සිංහල නාම පද හා සබැඳි වදන් ලැයිස්තුවක් සඳහා, අපගේ නිදහස් ශබ්දකෝශය වන වික්ෂණරිය තුළ සිංහල නාම පද ප්‍රවර්ගය වෙතට යොමු වන්න.
ස්විස්වභාවික
ධ කරුණු මත සිංහල නාම පද වර්ග කල හැක.
පණ අනුව
- පණ ඇති (සප්‍රාණ වාචී)
- පණ නැති (අප්‍රාණ වාචී)
පණ ඇති පද, නැවත පුරුෂවාචී සහ ස්ත්‍රීවාචී ලෙස වර්ග 2කට බෙදේ
සංඛ්‍යාව අනුව
- ඒක වචන
- බහු වචන
ඒක වචන, නැවත නියත නාම පද සහ අනියත නාමපද ලෙස වර්ග 2කට බෙදේ
කාර්ය භේදය
ලිවීමේදී පමණක් සලකන භේදයකි
- උක්ත
- අනුක්ත
සම්භවය අනුව
- හෙළ (ශුද්ධ සිංහල) වදන්
- ඉල්ලාගත් වදන්
- බාහිර වදන්
සැකැස්ම අනුව
- තනි නාම පද
- සමාස පද
- සංයුක්ත නාම පද
- ක්‍රියානාම
- යුගල නාම පද
සමාස පද
ලොකු ද කුඩා ද ළමයි සියල්ලෝම පාන් ද බත් ද කමින් දිවා ආහාරය ගත්හ.
ලොකු කුඩා ළමයි සියල්ලෝම බත් පාන් කමින් දිවා ආහාරය ගත්හ.
මෙම වාක්‍ය දෙකෙන් ම එකම අර්ථය දෙන අතර දෙවන වාක්‍ය කෙටිය. මෙසේ පද කෙටිවීම සමාස ලෙස හැදින්වේ. අර්ථයට අදාල වන ලෙස මනාලෙස ගැලපීම මෙහිදී සිදුවිය යුතුය. ප්‍රධාන වශයෙන් සමාස වර්ග පහකි.
- 'ද' කාරාර්ථ සමාසය
- පද එක් කිරීමේ දී නැතහොත් සමුච්ඡයාර්ථයේ දී යොදනු ලබන ‘ද’ අක්ෂරය ඉවත් කිරීමෙන් පසුව සමාස වන නාම මෙනමින් හැදින්වේ.
- උදා - ගස් ද වැල් ද = ගස්වැල්
- දකාරාර්ථ සමාස නාම අනු කොටස් දෙකකට බෙදේ.
- අවයව ප්‍රමධානත්ව දකාරාර්ථ නාම.
- සමුදාය ප්‍රඅධානත්ව දකාරාර්ථ නාම.
- අවයව ප්‍රධානත්ව දකාරාර්ථ නාම.
- මෙම වර්ගයේ දී ජාති නාම, සංඥා නාම, අර්ථ ක්‍රියා නාම එකට එක් වීම සිදු වේ. වාන්‍යවල යෙදීමේ දී බහු වචනයෙන් යෙදේ.
- උදා - මව්පියෝ තම දූදරුවන් තම පණ සේ රකිති.
- දූ ද දරු ද = දූදරු
- මව් ද පිය ද= මව්පිය
- අර්ථ ක්‍රියා නාම, කන ද බොන ද = කනබොන - අවුරුදු සමයේ කනබොන දෑ බොහෝය
- අව්‍යය සමාසය
- විශේෂණ සමාසය
- විභක්ති සමාසය
- අන්‍යාර්ථ සමාසය
ආශ්‍රිත ලිපි
යොමුව
සටහන්
බැහැර පිටු
- ශ්‍රී ලංකා රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව සංරක්ෂණය කළ පිටපත 2017-06-19 at the Wayback Machine
- සිංහල හෝඩිය සංරක්ෂණය කළ පිටපත 2009-08-06 at the Wayback Machine
- සිංහල ශබ්දකෝෂය සංරක්ෂණය කළ පිටපත 2023-11-16 at the Wayback Machine
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, සිංහල නාම පද පිළිබඳ තොරතුරු, සිංහල නාම පද යනු කුමක්ද? සිංහල නාම පද යනු කුමක් දර්ශනය කරන්නේ?