හැෆ්තෝර් ජූලියස් බියෝර්ංසන්

හැෆ්තෝර් ජූලියස් බියෝර්ංසන් (ඉංග්‍රීසි: Hafthor Julius Bjornsson, අයිස්ලන්ත: Hafþór Júlíus Björnsson) යනු අයිස්ලන්ත ජාතික ලෝක පූජිත ස්ට්‍රෝංමෑන් ක්‍රීඩකයෙකි. වර්ෂ 1988 නොවැම්බර් මස 26 වැනිදා අයිස්ලන්තයේ රෙයිකවික් අගනුවරදී උපන් ඔහු අඩි 6 අඟල් 9 ක් උස, කිලෝග්රෑම් 205 ක් බර, අසහාය කායශක්තියකට උරුමකම් කියනා සුවිසල් යෝධයෙකි.

හැෆ්තෝර් ජූලියස් බියෝර්ංසන්
උපත
රෙයිකවික්, අයිස්ලන්තය
නිවහනකොපවොගූර්
ජාතිකත්වය අයිස්ලන්ත
ප්‍රසිද්ධව ඇත්තේඑදා මෙදාතුර මිහිමත බිහිවූ ලොව ශක්තිවන්තම මිනිසා
උසඅඩි 6 අඟල් 9
කලත්‍රයා(යන්)කෙල්සි හෙන්සන් (බිරිඳ)
දරුවන්තෙරේසා ලිෆ් (දුව)
ස්ටොර්මර් මැග්නි (පුතා)

ස්ට්‍රෝංමෑන් ක්‍රීඩාවට අදාල ලෝක ශූරතාවන් වන 'ලොව ශක්තිමත්ම මිනිසා', 'ලොව අසහායම ශක්තිමත්ම මිනිසා' සහ 'ආර්නල්ඩ් ස්ට්‍රෝංමෑන් ක්ලැසික්' යන කිරුළු ත්‍රිත්වයම එකම වසරකදී ජයග්‍රහණයකරන ලද ලොව ප්‍රථම සහ එකම ක්‍රීඩකයා ඔහුය. ජාත්‍යන්තර ස්ට්‍රෝංමෑන් සම්මේලන සියල්ලන්ගෙන්ම පිරිනමන ලෝක ශූරතා සියල්ල ජයග්‍රහණය කර ඇති ඔහු දිනා ඇති ලෝක ශූරතා ගණන 32 කි, සමස්ථ තරඟ ජයග්‍රහණ ගණන 60 කි, බිඳහෙලා ඇති ලෝක වාර්තා ගණන 129 කි.

ලෝකප්‍රකට කායශක්ති විශ්ලේෂකයින් සහ ස්ට්‍රෝංමෑන් ක්‍රීඩා විශේෂඥයින් බොහෝදෙනෙකු, හැෆ්තෝර් ජූලියස් බියෝර්ංසන් වූ කලී "එදා මෙදාතුර මිහිමත බිහිවූ ලොව ශක්තිවන්තම මිනිසා" ලෙස අවිවාදයෙන් පිළිගනී.

දක්ෂතාවන්

  • ඩෙඩ්ලිෆ්ට් - කිලෝග්රෑම් 510 ක් (රාත්තල් 1,124 ක්)
  • ස්කොට් - කිලෝග්රෑම් 460 ක් (රාත්තල් 1,014 ක්)
  • බෙන්ච් ප්‍රෙස් - කිලෝග්රෑම් 250 ක් (රාත්තල් 551 ක්)
  • ලොග් ක්ලීන් ඇන්ඩ් ප්‍රෙස් - කිලෝග්රෑම් 213 ක් (රාත්තල් 470 ක්)
  • පුෂ් ප්‍රෙස් - කිලෝග්රෑම් 232.5 ක් (රාත්තල් 512 ක්)
  • වයිකිං ගස් කඳ කරමත තබා ඇවිදීම - කිලෝග්රෑම් 650 ක් (රාත්තල් 1,433 ක්) සමග පියවර 5 ක්
  • තනි අතින් ලුවී-සියර් ඩම්බෙලය හිසට ඉහලින් එසවීම - කිලෝග්රෑම් 146 ක් (රාත්තල් 322 ක්)
  • ලෝකප්‍රකට හුසෆෙල් පාෂාණය රැගෙනයාම - කිලෝග්රෑම් 186 ක් (රාත්තල් 410 ක්) මීටර 98.16 දුරට
  • ලෝකප්‍රකට මෑන්හුඩ් පාෂාණය එසවීම - කිලෝග්රෑම් 260 ක් (රාත්තල් 572 ක්)
  • ලෝකප්‍රකට ඇට්ලස් පාෂාණ එසවීම - කිලෝග්රෑම් 200 ක් (රාත්තල් 441 ක්) දක්වා බර පාෂාණ පහක් තත්පර 17 කින්
  • ලෝකප්‍රකට ඇට්ලස් පාෂාණ එසවීම - කිලෝග්රෑම් 190 ක් (රාත්තල් 419 ක්) දක්වා බර පාෂාණ පහක් තත්පර 15 කින්
  • බෝයිං ගුවන්යානයක් ඇදගෙන යාම - කිලෝග්රෑම් 40,000 ක් (රාත්තල් 88,185 ක්/ ටොන් 40 ක්) මීටර 24.90 දුරට

වැඩිදුර කියවීමට ඉංග්‍රීසි විකිපීඩියා ලිපි

  • Hafþór Júlíus Björnsson
  • Competitive Strongman Record of Hafþór Júlíus Björnsson (ලෝක ශූරතා පිළිබඳ තොරතුරු)
  • List of World Records and feats of strength by Hafþór Júlíus Björnsson (ලෝක වාර්තා පිළිබඳ තොරතුරු)

මූලාශ්‍ර

1. ලොව අසහායම ශක්තිමත්ම මිනිසා, ලෝක ශූර හැෆ්තෝර් ජූලියස් බියෝර්ංසන් Hafþór Júlíus Björnsson, the strongest man to have ever lived https://balancethegrind.co/company-cultures/
2. මිහිමත පහළවූ ශක්තිමත්ම මිනිසුන් https://www.sportskeeda.com/health-and-fitness/news-top-five-strongest-men-history www.sportskeeda.com
3. ලොව ශක්තිමත්ම මිනිසා "Top 10: Greatest Worlds Strongest Man". ලෝරනස් ශහේලි. 15 September 2019.
4. ආචාර්ය රොබට් ගෝල්ඩ්මන්. "2023 International Sports Hall of Fame Inductee Hafþór Björnsson – Induction speech by Dr. Robert M. Goldman" https://www.youtube.com/watch?v=PVOtF1ORHMA

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, හැෆ්තෝර් ජූලියස් බියෝර්ංසන් පිළිබඳ තොරතුරු, හැෆ්තෝර් ජූලියස් බියෝර්ංසන් යනු කුමක්ද? හැෆ්තෝර් ජූලියස් බියෝර්ංසන් යනු කුමක් දර්ශනය කරන්නේ?