1928 ගිම්හාන ඔලිම්පික්

1928 ගිම්හාන ඔලිම්පික්, නිල වශයෙන් Games of the IX olympiad යනු 1928 වසරේ දී නෙදර්ලන්තයේ ඇම්ස්ටර්ඩෑම් හි පැවති 9 වන නූතන ඔලිම්පික් ක්‍රීඩා උළෙලයි. තරගාවලිය විවෘත කරන ලද්දේ නෙදාර්ලන්ත රාජධානියේ රැජින වූ විල්හෙල්මිනා රැජිනගේ නියෝජිතයා වූ හෙන්ඩ්රික් කුමරු විසිනි. එවකට IOC සභාපතිත්වය දරනු ලැබුවේ හෙන්රි ඩි බයිලට්-ලටුවර් විසිනි.

ප්‍රථම වරට දින 16 ක කාල රාමුවක් තුළ ගිම්හාන ඔලිම්පික් තරගාවලි පැවැත්වීම ආරම්භ කරන ලද්දේ මෙම ඔලිම්පික් උළෙලේදි යි. මිට පෙර ඔලිම්පික් තරගාවලි මාස ගණනක් තිස්සේ පවත්වන ලදී. පළමුවරට "ගිම්හාන ඔලිම්පික්" ලෙස හඳුන්වනු ලැබූ ක්‍රීඩා උළෙල වූයේ ද මෙයයි.

ඔලිම්පික් පහන පළමුවරට හඳුන්වා දෙනු ලැබුවේ මෙම ක්‍රීඩා උළෙලේදි ය. නමුත් ඔලිම්පික් පන්දම හඳුන්වා දෙනු ලැබුවේ 1936 ගිම්හාන ඔලිම්පික් වල දී ය. එමෙන්ම නූතන ඔලිම්පික් තුළ අද දක්වාම පවතින සම්ප්‍රදායයක් වන, සමාරම්භක උත්සවයේ දී ග්‍රීසිය පෙරටු කර ගනිමින් ක්‍රීඩක කණ්ඩායම් ක්‍රීඩා පිටියට ඇතුළුවීම සහ සත්කාරක රටේ ක්‍රීඩක කණ්ඩායම අවසානයට ක්‍රීඩා පිටියට ඇතුළුවීම පළමුවරට සිදු කරනු ලැබුවේ ද මෙම ක්‍රීඩා උළෙලේදීය.

10,000m දිවීමේ තරගය ජය ගත් ෆින්ලන්තයේ පාවෝ නුර්මි සිය 9 වන ඔලිම්පික් රන් පදක්කම දිනා ගත්තේය. 1920 සහ 1924 ඔලිම්පික් තරගාවලි වලට සහභාගී වීම තහනම් කරනු ලැබූ ජර්මනිය 1912න් පසු ප්‍රථම වතාවට ඔලිම්පික් සඳහා සහභාගී වූයේ මෙම තරගාවලියට වූ අතර ඇය පදක්කම් සටහනේ දෙවන ස්ථානය දිනා ගැනීමට සමත් වූවාය.


විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, 1928 ගිම්හාන ඔලිම්පික් පිළිබඳ තොරතුරු, 1928 ගිම්හාන ඔලිම්පික් යනු කුමක්ද? 1928 ගිම්හාන ඔලිම්පික් යනු කුමක් දර්ශනය කරන්නේ?