රිජ්වේ තිලකරත්න (ඉංග්‍රීසි: Ridgeway Thilakeratne) යනු එවකට සිලෝන් ගුවන් විදුලි සංස්ථාවේ සභාපති හා අධ්‍යක්ෂ ජනරාල් ධූරය දැරූ (1973 – 1977) කීර්තිමත් සිවිල් නිලධාරියකි. රිජ්වේ තිලකරත්න කවියෙක් මෙන්ම ගීත රචකයෙක්ද වෙයි.
රිජ්වේ තිලකරත්න | |
|---|---|
| උපත | 14 අගෝස්තු 1931 |
| මරණය | 19 අගෝස්තු 1981 |
| අධ්‍යාපනය | නාලන්දා විද්‍යාලය, කොළඹ |
| සංගණ්‍ය වන්නේ | සිලෝන් ගුවන් විදුලි සංස්ථාවේ සභාපති හා අධ්‍යක්ෂ ජනරාල් |
ජීවන සටහන්
මීට අමතරව රිජ්වේ තිලකරත්න, පොලොන්නරුව, හම්බන්තොට, රත්නපුර දිස්ත්‍රීක්කයන්හි දිසාපති ධූර දරන ලදී. තවද ඔහු එවකට ප්‍රවෘත්ති හා ගුවන්විදුලි අමාත්‍යංශයේ ස්ථිර ලේකම් ධූරයද හොබවා ඇත.
රිජ්වේ තිලකරත්න කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකි. කරුණාරත්න අබේසේකර, චිත්‍රානන්ද අබේසේකර, ස්ටැන්ලි ජයසිංහ, හෙන්රි ජයසේන, ගුණදාස අමරසේකර රිජ්වේගේ නාලන්දා විද්‍යාලීය සමකාලීනයන්ය.
ආශ්‍රිත
- රිජ්වේ තිලකරත්නයන් ගේ ඉංග්‍රීසි විකිපීඩියා පිටුව
- කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසු සිවිල් නිලධරයන්
- ප්‍රබුද්ධ ගී සංස්කෘතියක් බිහිකළ කලාකාමී සිවිල් නිලධාරියා සංරක්ෂණය කළ පිටපත 2010-08-30 at the Wayback Machine
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, රිජ්වේ තිලකරත්න පිළිබඳ තොරතුරු, රිජ්වේ තිලකරත්න යනු කුමක්ද? රිජ්වේ තිලකරත්න යනු කුමක් දර්ශනය කරන්නේ?