කොළඹ දිස්ත්‍රික්කය

642 කිමී² ක වර්ග ප්‍රමාණයක් සහිත කොළඹ දිස්ත්‍රික්කය (ඉංග්‍රීසි: Colombo District, දෙමළ: கொழும்பு மாவட்டம்) යනු ශ්‍රී ලංකාවේ කුඩාම දිස්ක්‍රික්කය වෙයි. එය පිහිටා ඇත්තේ දිවයිනෙහි බටහිර වෙරළ තීරයෙහි බස්නාහිර පළාතෙහිය. ශ්‍රී ලංකාවේ වාණිජ අගනුවර කොළඹ සහ දේශපාලන අගනුවර ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටා ඇත්තේ මෙම දිස්ත්‍රික්කය තුලය. 2,235,000 (2001 සංගණනය) ක ජනගහණයක් එය සතු වන අතර ශ්‍රී ලංකාවේ වැඩිම ජනගහණ ඝණත්වය (3,500 වැසියන්/කිමී²) පවතින්නේ මෙම දිස්ත්‍රික්කයේ ය.

කොළඹ දිස්ත්‍රික්කය
Colombo District
கொழும்பு மாவட்டம்
පරිපාලන දිස්ත්‍රික්කය

කොළඹ දිස්ත්‍රික්කය ඉස්මතු කොට ඇති ශ්‍රී ලංකාවේ සිතියම
රට ශ්‍රී ලංකාව
පළාතබස්නාහිර
අගනුවරකොළඹ
ප්‍රදේශ
List
  • ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ: 13
  • ග්‍රාම නිලධාරි: 557
ආණ්ඩුව / පරිපාලනය
 • ප්‍රාදේශීය
List
  • මහනගර සභා: 5
  • නගර සභා: 3
  • ප්‍රාදේශීය සභා: 5
සරිය
 • මුළු699 කිමී2 (270 සතරැස් සැත)
 • භූමිය676 කිමී2 (261 සතරැස් සැත)
 • ජලය23 කිමී2 (9 සතරැස් සැත)
ජනගහණය(2001)
 • මුළු2,251,274
 • ඝණත්වයBad rounding here3,200/කිමී2 (Bad rounding here8,300/වර්ග සැත)
වේලා කලාපශ්‍රී ලංකාව (UTC+05:30)
ISO 3166 කේතයLK-11
වෙබ් අඩවියds.gov.lk/dist_colombo

සාපේක්ෂ පිහිටීම

කොළඹ දිස්ත්‍රික්කය පිහිටා ඇත්තේ ශ්‍රී ලංකාවේ බටහිර වෙරළ තීරයට වන්නටය. කොළඹ දිස්ත්‍රික්කයේ සීමා මායිම් වන්නේ,

උතුරින් : කැලණි ගග

නැගෙනහිරින් : කෑගල්ල හා රත්නපුර දිස්ත‍්‍රික්ක

දකුණින් : කළුතර දිස්ත්‍රික්කය

බටහිරින් : ඉන්දියන් සාගරය

ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස

ප්‍රධාන නගර හා ඒවා පවතින රාජ්‍ය ආයතන වර්ගය

මහ නගර සභා

  • කොළඹ මහනගර සභාව
  • ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහනගර සභාව
  • දෙහිවල-ගල්කිස්ස මහනගර සභාව
  • කඩුවෙල මහනගර සභාව
  • මොරටුව මහනගර සභාව

නගර සභා

  • කොළොන්නාව නගර සභාව
  • කැස්බෑව නගර සභාව
  • පාදුක්ක නගර සභාව
  • බොරලැස්ගමුව නගර සභාව
  • මහරගම නගර සභාව

ප්‍රාදේශීය සභා

  • කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභාව
  • සීතාවකපුර ප්‍රාදේශීය සභාව
  • හෝමාගම ප්‍රාදේශීය සභාව


විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, කොළඹ දිස්ත්‍රික්කය පිළිබඳ තොරතුරු, කොළඹ දිස්ත්‍රික්කය යනු කුමක්ද? කොළඹ දිස්ත්‍රික්කය යනු කුමක් දර්ශනය කරන්නේ?