පළමුවන සියවස

මුල් පිටුව | පළමුවන සියවස

1 වන සියවස යනු, ජූලියානු දින දසුන ප්‍රකාර, 1 සිට 100 වසර දක්වා පැවති සියවස විය. සම්භාව්‍ය යුගයෙහි, වකවානුවෙහි, හෝ ඓතිහාසික කාල පරිච්ඡේදයෙහි කොටසක් ලෙසින් එය සැලකෙයි.

සහශ්‍රය: 1 වන සහස්‍රවර්ෂය
සියවස්:
  • ක්‍රිපූ  1 වන සියවස
  • 1 වන සියවස
  • 2 වන සියවස
දශක: 0ගණන් 10ගණන් 20ගණන් 30ගණන් 40ගණන්
50ගණන් 60ගණන් 70ගණන් 80ගණන් 90ගණන්
ප්‍රවර්ග: උපත් – මරණ
සංස්ථාපනයන් – විසංස්ථාපනයන්

මෙම කාල පරිච්ඡේදය තුලදී, යුරෝපය, උතුරු අප්‍රිකාව සහ මෑත පෙරදිග යන ප්‍රදේශයන්, විතත ප්‍රවර්ධනයකට ලක්වී තිබූ රෝමානු අධිරාජ්‍යයේ ඉමහත් ආධිපත්වයට නතු වූ අතර, ක්ලෝඩියස් (43) අධිරාජයා යටතේ , බ්‍රිතාන්‍යය යටත් කරගැනුම සංගණ්‍ය සිද්ධියක් විය. පූර්ව සියවසෙහි සිවිල් යුද්ධ අදාල ආරාවුල් වලින් පසුව පැමිණි, ඔගස්ටස්ගේ දිගු රාජ්‍ය කාලය තුලදී හඳුන්වාදුන් ප්‍රතිසංස්කරණ නිසා, අධිරාජ්‍යය ස්ථායිකරණයට ලක් විය. ඔගස්ටස් විසින් ඇරඹුනු, ජූලියෝ-ක්ලෝඩියානු රාජ වංශය, සියවසෙහි පසු කලෙකදී අභාවයට පැමිණියේ, වසර 68දී නීරෝගේ මරණය හා සමගය. මින් පසුව පැමිණි, පසිඳු අධිරාජයන් සතර දෙනාගේ වසර නම්වූ සිවිල් යුද්ධයන් සපිරි සහ අස්ථායිභාවයේ කෙටි කාල පරිච්ඡේදයක්, සම්පූර්ණ වශයෙන් කෙළවර කරන ලද්දේ, ෆ්ලේවියානු රාජ වංශයේ ආදිකර්තෘ සහ, 9වන රෝමානු අධිරාජයාවූ, වෙස්පේසියන් විසිනි. සාමාන්‍ය වශයෙන් ගත් කල, මෙම කාල පරිච්ඡේදය තුලදී, රෝමානු අධිරාජ්‍යය විසින් සෞභාග්‍යය සහ ආධිපත්‍යය හිමි කර ගත් අතර, 1 වන සියවස සැලකෙනුයේ අධිරාජ්‍යයේ ස්වර්ණමය යුගය ලෙසිනි.

මූලාශ්‍ර

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, පළමුවන සියවස පිළිබඳ තොරතුරු, පළමුවන සියවස යනු කුමක්ද? පළමුවන සියවස යනු කුමක් දර්ශනය කරන්නේ?

මුල් පිටුව | ඉහළට යාම

අපව අමතන්න

© 2025 www.dl1.si-lk.nina.az — සියලු හිමිකම් සුරකින ලදී.