සුරේඛා සික්රි

සුරේඛා සික්රි හෙවත් සුරේඛා සික්රි රෙගේ යනුවෙන් හඳුන්වනු ලබන්නේ ඉන්දියානු චිත්‍රපට, වේදිකා නාට්‍ය සහ රූපවාහිනී නිළියකි. හින්දි වේදිකා නාට්‍ය ක්ෂේත්‍රයේ කෘතහස්ත රංගන ශිල්පිණියක වන ඇය රංගන ක්ෂේත්‍රයට පිවිසියේ 1978 දේශපාලනික නාට්‍යමය චිත්‍රපටයක් වූ කිසා කුර්සි කා ඔස්සේ ය. අනතුරුව ඇය හින්දි සහ මලයාලම් චිත්‍රපටවල මෙන්ම ඉන්දියානු සෝප් ඔපෙරා ගණනාවකට සහාය රංගනයෙන් දායකත්වය සපයා ඇත.

සුරේඛා සික්රි
සෝනිහි මා හුවමාරු වැඩසටහන දියත් කළ දින සුරේඛා සික්රි
උපත
සුරේඛා සික්රි

19 අප්‍රේල් 1945 (1945-04-19) (වයස 80)
සක්‍රීය වසර1978–වර්තමානය

සික්රි ඇය රංගනයේ යෙදුණු තමාස් (1988) සහ මම්මෝ (1995) යන චිත්‍රපටවල චරිත වෙනුවෙන් හොඳම සහාය නිළිය සඳහා ජාතික චිත්‍රපට සම්මානය දෙවරක්ම හිමි කරගෙන තිබේ. 2009 වර්ෂයේ දී ඇය බාලිකා වධු නැමැති අතිශය ජනප්‍රිය ‍සෝප් ඔපෙරාවේ ඇය නිරූපණය කළ චරිතය වෙනුවෙන්, ඍණාත්මක චරිතයක හොඳම නිළිය සඳහා ඉන්දියානු ටෙල්ලි සම්මානය හිමි කරගත්තා ය‍. එම වැඩසටහන වෙනුවෙන්ම 2011දී ඇය සහාය චරියක හොඳම නිළිය සඳහා ඉන්දියානු ටෙල්ලි සම්මානය ද හිමි කරගත්තා ය. මීට අමතරව, 1989දී හින්දි වේදිකා රංගන ක්ෂේත්‍රය වෙනුවෙන් ඇයගේ දායකත්වය උදෙසා ඇයට සංගීත් නාටක් ඇකඩමි සම්මානය ද පිරිනැමිණි.

මුල්කාලීන දිවිය සහ පසුබිම

සික්රි අයත් වූයේ උත්තර් ප්‍රදේශයට වන අතර ඇය ඇගේ ළමා විය ගත‍කළේ ඇල්මෝරා සහ නයිනතාල් හි ය. සිය වේදිකා රංගන වෘත්තිය ආරම්භ කරමින් ඇය අලිගාර්හි අලිගාර් මුස්ලිම් විශ්වවිද්‍යාලයේ GEC වෙත සහභාගී වූවා ය. පසුව ඇය 1968දී, ජාතික නාට්‍ය පාසලෙන් (NSD) සිය උපාධිය හැදෑරූවා ය. මුම්බායිහි පදිංචියට යාමට පෙර ඇය NSD සමූහ සමාගමක දශකයක පමණ කාලයක් සේවය කොට තිබේ. ඇගේ පියා ගුවන් හමුදාවේ සේවයේ නියුතු වූ අතර, ඇ‍ගේ මව ගුරුවරියක වූවා ය. හේමන්ත් රෙගේ සමග විවාහ වූ ඇයට රාහුල් සික්රි නමින් පුත්‍රයකු වේ. මුම්බායිහි ජීවත් වන රාහුල් සික්රි කලා ශිල්පියකු වේ. 2009 ඔක්තෝබර් 20 දින හෘත් අකරණියක් හේතුවෙන් ඇගේ සැමියා වූ හේමන්ත් රෙගේ අභාවප්‍රාප්ත විය. සුරේඛා සික්රි 1989 සංගීත් නාටක් ඇකඩමි සම්මාන ලාභිනියක ද වේ. 2008 දෙසැම්බර් මස ඇයට "ඍණාත්මක චරිතයක හොඳම නිළිය" යන සම්මානය හිමි වූයේ බාලිකා වධු රූපවාහිනී කතාමාලාවේ රංගනය වෙනුවෙන් 2008 IDEA ඉන්දියානු ටෙල්ලි සම්මාන උළෙලේ දී ය.

