2008 කොටුව දුම්රිය නැවතුම්පළ බෝම්බ ප්‍රහාරය යනු එම වසරේ පෙබරවාරි 3 වන දින ශ්‍රී ලංකාවේ, කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ, මගී දුම්රියක් අසල පුපුරුවා හරිනු ලැබූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකි. ප්‍රහාරයෙන් පුද්ගලයෝ 12 දෙනෙකුට සිය ජීවිත අහිමි වූ අතර, තවත් 100 කට වැඩි පිරිසකට තුවාල සිදු විය. මිය ගිය අය අතර ඩී. එස්. සේනානායක විද්‍යාලයේ බේස්බෝල් කණ්ඩායමේ සිසුන් 8 දෙනෙකු සහ ඔවුන් භාරව සිටි ගුරුවරයෙකුද විය.
| 2008 කොටුව දුම්රිය නැවතුම්පළ බෝම්බ ප්‍රහාරය 2008 Fort Railway Station Bombing | |
|---|---|
බෝම්බය හේතුවෙන් ජීවිතක්ෂයට පත්වූ ඩී. එස්. සේනානායක විදුහලේ සිසුන් වෙනුවෙන් ඉදිකරන ලද ස්මාරකය | |
| ස්ථානය | කොටුව දුම්රිය නැවතුම්පළ, කොළඹ, ශ්‍රී ලංකාව |
| දිනය | 2008 පෙබරවාරි 3 (UTC+5:30) |
| ප්‍රහාර මාදිලිය | මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර |
| මරණ | 12 |
| තුවාලකරුවන් | 92 |
| සැකකෙරෙන අපරාධකරුවා | දෙමළ ඊළාම් විමුක්ති කොටි |
මෙම ප්‍රහාරය මරාගෙන මැරෙන දෙමළ කොටි ත්‍රස්ථ සාමාජිකාවක විසින් සිදුකරන ලද්දක් බවට, ශ්‍රී ලංකා රජය තහවුරු කර ගන්නා ලදී. වේදිකා අංක 3 අංගණයේ නවත්වන ලද, දුම්රියෙන් බට අවස්ථාවේදීම බෝම්බකාරිය විසින් සිය බෝම්බය පුපුරුවා හැර ගෙන තිබිණි.
මේවාද බලන්න
භාහිර සබැදි
- හාර්ට්බ්‍රීක්සිටි, අයිලන්ඩ් සංරක්ෂණය කළ පිටපත 2008-05-26 at the Wayback Machine
- ශ්‍රී ලංකා රෙයිල්වේ ස්ටේෂන් සුයිසයිඩ් බ්ලාස්ට් කිල්ස් 11, රොයිටර්ස් සංරක්ෂණය කළ පිටපත 2008-05-20 at the Wayback Machine
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, 2008 කොටුව දුම්රිය නැවතුම්පල බෝම්බ ප්‍රහාරය පිළිබඳ තොරතුරු, 2008 කොටුව දුම්රිය නැවතුම්පල බෝම්බ ප්‍රහාරය යනු කුමක්ද? 2008 කොටුව දුම්රිය නැවතුම්පල බෝම්බ ප්‍රහාරය යනු කුමක් දර්ශනය කරන්නේ?