ශ්‍රී ලාංකික පාර්ලිමේන්තු මැතිවරණය, 2020

මුල් පිටුව | ශ්‍රී ලාංකික පාර්ලිමේන්තු මැතිවරණය, 2020

ශ්‍රී ලංකාවෙහි 16වන පාර්ලිමේන්තුව සඳහා මන්ත්‍රීවරු 225 දෙනෙකු තෝරා පත් කර ගනු ලැබීම සඳහා ශ්‍රී ලංකාවෙහි පාර්ලිමේන්තු මැතිවරණය 2020 අගෝස්තු 5 දිනදී පැවැත්විණි. මෙහිදි ශ්‍රී ලංකා මැතිවරණ ඉතිහාසය වෙනස් කරමින් මහනුවර දිස්ත්‍රික්කය හා නුවරඑලිය දිස්ත්‍රික්කයට ජලකරාමය යටතේ තරඟ කල අමිත් වීරසිංහයන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ, එක්සත් ජාතික පක්ෂය වැනි පක්ෂ පරදවා තුන්වන ස්ථානයට පත් වීම ශ්‍රී ලංකා මැතිවරණ ඉතිහාසයේ ස්වාධීන කණ්ඩායමක් ලැබු වාර්තාවකි. එමෙන්ම ශ්‍රී ලංකා මැතිවරණ

16වන ශ්‍රී ලාංකික පාර්ලිමේන්තු මැතිවරණය

← 2015 5 අගෝස්තු 2020 2024 →
← ඉවත්ව යන සාමාජිකයෝ
තේරීපත්වූ සාමාජිකයෝ →

ශ්‍රී ලංකාවෙහි පාර්ලිමේන්තුවෙහි සියළුම ආසන
බහුතරය සඳහා ආසන 113 අවශ්‍ය වෙයි
ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය75.89%
  පළමුවන පක්ෂය දෙවන පක්ෂය
 
නායකයා මහින්ද රාජපක්ෂ සජිත් ප්‍රේමදාස
පක්ෂය ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය සමගි ජන බලවේගය
මෙදින සිට නායකයා 2019 2020
නායකයාගේ ආසනය කුරුණෑගල දිස්ත්‍රික්කය කොළඹ දිස්ත්‍රික්කය
අවසන් මැතිවරණය 95 නව පක්ෂය
දිනා ගත් ආසන 145 54
ආසන වෙනස 50 54
ජනප්‍රිය ඡන්ද 6,853,690 2,771,980
ප්‍රතිශතය 59.09% 23.90%
වෙනස්වීම 16.71% 23.90%

  තෙවන පක්ෂය සතරවන පක්ෂය
 
නායකයා රාජවරෝතියම් සම්බන්ධන් අනුර කුමාර දිසානායක
පක්ෂය දෙමළ ජාතික සන්ධානය ජාතික ජන බලවේගය
මෙදින සිට නායකයා 2001 2019
නායකයාගේ ආසනය ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය කොළඹ දිස්ත්‍රික්කය
අවසන් මැතිවරණය 16 6
දිනා ගත් ආසන 10 3
ආසන වෙනස ▼6 ▼3
ජනප්‍රිය ඡන්ද 327,168 445,958
ප්‍රතිශතය 2.82% 3.84%
වෙනස්වීම ▼1.80% ▼1.03%

දිනාගත් මැතිවරණ කොට්ඨාශ

■ – ශ්‍රීලංනිපොස ■ – සජබ ■ – දෙජාස ■ – ශ්‍රීලංනිප ■ – ඊජප්‍රප

■ – වෙනත් පක්ෂ

අග්‍රාමාත්‍යවරයා මැතිවරණයට පෙර

මහින්ද රාජපක්ෂ
එක්සත් ජනතා නිදහස් සන්ධානය

අග්‍රාමාත්‍යවරයා මැතිවරණයට පසු

මහින්ද රාජපක්ෂ
ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය

ඡන්ද ප්‍රතිශතය තුලින්ද සැලකිය යුතු මට්ටමක් ලබා ගත් මැතිවරණයකි. නමුත් ඔහුගේ පාර්ලිමේන්තු ආසනයට ඡන්ද 416 ක ඡන්ද ප්‍රමාණයක් මදි වීම නිසා අමිත් වීරසිංහයන් හට පාර්ලිමේන්තු අසුන අහිමි විය. නමුත් එතුමා නැවත ඡන්ද ගණන් කල යුතු යැයි කල පෙත්සම් සියල්ලම විභාග නොවීය. 

