ඇපල් ඉන්කෝපරේෂන්

මුල් පිටුව | ඇපල් ඉන්කෝපරේෂන්

ඇපල් පරිගණක සමාගම නමින් ආරම්භ වු මෙම සමාගම ඇමෙරිකානු බහු ජාතික සමාගමකි. මෙම ආයතනය මඟින් වැඩි වශයෙන් පරිභෝජනයට ගැනෙන විද්‍යුත් උපාංග සහ ඊට අදාළ මෘදුකාංග නිර්මාණය සහ නිෂ්පාදනය කරනු ලබයි. 1976 වර්ෂයේ අප්‍රේල් 1 දින කැලිෆෝනියා ප්‍රාන්තයේ කපර්ටිනෝ නගරයේ ස්ථාපිත වු, Apple සමාගම පරිගණක, I – pod උපකරණ, ජංගම දුරකථන, පරිගණක මෘදුකාංග, පරිගණක දෘඩුකාංග, පරිගණක අනුපුරක කොටස් නිෂ්පාදනයේ යෙදේ. 2007 වසරේ සැප්තැම්බර් වනවිටදී Apple සමාගමට අයිති ප්‍රදර්ශනාගාර 200 ක් රටවල් 5 ක් දුර විසිරි ඇති අතර අන්තර්ජාල අළෙවි සැලක්ද වේ.I – tunes store හි ගීත විඩියෝ පට, රූපවාහිනී වැඩසටහන්, චිත්‍රපට, I – pod පරිගණක ක්‍රීඩා සහ ග්‍රාම්‍ය ග්‍රන්ථ යනාදිය බාගත හැකිය. මෙම සමාගම වැඩිම පාරිභෝගික ප්‍රසාදයට ලක් වු නිෂ්පාදන වනුයේ. Macintosh පරිගණකය, I – pod යන්ත්‍රය සහ අයි ෆෝන් දුරකථනයයි. ඔවුන්ගේ ජනප්‍රියතම මෘදුකාංගය වනුයේ Mas – OS X මෙහෙයුම් පද්ධතිය සහ I life බහු මාධ්‍ය උපකරණයි.

ඇපල් ඉන්කෝපරේෂන්
Apple logo since 1998
ඇපල් පාර්ක් යනු සිලිකන් නිම්නයේ කැලිෆෝනියාවේ කුපර්ටිනෝ හි සමාගමේ මූලස්ථානයයි.
වර්ගයපොදු
ප්‍රාරම්භකයන්
  • ස්ටීව් ජොබ්ස්
  • ස්ටීව් වොස්නියැක්
  • රොනල්ඩ් වේන්
සේවා සරියWorldwide
ප්‍රධාන පුද්ගලයන්
  • ආතර් ලෙවින්සන් (සභාපති)
  • ටිම් කුක් (CEO)
  • ජෙෆ් විලියම්ස් (ප්‍රධාන මෙහෙයුම් නිලධාරි)
  • ලූකා මයිස්ට්‍මයිස්ට්‍රි (CFO)
කර්මාන්තය
  • Consumer electronics
  • Software services
  • Online services
නිෂ්පාදිතයන්
  • AirPods
  • Apple TV
  • Apple Watch
  • Apple Vision Pro
  • iPad
  • iPhone
  • Macintosh
සේවාවන්
  • App Store
  • Apple Card
  • Apple Music
  • Apple Pay
  • Apple TV+
  • iCloud
සේවකයන්161,000

1977 වසරේ ජනවාරි 3 වැනි දින සංස්ථාගත වු මෙම සමාගම මුල් වසර 30 දී ඇපල් පරිගණක සමාගම නමින් හැදින්වු අතර ඔවුනගේ නිෂ්පාදන පරිගණකයෙන් ඔබ්බට ගිය නිසා සමාගම් නම ඇපල් සමාගම නමින් හදුන්වන ලදී.

ලොව වටා පුර්ණ කාලීන හා සමාකාලීන සේවයක් සපයන මෙම ආයතනයේ සේවක සංඛ්‍යාව 20,000 ට අධික වේ. ඇපල් සමාගම විසින් 2007 වසරේදී ඇමරිකානු ඩොලර් බිලියන 24.01 විකුණුම් ළගා කර ගන්නා ලදී.

ඇපල් සමාගම සෞන්දර්යාත්මක හා පරිභෝගිකයාට පහසු වන ආකාරයට උපකරණ නිෂ්පාදනය කර ඇත. මේ නිසා මෙම සමාගමේ සන්නම් භාවිතා උපකරණ සදහා විශේෂ ඉල්ලුමක් සහ එම සමාගමේ භාණ්ඩ මත පමණක් පරිභෝජනය කරන පාරිභෝගික කොටසක් ඇත. මේ හේතුවෙන් Apple සමාගම ඉතා උසස් තත්තවයේ භාණ්ඩ නිෂ්පාදනය කරන සමාගමක් ලෙස ලොව වටා සහ විශේෂයෙන්ම එක්සත් ජනපදයේ නම් දරා සිටී.

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ඇපල් ඉන්කෝපරේෂන් පිළිබඳ තොරතුරු, ඇපල් ඉන්කෝපරේෂන් යනු කුමක්ද? ඇපල් ඉන්කෝපරේෂන් යනු කුමක් දර්ශනය කරන්නේ?

මුල් පිටුව | ඉහළට යාම
© 2025 www.dl1.si-lk.nina.az — සියලු හිමිකම් සුරකින ලදී.