1928 කටුකුරුන්ද දුම්රිය අනතුර

1928 කටුකුරුන්ද දුම්රිය අනතුර යනු එම වසරේ මාර්තු 12 වන දින, පුද්ගලයින් 28 දෙනෙකුට මරු කැඳවා තවත් 50 කට වැඩි පිරිසකට තුවාල සිදුකල, කටුකුරුන්දේදී සිදුවූ මගී දුම්රිය දෙකක සිදුවූ ඝට්ටනයකි. එකිනෙකා දෙසට ධාවනය වූ දුම්රියන් දෙකක්, මුහුණට මුහුණ ගැටීම නිසා මෙම අනතුර සිදුවිය.

1928 කටුකුරුන්ද දුම්රිය අනතුර
විස්තර
දිනයLua දෝෂය in Module:I18n at line 371: bad argument #1 to 'pairs' (table expected, got nil).
පිහිටුමLua දෝෂය in Module:I18n at line 371: bad argument #1 to 'pairs' (table expected, got nil).
රටලංකාව
දුම්රිය මාර්ගයමුහුදුබඩ දුම්රිය මාර්ගය
ක්‍රියාකරුලංකා දුම්රිය සේවය
අනතුරු වර්ගයදුම්රිය මුහුණට මුහුණ ගැටීම
හේතුවදුම්රිය දෙපාර්තමේන්තුවේ අකාර්යක්ෂමතාවය
සංඛ්‍යාන
දුම්රිය2
මරණ28
තුවාලවීම්52

සිදුවීම

1928 මාර්තු 12 වන දින, කොළඹ සිට අලුත්ගම දක්වා ධාවනය වීමට නියමිතව තිබූ අංක 547 දරණ දුම්රිය සුපුරුදු පරිදි සවස 6 ට පමණ කොළඹ දුම්රිය ස්ථානයෙන් පිටත්වී, සවස 7.42 පමණ වන විට දකුණු කළුතර දුම්රිය ස්ථානය වෙත සේන්දු වීමට නියමිතව තිබුණි. නමුත් දුම්රියේ සිදුවූ ප්‍රමාදවීම් නිසා එය දකුණු කළුතර දුම්රිය ස්ථානය වෙත පැමිණෙන විට සවස 7.57 පමණ (මිනිත්තු 20 ක් පමණ ප්‍රමාද වී) වී තිබිණි.

එදිනම පස්වරුවේදී ගාල්ලෙන් පිටත් වූ අංක 250 දරණ දුම්රිය, රාත්‍රී 8:06 පමණ වන විට දකුණු කළුතර දුම්රිය ස්ථානය වෙත පැමිණීමට නියමිතව තිබූ අතර, මෙම දුම්රිය ද්විත්වය නියමිත කාල සටහනට අනූව පයාගලදී මාරු වීමට නියමිතව තිබුණි. නමුත් අලුත්ගම දෙසට ධාවනය වූ දුම්රිය ප්‍රමාද වී පැමිණීම නිසා, මෙම දුම්රිය ද්විත්වය දකුණු කළුතරදී මාරුකිරීමට දුම්රිය ස්ථානාධිපතිවරු තීරණය කලහ.

ඒ අනූව අලුත්ගම දක්වා ධාවනය වෙමින් පැවැති දුම්රිය, ගාල්ලේ සිට එමින් තිබූ දුම්රියට ඉඩදෙමින්, කළුතරදී වෙනත් දුම්රිය පීල්ලකට මාරුවීමට නියමිතව තිබුණත්, අදාල දුම්රිය ස්ථානාධිපතිවරයා, දුම්රිය නියාමකවරයා සහ දුම්රිය රියදුරු අතර නිසි සන්නිවේදනයක් සිදු නොවීම හේතුවෙන්, කොළඹ සිට පැමිණි දුම්රිය අලුත්ගම දක්වා දිගටම ධාවනය කෙරුණි.

කරුණු මෙසේ සිදුවීම නිසා දුම්රිය දෙක, අලුත්ගම දිසාවට වන්නට වූ 58 කණුව අසල වංගුවේ බෝක්කුව මතදී වේගයෙන් එකිනෙක ගැටුණි.

