් යනු කුමක් දර්ශනය කරන්නේ?