1

මුල් පිටුව | 1

1 වසර (I) යනු, ජූලියානු දින දසුන ප්‍රකාර (මූලාශ්‍ර විවිධ ස්වරූප ගනියි, වැඩිපුර විස්තර සඳහා අධික අවුරුදු දෝෂය බලන්න) සෙනසුරාදා දිනයකින් හෝ ඉරිදා දිනයකින් හෝ ඇරඹෙන සාමාන්‍ය අවුරුද්දක් (බැඳිය විසින් මුළු දින දසුන දක්වයි) වූ අතර ප්‍රලම්බිත ජූලියන් දින දර්ශනය ප්‍රකාර සෙනසුරාදා දිනයකින් ඇරඹෙන සාමාන්‍ය අවුරුද්දක් විය. ප්‍රලම්බිත ග්‍රෙගෝරියානු දින දසුන් ක්‍රමයෙහි, එය සඳුදා දිනයකින් ඇරඹෙන සාමාන්‍ය අවුරුද්දක් විය. එකල එය හැඳින්වුනේ, සීසර්ගේ සහ පවුලුස්ගේ රාජ්‍යතාන්ත්‍රික ධූර වර්ෂය (හෝ, එතරම් ප්‍රචලිත නොවන අයුරින්, අබ් ඌර්බෙ කෝන්ඩිටා 754 වසර ) ලෙසිනි. මෙම වසර සඳහා 1 යන නාමය භාවිත වීම ඇරඹුනේ මුල් මධ්‍යතන යුගයේදී, වසර නම් කිරීම සඳහා යුරෝපයේ ප්‍රචලිත භාවයට පත් ක්‍රමය ලෙසින් ක්‍රිස්තු වර්ෂ දින දසුන් යුගය ඇරඹීම හා සමගය. ක්‍රිස්තියානි/පොදු යුගයේ පළමු වසර එය විය. පුළුල් ලෙස භාවිතා වූ ජූලියානු දින දසුනෙහි එයට පෙර වසර ක්‍රිපූ 1 වූයේ, එහි "ශුන්‍යය වසරක්" නොතිබූ බැවිනි.

සහශ්‍රවර්ෂය: 1 වන සහස්‍රවර්ෂය
සියවස්: ක්‍රිපූ  1 වන සියවස – 1 වන සියවස – 2 වන සියවස
දශක: ක්‍රිපූ  20ගණන්  ක්‍රිපූ  10ගණන්  ක්‍රිපූ  0ගණන්  – 0ගණන් –  10ගණන්  20ගණන්  30ගණන්
වසර: ක්‍රිපූ  3 ක්‍රිපූ  2 ක්‍රිපූ  1 – ක්‍රිව 1 – ක්‍රිව 2 ක්‍රිව 3 ක්‍රිව 4

සිද්ධි

ස්ථානය අනුව

රෝමානු අධිරාජ්‍යය

  • ඔගස්ටස්ගේ අණ පරිදී, ටයිබේරියස් විසින්, ජර්මේනියාවේ කැරළි මැඩ පැවැත්විණි(1–5).
  • ගයියුස් සීසර් සහ ලුසියස් ඈමිලියස් පවුලුස් යන දෙදෙන කොන්සල්වරු ලෙසින් පත් කරනු ලැබිණි.
  • කනිෂ්ඨ ඇන්ටෝනියා සහ නීරෝ ක්ලෝඩියස් ඩරූසස් යන්නන්ගේ දුවණියවූ ලීවියා හා ගයියුස් සීසර් විවාහ වූයේ ගරුත්වය ලඟා කර ගැනුමේ ප්‍රයත්නයක් වශයෙනි.

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, 1 පිළිබඳ තොරතුරු, 1 යනු කුමක්ද? 1 යනු කුමක් දර්ශනය කරන්නේ?

මුල් පිටුව | ඉහළට යාම

අපව අමතන්න

© 2025 www.dl1.si-lk.nina.az — සියලු හිමිකම් සුරකින ලදී.