අනතුරට ලක්වූ දුම්රියන්

අලුත්ගම දක්වා ධාවනය වෙමින් පැවැති දුම්රිය, මගී මැදිරි 8 ක්, මළු ප්‍රවාහන ගැලක් සහ රෝද හතරේ බඩු පෙට්ටි 3 කින් සමන්විත දුම්රියක් වූ අතර, කොළඹ බලා ධාවනය වූ දුම්රිය මගී මැදිරි 8 කින් සහ එක් මළු ප්‍රවාහන ගැලකින් සමන්විත දුම්රියක් වූ බව පැවසෙයි.

අනතුර සිදුවන අවස්ථාවේ මින් එක් දුම්රියක් පැයට සැතපුම් 20කද, අනෙක පැයට සැතපුම් 35 කද වේගයෙන් ධාවනය වෙමින් පැවැති බව සඳහන්ය.

හානිය

මෙම දුම්රිය අනතුරින්, දුම්රිය දෙකෙහි ඒ මෙහොතේ සිටි කාර්ය මණ්ඩලයේ සියළු දෙනා ඇතුළුව පුද්ගලයෝ 28 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ අතර, තවත් 52 දෙදෙනෙකුට තුවාල සිදුවිය. ඉන් 40 දෙනෙකු කළුතර හා ඒ අවට පදිංචි පුද්ගලයෝ වූ අතර ඉතිරි පිරිස කොළඹ ප්‍රදේශවාසීහූ වූ බව සඳහන් වෙයි.

ගැටීම නිසා අංක 250 දරණ දුම්රිය (කොළඹ දක්වා ධාවනය වූ දුම්රිය) ඇන්ජිම සම්පූර්ණයෙන් පීලි පැන උඩුයටිකුරු වී ගොස් තිබූ අතර, අංක 547 දරණ දුම්රිය (අලුත්ගම දක්වා ධාවනය වූ දුම්රිය) ඇන්ජිම පොඩි පට්ටම් වී පීලී මතම රැඳී තිබුණි.

පරීක්ෂණ

1928 මාර්තු 14 දිනදී, එවක පොලිස් නඩුකාරවරයා විසින් මෙම දුම්රිය අනතුර පිළිබඳව පරීක්ෂණ ආරම්භ කරන කලත්, අනතුර සම්බන්ධයෙන් එවක ඉංග්‍රීසි රජයේ ක්‍රියාමාර්ග පිළිබඳව ජනයා සෑහීමකට පත් නොවූ බැවින්, පොලිස් නඩුකාරවරයාගේ පරික්ෂණ වාර්ථාව ජනයා සෑහිමකට පත් කිරීමට තරම් අපොහොසත් වුණි.

මේ නිසා ආණ්ඩුව විසින්, දුම්රිය අනතුර විභාගය කිරීම සඳහා ධූමරථ උපදේශක මණ්ඩලයක් පත් කරනු ලැබූ අතර, එම මණ්ඩලය විසින් පොලිස් නඩුකාරවරයාගේ පරික්ෂණය අවසන් වූ පසුව සිය පරික්ෂණ ආරම්භ කිරීමට සූදානම්ව සිටින ලදී.

පොලිස් නඩුකාරවරයාගේ වාර්ථාව

එවක පොලිස් නඩුකාරවරයාගේ පරීක්ෂණ වාර්ථාව අනූව, මෙම සිදුවීමට හේතුව වී තිබුනේ දුම්රිය බලධාරීන්ගේ අකාර්යක්ෂමතාවයයි. ඒ අනූව දකුණු කලුතර දුම්රිය ස්ථානාධිපතිවරයා ඇතුළු කිහිපදෙනෙකුගේ වැඩ තහනම් කිරීමට, ඉන් පියවර ගැණුනි.

