පුරාතන මිසරය

මුල් පිටුව | පුරාතන මිසරය

පුරාතන මිසරය (පුරාතන ඊජිප්තුව) යනු නයිල් ග‍ඟෙහි අග කොටස අවට කේන්ද්‍රගත ව පැවති, හා දැනට නූතන ඊජිප්තු රාජ්‍යය ලෙසින් පවතින, ඊසාන දිග අප්‍රිකාවෙහි, පුරාතන ශිෂ්ඨාචාරයකි.

මිසර සංස්කෘතිය

කලාව

වසර 3500 ක් පුරාවට මිසර කලා ශිල්පීන් සිය නිර්මාණ සඳහා යම් සම්ප්‍රදායක් මුල්කරගත් බව සඳහන් වේ. සැබවින්ම එම සම්ප්‍රදාය හා බැදුනු නෑ නීතිරීති පද්ධතියක් තිබිණි. නිර්මාණ සඳහා යොදාගන්නා රේඛා, හැඩතල හා වර්ණ අඛණ්ඩව විදේශීය බලපෑම් හෝ අන් කිසියම් හේතුවක් නිසාවත් නොවෙනස්ව පවත්වාගෙන ගොස් ඇත. මෙම නෑ නීතිරීති පද්ධතිය නිසාම එකල ඊජිප්තු කලා නිර්මාණ බොහෝ විට ආගමික හෝ දේශපාලනික අරමුණු උදෙසාම බිහිවී ඇත.

පුරාණ ඊජිප්තු කලා ශිල්පීන් පිළිම ඇඹීමට පාෂාණ මෙන්ම දැව ද යොදා ගන්නා ලදි. ඔවුන් සතුව පැවතුනාවූ ඛනිජ ද්‍රව්‍යයන්ගේ වර්ණ සාදාගෙන ඇත. තවද ඊජිප්තු කලා ඉතිහාසය දෙස බලන කල ඔවුන් එකල සිය මිය ගිය ඥාතීන් උදෙසා නිර්මාණය කල සොහොන්කොත් වැදගත් තැනක් ගනී. දැවයෙන් හා මැටියෙන් නිමැවුනු මෙම සොහොන් කොත්වල ඔවුන් සිය එදිනෙදා ජීවිතය ගත කරන ආකාරය පෙන්වා ඇත. මින් ඔවුන් මියගිය වුන්ගේ මරණින් පසු ලෝකය ආරක්ෂා කිරීම අරමුණු කරගෙන ඇත.

එකල මිසරයේ කලාව සඳහා වූ දේශපාලනික බලපෑම අමර්නා (Aප්රබ්) යුගයේ බිහිවූ නිර්මාණවල මැනවින් ප්‍රදර්ශනය වේ. කෙසේ වෙතත්, මෙම යුගයෙන් පසු බිහිවූ නිර්මාණවල නැවතත් මුල් සම්ප්‍රදායන් වල තිබූ ගති ලක්ෂණ පිළිඹිබු වේ.

පුරාතන මිසරය ගැන තවත් දේ විකිපිඩියා සහෝදර ව්‍යාපෘති හරහා සොයාගන්න
වික්ෂනරිය වෙතින් අර්ථ දැක්වීම්
කොමන්ස් වෙතින් ඡායාරූප හා මාධ්‍ය
විකිසරසවිය වෙතින් ඉගෙනුම් මූලාශ්‍ර
විකිපුවත් වෙතින් පුවත් කථාංග
විකිකියමන් වෙතින් උපුටා දැක්වීම්
විකිප්‍රභව වෙතින් ප්‍රභව පෙළ
විකිපොත් වෙතින් පෙළපොත්

මෙයද බලන්න

පුරාතන ඊජිප්තුව ද්වාරය

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, පුරාතන මිසරය පිළිබඳ තොරතුරු, පුරාතන මිසරය යනු කුමක්ද? පුරාතන මිසරය යනු කුමක් දර්ශනය කරන්නේ?

මුල් පිටුව | ඉහළට යාම

අපව අමතන්න

© 2025 www.dl1.si-lk.nina.az — සියලු හිමිකම් සුරකින ලදී.