තරග වැදුණු පක්ෂ

මැතිවරණය සඳහා තරග වැදුණු ප්‍රධාන පක්ෂ සහ සන්ධාන අතර ශ්‍රී ලාංකික ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ පාලක ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය (ශ්‍රීලංනිපොස), ප්‍රධාන විපක්ෂය වූ රනිල් වික්‍රමසිංහගේ එක්සත් ජාතික පක්ෂය (එජාප), සජිත් ප්‍රේමදාසගේ සමගි ජන බලවේගය (සජබ) සහ අනුර කුමාර දිසානායකගේ ජාතික ජන බලවේගය (ජාජබ) විය.

විකාශනය

2020 මාර්තු 19 දිනදී, මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය හෙළිදරව් කලේ කොවිඩ්-19 ව්‍යාප්ත වසංගතය හේතුවෙන් මැතිවරණය දින නියමයක් නොමැතිව කල් දමනු ලැබෙන බවයි.

ජන්දදායක මත විචාරණ

මුල් ජන්දදායක මත විචාරණ වාර්තා සහ මත විමසුම් සඳහන් කලේ, ප්‍රධාන වශයෙන් කොවිඩ්-19 ව්‍යාප්ත වසංගතය මැඩ පැවැත්වීමෙහිදී පාලක රජය ලත් අතිප්‍රමුඛ සාර්ථකත්වය සහ 2019 පාස්කු ප්‍රහාර තුලදී එජාප-නායකත්වය දැරුණු රජය වෙතින් ප්‍රධාන බුද්ධිතොරතුරු නොසලකාහැරීම් සිදුවූ බවට ඉන්පසුව කෙරුණු විමර්ශන තුලින් හෙළිවීම නිසාවෙන් එය කෙරෙහි සෘණාත්මක කුප්‍රකටත්වයක් ඇතිවීම යන කරුණු නිසා මැතිවරණයෙහිදී ජයග්‍රහණය ලැබීමට ජනප්‍රියත්වයක් දරන්නේ පාලක ශ්‍රීලංනිපොස බවයි.

මැතිවරණ ව්‍යාපාර

මැතිවරණ ව්‍යාපාරය තුලදී අපේක්ෂකයන් විසින් රුපියල් බිලියන 2.2 ප්‍රමාණයක මුදලක් වියදම් කොට තිබුණු අතර, අනෙකුත් පක්ෂ සමග සංසන්දනය කෙරුණු විට සජබ විසින් වැඩි මුදලක් වැය කර තිබුණි.

කාලානුරූපය

2018
  • 2018 නොවැම්බර් 9– ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් 2019 ජනවාරි 5 දින මහා මැතිවරණය පැවැත්විය යුතු බවට නියම කෙරිණි.
  • 13 දෙසැම්බර් 2018 – ශ්‍රී ලංකාවෙහි ශ්‍රේෂ්ඨාධිකරණය ඒකමතිකව තීරණය කලේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට සහ නව මැතිවරණයක් පැවැත්වීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන දුන් නියෝගය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විරෝධි බවයි.

පසුබිම

2018 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාමය අර්බුදය තුලදී සිරිසේන විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැර හදිසි මහා මැතිවරණයක් පැවැත්වීමට නියම කලේ අග්‍රාමාත්‍ය තනතුර සඳහා ඔහුගේ නාමික මහින්ද රාජපක්ෂ විසින් ඔහුගේ නාමිකත්වය අනුමත කිරීමට පාර්ලිමේන්තුව තුල බහුතරයක් ලබා ගැනුමට අපොහොසත් වීම හා සමගය.


මැතිවරණ ක්‍රමය

විවෘත පක්ෂ-ලැයිස්තු සමානුපාතික නියෝජන ක්‍රමය යටතේ, බහු-මන්ත්‍රී මැතිවරණ දිස්ත්‍රික්ක 22ක් සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 196 තෝරා ගනු ඇත.

ප්‍රචණ්ඩත්වය සහ මැතිවරණ නීති උල්ලංඝණය

ප්‍රතිඵල

2020 අගෝස්තු 6 දිනදී පළමු නිල ප්‍රතිඵලය නිකුත් කෙරුණේ ගාල්ල දිස්ත්‍රික්කයෙහි තැපැල් ඡන්ද ප්‍රතිඵලය හා සමගිනි.

