විද්‍යාව, ගණිතය සහ දර්ශනය

ඇපල්, පොල්, බෝල, වෙඩි උන්ඩ,රොකට් ආදී වස්තූන් ගේ හැසිරීම (චලනය) ඉතා කුඩා අංශූන් වන ඉලෙක්ට්‍රෝන, ක්වාක්ස් අදී අංශූන්ගේ හැසිරීමෙන් හාත්පසින් වෙනස් වූ ක්‍රමයකට ගණිතය මගින් විස්තර කෙරේ. වීශ්ව වස්තූන් වන ග්‍රහලෝක, මන්දාකිනි ආදියේ චලන රටාවන් අධ්‍යයනයට ඒ ඒ මට්ටමට අදාලවන චින්තන ක්‍රම (ගණිත ක්‍රම) හෝ උපකල්පන (දර්ශනවාද) උපයෝගී කරගනු ලැබේ.

අපි ලෝකය දකින අන්දමත්, පරමාණු විද්‍යාඥයන් ගේ ලෝකයත්, තාරකා විද්‍යාඥයා ලෝකය දකින අන්දමත්, සැසදිය නොහැකි තරමේ වෙනස්කම් පෙන්නුම් කරයි. ඒ බව නොසලකා එකම දැක්මකින් සියල්ල විග්‍රහ කිරීමට යාමෙන් බරපතල අවුල්, වියවුල් මත ගැටුම් වලට මිනිසා ලක්වනු දැකීම සුලබ අත්දැකීමකි.

විශාලනයේ මට්ටම්:(Levels of magnification:)

1. විශාල මට්ටම (Macroscopic level): ද්‍රව්‍යය (Matter)

2. අණුක මට්ටම (Molecular level)

3. පරමානු මට්ටම (Atomic level): ප්‍රෝටෝන (Protons), නියුට්‍රෝන (neutrons), සහ ඉලෙක්ට්‍රෝන (electrons)

4. උප පරමානුක මට්ටම (Subatomic level) : Electron

5. උප පරමානුක මට්ටම (Subatomic level): Quarks

6. තන්තු මට්ටම (String level)

මට්ටම හා යෙදෙන ගණිත සංකල්ප

මිනිසා තමා දන්නා ලෝකය හා එහි හැසිරීම (චලනයන්) සිදුවන අන්දම විස්තර කිරීමට, පිළිගතහැකි සාධක අනුව විද්‍යාත්මක ප්‍රවාද (සමීකරණ) නිපදවාගනී. ඔහුගේ දැනුම් පරාසය පුළුල් වීමේදී අදාල ප්‍රවාදයන්ද ඒ අනුව සංශෝධනයට ලක්වේ. උදාහරණයක් වශයෙන් නිව්ටන් නියම මගින් ග්‍රහලෝක වල මෙන්ම කුඩා වස්තූන් (බෝල ආදියේ) චලිතය විස්තර කළ හැකි විය. නමුත් ඉලෙක්ටෝන වැනි ඉතා කුඩා වස්තූන්ගේ හැසිරීම විස්තර කිරීමට ඒවා ප්‍රමාණවත් නොවුනි.

අයින්ස්ටයින් නියම මගින් එම දුෂ්කරතාව ජයගත් අතර ආලෝකයේ වේගයට ආසන්නව චලනය වන ශක්ති අංශුන් ගේ සිට චක්‍රාවාට චලිතය දක්වා පුළුල් පරාසයක හැසිරීම් විස්තර කිරීමට හැකිවිය.

ඉතා ක්ෂුද්‍ර ශක්තීන් ගේ සහ දන්නාවූ විශ්වයේ හැසිරීම් විස්තර කිරීමට වඩා නූතන ප්‍රවාද ඉදිරිපත්කර ඇත.

1. විශාල මට්ටම (Macroscopic level): ද්‍රව්‍යය (Matter)

නිව්ටන් ගේ චලිත නියම

2. අණුක මට්ටම (Molecular level)

අයින්ස්ටයින් ගේ සාපේක්ෂතාවාදය

3. පරමානු මට්ටම (Atomic level): ප්‍රෝටෝන (Protons), නියුට්‍රෝන (neutrons), සහ ඉලෙක්ට්‍රෝන (electrons)

විශේෂ සාපේක්ෂතාවාදය

4. උප පරමානුක මට්ටම (Subatomic level) : Electron

string theory

5. උප පරමානුක මට්ටම (Subatomic level): Quarks

Theory of everything

6. තන්තු මට්ටම (String level)

M-Theory

සංකල්ප සඳහා ආකෘති

පංචේන්ද්‍රියන්ට ගෝචර නොවන නමුත් ඥානයෙන් (සංකල්පීකරණයෙන්) ගොඩනගා ගතහැකි හෝ නොහැකි කරුණු අරභයා ගණිත සංකල්ප හෝ ජ්‍යාමිතික රූප රටා උපයෝගීකර ගැණිමෙන් ආකෘති ගොඩනගනු ලැබේ.

එම ආකෘති යොදාගනිමින් සිදුකරණ පුරෝකථන භෞතික ලෝකය තුලින් තහවුරු වුවහොත් අදාල උපකල්පණ සත්‍ය යැයි පිළිගැනීමට ලක්වේ.

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, විද්‍යාව, ගණිතය සහ දර්ශනය පිළිබඳ තොරතුරු, විද්‍යාව, ගණිතය සහ දර්ශනය යනු කුමක්ද? විද්‍යාව, ගණිතය සහ දර්ශනය යනු කුමක් දර්ශනය කරන්නේ?