පෞද්ගලික දිවිය

ප්‍රකට නළුවකු වන නසීරුද්දින් ෂා ඇගේ හිටපු මස්සිනා විය. එයට හේතුව ඔහුගේ පළමු විවාහය ඇගේ අර්ධ-සොයුරිය වන මනාරා සික්රි සමග සිදුවීමයි. මේ නිසා ඔවුන් දෙපළගේ දියණිය වන හීබා ෂාගේ මාතෘ පාර්ශ්වීය නැන්දණිය සුරේඛා සික්රි වේ. බාලිකා වධු රූපවාහිනී කතාමාලාවේ සික්රි විසින් රඟපෑ ආච්චිගේ චරිත‍යේ ළමා විය නිරූපණය කරන ලද්දේ හීබා විසිනුයි.

රූපවාහිනිය

වර්තමාන

  • ඒක් තා රාජා ඒක් ති රාණි - රානාජිගේ මිත්තණිය ලෙස (බාදි රාණි මා) (2015–වර්තමානය)
  • පර්දේස් මේන් හේ මේරා දිල් - ඉන්දු මෙහ්රා (දාදි) ලෙස (2016-වර්තමානය)
පැරණි
  • බාලිකා වධු - කල්‍යාණි දේවි ධරම්වීර් සිං / දාදිසා ලෙස (2008- 2016)
  • මා එක්ස්චේන්ජ් - සුරේඛා සික්රි ලෙස
  • මහා කුම්භ්: ඒක් රහසයා, ඒක් කහානි - රුද්‍රාගේ මිත්තණිය ලෙස (2014–2015)
  • සාත් ෆෙරේ - ‍සලෝනි කා සෆාර් - භාබෝ ලෙස
  • බනේගි අප්නි බාට්
  • කේසර් - සරෝජ් ලෙස
  • කෙහ්නා හේ කුජ් මුජ්කෝ
  • සහෙර්
  • සමයි
  • C.I.D. - මෛතාලි ලෙස
  • ගෝඩන්
  • ජස්ට් මොහබ්බත් - පණ්ඩිත් මහත්මිය ලෙස
  • කභී කභී (1997 රූපවාහිනී කතාමාලාව) - ලක්ෂ්මි පථාක් ලෙස

චිත්‍රපට දායකත්වය

  • කිසා කුර්සි කා (1978)
  • අනාදි අනන්ත් (1986)
  • තමාස් (1986)
  • පරිණති (1988)
  • සලිම් ලන්ග්ඩේ පේ මත් රෝ (1989)
  • නසාර් (1991)
  • ලිට්ල් බුද්ධා (1993)
  • මම්මෝ (1994)
  • නසීම් (1995)
  • සර්දාරි බෙගම් (1996)
  • ජන්මාදිනම් (1998) - මලයාලම් චිත්‍රපටයකි
  • සර්ෆාරෝෂ් (1999)
  • හාරි-භාරි(2000)
  • කොට්න් මේරි (2000)
  • දෙහාම් (2001)
  • සුබෙයිදා (2001)
  • කාලි සල්වාර් (2002)
  • රඝු රෝමියෝ (2003)
  • මිස්ටර් ඇන්ඩ් මිසිස් අයියර් (2003)
  • රේන්කෝට් (2004)
  • තුම්සා නහින් දේඛා (2004)
  • ජෝ බෝලේ සෝ නිහාල් (2005)
  • හම්කෝ දීවානා කාර් ගයේ (2006)

සම්මාන

  • 1988: හොඳම සහාය නිළිය සඳහා ජාතික චිත්‍රපට සම්මානය: තමාස් (1988)
  • 1995: හොඳම සහාය නිළිය සඳහා ජාතික චිත්‍රපට සම්මානය: මම්මෝ (1995)
  • 1989: සංගීත් නාටක් ඇකඩමි සම්මානය

මූලාශ්‍ර

  1. NSD Graduates, http://www.nsd.gov.in/Annual_Report_2005-06.pdf, ප්‍රතිෂ්ඨාපනය 2017-11-04 
  2. "Biography". Matpal. 2018-09-16 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2017-11-04. {{cite news}}: More than one of |archivedate= and |archive-date= specified (help); More than one of |archiveurl= and |archive-url= specified (help)
  3. "Acting has no age limit: Surekha Sikri". The times of India.
  4. Surekha Sikri at ScreenIndia සංරක්ෂණය කළ පිටපත 2007-10-26 at the Wayback Machine yes
  5. Drama - Acting සංරක්ෂණය කළ පිටපත 2008-11-06 at the Wayback Machine Sangeet Natak Akademi Award Official listing.
  6. Did you know why Heeba Shah agreed to play the role of the young Daadisa? tellychakkar.com. 17 August 2009
  7. ලිට්ල් බුද්ධා#චරිත නිරූපණය
  8. Surekha Sikri Channel 4.

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, සුරේඛා සික්රි පිළිබඳ තොරතුරු, සුරේඛා සික්රි යනු කුමක්ද? සුරේඛා සික්රි යනු කුමක් දර්ශනය කරන්නේ?