විශ්වනාදන් රුද්‍රකුමාරන් යනු, ශ්‍රී ලංකාව තුල දෙමළ ඊළම නමින් වෙනමම රාජ්‍යයක් ගොඩනගා ගැනීම අරමුණු කොට ගනිමින් පිහිටුවා ගත්, දෙමළ ඊළාම් දේශාතික්‍රාන්ත ආණ්ඩුව යන සංවිධානයේ අගමැති ලෙස හඳුන්වාගන්නා පුද්ගලයා වේ. ඔහු ත්‍රස්ත සංවිධානයක් වූ දෙමළ ඊළාම් විමුක්ති කොටි (එල්ටීටීඊ) සංවිධානයේ හිටපු නීති උපදේශකයාද වෙයි. වෘත්තීයෙන් එක්සත් ජනපදයේ නීතිඥයෙකු වන රුද්‍රකුමාරන්, වර්තමානයේදී එරට නිව්යෝර්ක් හී වාසය කරයි.
විශ්වනාදන් රුද්‍රකුමාරන් Visvanathan Rudrakumaran | |
|---|---|
| උපත | |
| වෘත්තිය | නීතිඥයා |
| සංගණ්‍ය වන්නේ | දෙමළ ඊළාම් දේශාතික්‍රාන්ත ආණ්ඩුව යන සංවිධානයේ අගමැති ලෙස හඳුන්වාගන්නා පුද්ගලයා ලෙස |
මුල් අවධිය
යාපනය හිටපු නගරාධිපති විශ්වනාදන්ගේ පුත්‍රයා වූ රුද්‍රකුමාරන්, සිය අධ්‍යාපන කටයුතු යාපනය මධ්‍ය මහා විද්‍යාලයෙනුත්, කොළඹ නීති විද්‍යාලයෙනුත් හදාරණ ලදී.[1] සංරක්ෂණය කළ පිටපත 2012-06-13 at the Wayback Machine
එල්ටීටීඊ ත්‍රස්ත සංවිධානයේ නීති උපදේශකයා ලෙස
එල්ටීටීඊ ත්‍රස්ත සංවිධානය හමුදාමය ලෙස ශ්‍රී ලංකාව තුලදී පරාජයට පත් වීමට පෙර, රුද්‍රකුමාරන් එම ත්‍රස්ත සංවිධානයේ නායකයා වූ වේළුපිල්ලේ ප‍්‍රභාකරන්ගේ ජාත්‍යන්තර නීති උපදේශකයා සහ ජාත්‍යන්තර හා රාජ්‍යතාන්ත්‍රික කටයුතු පිළිබඳව භාරව සිටි පුද්ගලයා විය. ඔහු රජීව් ගාන්ධී ඝාතන නඩුවේ විත්ති පාර්ශවයේ සමායෝජක නීතිඥයා ලෙසත්, කැනඩාවේ පැවැති සුරේෂ් මානික්කවාසගම් නඩු විභාගයේ සහයකයා ලෙසත්, අමෙරිකා එක්සත් ජනපදය විසින් 1997 වර්ෂයේදී එල්ටීටීඊ සංවිධානය විදේශ ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස නම් කිරීමට එරෙහිවත් කටයුතු කරමින්, එල්ටීටීඊ සංවිධානය වෙත දැඩිව සහය දැක්වූ පුද්ගලයෙකු බැව්ද සඳහන් වෙයි. ශ්‍රී ලංකා රජය සමග පැවැති සමහර සාම සාකච්ඡාවන්හීදී එල්ටීටීඊ පාර්ශවය නියෝජනය කලේද රුද්‍රකුමාරන් විසිනි.
දෙමළ ඊළාම් දේශාතික්‍රාන්ත ආණ්ඩුව යන සංවිධානය තුල
වර්තමානයේදී රුද්‍රකුමාරන් දෙමළ ඊළාම් දේශාතික්‍රාන්ත ආණ්ඩුව නම් සංවිධානයේ අග්‍රාමාත්‍ය කෙනෙකු ලෙස හදුන්වනු ලබයි. මෙම පත්කිරීම සඳහා පැවැති මත විමසුම් නෝර්වේ, ප්‍රංශය, කැනඩාව, ස්විට්සර්ලන්තය, ජර්මනිය, නෙදර්ලන්තය සහ එක්සත් රාජධානිය වැනි දෙමළ ඩයාස්පෝරාව වැඩි වශයෙන් සිටින රටවල් තුල පැවැත්වූ බව පැවසෙයි.
මේවාද බලන්න
ආශ්‍රිත
- "රුද්‍රකුමාරන් එමර්ජස් ඈස් ඩයාස්පෝරා ලීඩර්". දි අයිලන්ඩ්. tamilnewsnetwork.com. 13 පෙබරවාරි 2011. සම්ප්‍රවේශය 30 අප්‍රියෙල් 2014.
- "'වී විල් බිකම් අ පවර් සෙන්ටර්' - රුද්‍රකුමාරන්". Tehelka. 8 අගෝස්තු 2009. 2009-08-04 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 30 අප්‍රියෙල් 2014.
- http://www.tamilnet.com/art.html?catid=13&artid=30548
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, විශ්වනාදන් රුද්‍රකුමාරන් පිළිබඳ තොරතුරු, විශ්වනාදන් රුද්‍රකුමාරන් යනු කුමක්ද? විශ්වනාදන් රුද්‍රකුමාරන් යනු කුමක් දර්ශනය කරන්නේ?