ශ්‍රීමත් ෆ්‍රැන්සිස් ඩ්රේක්, උප අද්මිරාල් (ප. 1540 – 27 ජනවාරි 1596) යනු, ඉංග්‍රීසි මුහුදු කපිතන්වරයෙක්, මුහුදු කොල්ල කපිතාන්වරයෙක්, යාත්‍රිකයෙක්, වහල් වෙළෙන්දෙක්, සහ එළිසබෙතානු යුගයෙහි දේශපාලනඥයෙකු විය. ලොව වටා දෙවන පර්යන්තයාත්‍රණය, 1577 සිට 1580 දක්වා ඩ්රේක් විසින් සිදුකෙරිණි.
| ශ්‍රීමත් ෆ්‍රැන්සිස් ඩ්රේක් | |
|---|---|
| — මුහුදු කොල්ලකරු — | |
බක්ලන්ඩ් ආශ්‍රමයෙහි ශ්‍රීමත් ෆ්‍රැන්සිස් ඩ්රේක් 16වන සියවස, කැන්වස් මත තෙල් සායම්, මාර්කස් ගියරාට්ස් කණිෂ්ඨ විසින් | |
| අපනාමය | එල් ඩ්රාක් (ස්පාඥ්ඥ), ඩ්රාකෝ(ලතින්, "මකරා") |
| වර්ගය | මුහුදු කොල්ල කපිතන් |
| උපත | පම. 1540 |
| උපන් ස්ථානය | ටැවිස්ටොක්, ඩෙවන්, එංගලන්තය |
| මරණය | 27 ජනවාරි 1596 (වයස 55) |
| මරණය සිදුවූ ස්ථානය | පොර්ටොබේල්ලො, කොලොන්, පැනමාව |
| පාක්ෂිකත්වය | එංගලන්තය |
| සක්‍රීය වසර | 1563 – 1596 |
| තරාතිරම | උප අද්මිරාල් |
| ක්‍රියාන්විත පදනම් ස්ථානය | කැරිබියානු මුහුද |
| ආඥාපතිත්වය | ගෝල්ඩන් හයින්ඩ් (මුලින් හැඳින්වුනේ පෙලිකන් ලෙසිනි) බොනවෙන්චර් රිවෙන්ජ් |
| සටන්/යුද්ධ | ඉංග්‍රීසි–ස්පාඥ්ඥ යුද්ධය ග්‍රැවිලින් සටන |
| ධනය | තුල්‍යය. US $126 මිලියන අදදින අගය; #2 ෆෝර්බ්ස් ටොප්-අර්නිං පයිරේට්ස් |
එංගලන්තයේ පළමුවන එළිසබෙත් රැජිණ විසින් 1581දී ඩ්රේක් වෙත නයිට් පදවිය පිරිනැමිණි. 1588දී ස්පාඤ්ඤ නැව් කණ්ඩායමට එරෙහිවූ ඉංග්‍රීසි නැව් සමූහයේ දෙවන ප්‍රධාන අණ දෙන නිලධාරි වූයේ ඔහුය. 1596 ජනවාරි මාසයේදී අතීසාරය වැළඳීමෙන් ඔහු මිය ගියේ අසාර්ථක ලෙසින් සන් ජුවම්, පුවටෝ රිකෝ ප්‍රහාරයට ලක් කිරීමෙන් පසුවය.
ඔහුගේ වික්‍රමයන් ජනප්‍රවාදගත වූ අතර, එනිසාම ඉංග්‍රීසි ජාතිකයන්ට ඔහු වීරයෙක් වූ නමුදු ස්පාඤ්ඤ ජාතිකයන්ට ඔහු මුහුදු කොල්ලකාරයෙක් වූ අතර ඔවුනතර ඔහු හැඳින්වුනේ එල් ඩ්රාක් ලෙසිනි. දෙවන පිලිප් රජ, ඔහුගේ මරණය ගෙන දෙන්නෙකුට, 20,000 ඩූකාට් ත්‍යාගයක්, එනම් නූතන සම්මතයන් ප්‍රකාර, £4 මිලියන (US$6.5M) පමණ පිරිනැමූ බව කියැවේ.
ආශ්‍රිත
- පාරිභෝගික මිල දර්ශකය (ඇස්තමේන්තුව) 1800–2014. මිනියාපොලිස් ෆෙඩරල් සංචිත බැංකුව. සම්ප්‍රවේශයපෙබරවාරි 27, 2014.
- වූල්සි, මැට් (සැප්තැම්බර් 19, 2008). "ටොප්-අර්නිං පයිරේට්ස්". Forbes.com. ෆෝර්බ්ස් සඟරාව. සම්ප්‍රවේශය පෙබරවාරි 5, 2013.
{{cite web}}: Invalid|ref=harv(help) - එකල භිවිතා වූ ඉංග්‍රීසි දින දසුන ප්‍රකාර, ඩ්රේක්ගේ මරණ දිනය 1595 ජනවාරි 27 වන දින වූයේ, නව වසර ඇරඹුනේ මාර්තු 25 දින බැවිනි.
- ලතින්කෘත ආකාරයෙහි ඔහුගේ නම, ෆ්‍රැන්කිස්කුස් ඩ්රේකෝ (ෆ්‍රැන්සිස් මකරා) විය. බලන්න තියඩොර් ඩි බ්‍රයි සංරක්ෂණය කළ පිටපත 2011-08-22 at the Wayback Machine.
- කමින්ස්, ජෝන්, ෆ්‍රැන්සිස් ඩ්රේක්: ද ලයිව්ස් ඔෆ් අ හීරෝ, 1996, පැල්ග්රේව් මැක්මිලන්. ISBN 0-312-16365-7
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ෆ්‍රැන්සිස් ඩ්රේක් පිළිබඳ තොරතුරු, ෆ්‍රැන්සිස් ඩ්රේක් යනු කුමක්ද? ෆ්‍රැන්සිස් ඩ්රේක් යනු කුමක් දර්ශනය කරන්නේ?