ධූමරථ මණ්ඩලයේ පරීක්ෂණය අවලංගු වීම

පොලිස් නඩුකාරවරයාගේ පරීක්ෂණ වාර්ථාව නිකුත් වීමේන් පසු, ධූමරථ උපදේශක මණ්ඩලය සිය පරික්ෂණ ආරම්භ කිරීමට සූදානම් වූවත්, මෙම සිදුවීම විදේශීය විශේෂඥයෙකුගේ සහය සහිතව පරික්ෂා කල යුතු බවට ඉංග්‍රීසි ආණ්ඩුව තීරණය කිරීම නිසා, උපදේශක මණ්ඩලයේ පරික්ෂණය අවලංගු විණි.

විදෙස් පරීක්ෂණයක්

ඒ අනූව කටයුතු සිදු වෙමින්, මෙම අනතුර ගැන පරික්ෂණයක් සිදු කිරීම සඳහා ඉන්දියාවේ මදුරාසි ආණ්ඩුවෙන්, පරික්ෂකයෙකු (එෆ්. ආර්. එච්. ඉයුස්ටස් මහතා) ගෙන්වීමට ලංකා ආණ්ඩුව කටයුතු කරන ලදී. ඔහු සිය විභාග කටයුතු 1928 අප්‍රියෙල් 20 වැනි දිනදී ආරම්භ කල බව පැවසෙයි.

වන්දි ගෙවීම්

1928 අප්‍රියෙල් 23 වනදා වන විට එවක ආණ්ඩුව අනතුරට ලක්වූවන්ට වන්දි ගෙවීම පිණිස කාරක සභාවක් පත් කල අතර, එම කාරක සභාව විසින් වන්දි ගෙවීමේ කටයුතු 1928 අප්‍රියෙල් 26 දින වන විට ආරම්භ කරන ලදී.

මහජන උද්ඝෝෂණ

මෙම සිදුවීම සම්බන්ධයෙන්, ලංකා දුම්රිය මගීන්ගේ සංගමය, ලංකා මන්ත්‍රණ සභාව වෙතට දෝෂාරෝපණ එල්ල කරමින්, පොලිස් නඩුකාරවරයා සහ ඉන්දියානු පරික්ෂකයා යන දෙපාර්ශවයම විසින් ඉදිරිපත් කල පරික්ෂණ වාර්ථා ද්විත්වයම දෝෂ සහගත බවටද චෝදනා කරන ලදී.

මෙවැනි අනතුරක් වලක්වා ගැනීමට අසමත් වීම හේතුවෙන්, දුම්රිය දෙපාර්තමේන්තුව වෙතටද දැඩි විවේචන එල්ල වූ අතර, මේ සිදුවීම මත 1928 අප්‍රියෙල් 28 වන දිනදී දුම්රිය මගීන්ගේ විරෝධතා රැළියක් ටවර්හෝල් ශාලාවේදී පැවැත්වුණි.

මේවාද බලන්න

මූලාශ්‍ර

  • ශ්‍රී ලංකාවේ දුම්රිය ගමනාගමනය. සිරිසේන රාජපක්ෂ (2000)
  • සුන්දර කළුතර මාසික සඟරාව. සමරපාල රණවීර (2013)

ආශ්‍රිත

  1. "ට්‍රේන් ඩිසාස්ටර්, 86 ඉයර්ස් අගෝ ඔන් මාර්ච් 12 - හෙඩ්-ඔන් කොලිෂන් ඇට් කටුකුරුන්ද". 9 මාර්තු 2014. සම්ප්‍රවේශය 15 මැයි 2014.
  2. "ලෙටර්ස් ටු ද එඩිටර්". 2 සැප්තැම්බර් 2001. සම්ප්‍රවේශය 15 මැයි 2014.
  3. "රේල් රෝඩ් ඇක්සිඩන්ට් වික්ටිම්ස්". 11 පෙබරවාරි 2002. සම්ප්‍රවේශය 15 මැයි 2014.

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, 1928 කටුකුරුන්ද දුම්රිය අනතුර පිළිබඳ තොරතුරු, 1928 කටුකුරුන්ද දුම්රිය අනතුර යනු කුමක්ද? 1928 කටුකුරුන්ද දුම්රිය අනතුර යනු කුමක් දර්ශනය කරන්නේ?