දිවුරුම් දීම

සිව්වන වරට ශ්‍රී ලංකාවෙහි අග්‍රාමාත්‍යවරයා ලෙසින් 2020 අගෝස්තු 9 වන දිනදී කොළඹ අසබඩ කැලණිය රාජ මහා විහාරයෙහිදී මහින්ද රාජපක්ෂ දිවුරුම් දුන්නේය.

පාර්ලිමේන්තු සංයුතිය

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ: ආසන 145

ඊළාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය: ආසන 2

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය: ආසන 1

දෙමළ මක්කල් විදුතලෙයි පුලිකල්: ආසන 1

ජාතික කොංග්‍රසය: ආසන 1

සමගි ජන බලවේගය: ආසන 54

එක්සත් ජාතික පක්ෂය: ආසන 1

සමස්ත ලංකා මක්කල් කොංග්‍රසය: ආසන 1

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය: ආසන 1

ඉලංකෙයි තමිල් අරසු කච්චි: ආසන 10

ජනතා විමුක්ති පෙරමුණ: ආසන 3

අකිල ඉලංකෙයි දෙමළ කොංග්‍රසය: ආසන 2

අපේ ජනතා පක්ෂයේ බලය: ආසන 1

දෙමළ ජනතා ජාතික සන්ධානය: ආසන 1

මුස්ලිම් ජාතික සන්ධානය: ආසන 1

සටහන්

  1. නිරූපණය වන්නේ දැනට අභාවයට ගොස් ඇති එක්සත් ජනතා නිදහස් සන්ධානය (එජනිස) විසින් 2015 පාර්ලිමේන්තු මැතිවරණයෙහිදී ජයග්‍රහණය කල ආසන සංඛ්‍යාව වෙයි.
  2. නිරූපණය වන්නේ ජනතා විමුක්ති පෙරමුණ (ජවිපෙ) විසින් 2015 පාර්ලිමේන්තු මැතිවරණයෙහිදී දිනාගත් ආසන සංඛ්‍යාව වෙයි.

ආශ්‍රිත

  1. "මූව් ටු ඩිසෝල්ව් ශ්‍රී ලංකාස් පාර්ලිමන්ට්". බීබීසී. 9 නොවැම්බර් 2018.
  2. "ශ්‍රී ලංකා සුප්රීම් කෝට් සේස් ප්‍රසිඩන්ට් වයලේටඩ් කන්ස්ටිට්‍යුෂන්". යහූ! නිවුස්.
  3. උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; parliamentdissolved නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  4. "ෆර්ස්ට් ඔෆීෂියල් රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ඉලෙක්ෂන් රිලීස්ඩ්". ශ්‍රී ලංකා නිවුස් – නිවුස්ෆර්ස්ට් (ඉංග්‍රීසි බසින්). 6 අගෝස්තු 2020. සම්ප්‍රවේශය 6 අගෝස්තු 2020.
  5. "මහින්ද රාජපක්ෂ ටේක්ස් ඕත් ඈස් ශ්‍රී ලංකන් ප්‍රයිම් මිනිස්ටර්". ද ඉන්ඩියන් එක්ස්ප්‍රස් (ඉංග්‍රීසි බසින්). 2020-08-09. සම්ප්‍රවේශය 2020-08-09.
  6. "මහින්ද රාජපක්ෂ ස්වෝන් ඉන් ඈස් ශ්‍රී ලංකාස් ප්‍රයිම් මිනිස්ටර් ෆො ෆෝර්ත් ටයිම්, සිමෙන්ටිං ෆැමිලි රූල්". News18. සම්ප්‍රවේශය 2020-08-09.

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ශ්‍රී ලාංකික පාර්ලිමේන්තු මැතිවරණය, 2020 පිළිබඳ තොරතුරු, ශ්‍රී ලාංකික පාර්ලිමේන්තු මැතිවරණය, 2020 යනු කුමක්ද? ශ්‍රී ලාංකික පාර්ලිමේන්තු මැතිවරණය, 2020 යනු කුමක් දර්ශනය කරන්නේ?

මුල් පිටුව | ඉහළට යාම

අපව අමතන්න

© 2025 www.dl1.si-lk.nina.az — සියලු හිමිකම් සුරකින ලදී.