ඩන්කන් වයිට් යනු ඔලිම්පික් තරඟාවලියක දී ලංකාව වෙනුවෙන් පදක්කමක් දිනා ගත් මුල්ම ක්‍රීඩකයා විය. මීටර් 400 කඩුළු පැන දිවීමේ තරඟයෙන් රිදී පදක්කම දිනා ගැනීමට වයිට් සමත් වූයේ 1948 වර්ෂයේ ලන්ඩනයේ පවත්වනු ලැබූ “සමර් ඔලිම්පික්ස්” තරඟාවලියේදීය.
| පුද්ගලික තොරතුරු | |||||||||||||||||||
|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
| සම්පූර්ණ නාමය | ඩන්කන් M. වයිට් | ||||||||||||||||||
| උපත | 1 මාර්තු 1918 Lathpandura, Kalutara, Basnahira, British Ceylon | ||||||||||||||||||
| මරණය | 3 July 1998 (aged 80) Nuneaton, Warwickshire, England | ||||||||||||||||||
පදක්කම් සටහන
| |||||||||||||||||||
| Updated on 22 June 2015 Military career | |||||||||||||||||||
| පක්ෂපාතීත්වය | Ceylon | ||||||||||||||||||
| සේවාව/ශාඛාව | Ceylon Defence Force, Ceylon Army | ||||||||||||||||||
| ඒකකය | Ceylon Light Infantry | ||||||||||||||||||
| . | |||||||||||||||||||
ජීවන තොරතුරු
1918 මාර්තු මස 01 වන දින ලත්පාන්දුර උපත ලැබූ ඩන්කන් වයිට් මෙලොවින් සමුගත්තේ 1998 ජුලි මස තෙවැනි දින වෝවික්ෂයර්හි දීය.
කළුතරට නුදුරු ග්‍රාමයක් වූ ලත්පඳුර ඩන්කන් වයිට්ගේ උපන් ගමයි. එකවකට ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍යයේ යටත් විජිතයක්ව පැවති අතර ඩන්කන් වයිට්, ජෝන් බර්නාර්ඩ් වයිට් සහ සෙසලිසා හෝක් වයිට්ට යන ඉංග්‍රීසි මවුපියන්ට දාව උපන් සිව් දරුවන්ගෙන් දෙවැන්නා විය. නුවර ත්‍රිත්ව විද්‍යාලයෙන් අධ්‍යාපනය හැදෑරූ හෙතෙම එහිදී “ට්‍රිනිටි ලයන්” යන සම්මානයෙන් ද පිදුම් ලැබීය. නමුත් සුළු විනය ගැටළුවක් හේතුවෙන් පසුව ඔහුට මෙම සම්මානය අහිමි විය.
ඩන්කන් වයිට්ගේ ඔලිම්පික් ජයග්‍රහණයත්, ලංකාව බ්‍රිතාන්‍ය පාලනයෙන් මිදී නිදහස ලැබීමත් යන අවස්ථා දෙකම එකම වර්ෂයක සිදුවීම සුවිශේෂ වේ. එකී ඔලිම්පික් තරඟාවලියේ එම අංශයෙන් රන් පදක්කම දිනූ රෝයි කොව්රන් නැමැත්තා වසර හතරක් පුරා ඒ සඳහා පුහුණු වීම් කර තිබුණ ද ඩන්කන් වයිට් තම පුහුණුවීම් සඳහා යොදා ගත් කාලයමාස 3කට ආසන්න වේ. වයිට් මෙම තරඟය සඳහා ගතකර තිබූ කාලය තත්පර 51.8 ක් වන අතර ප්‍රථම ස්ථානය ලබා ගත් ක්‍රීඩකයාට වඩා ඔහු සිටියේ තත්පර 0.7 ක් පසුපසිනි. ඒත් සුළු වෙනස ද මෙම ඔලිම්පික් තරඟාවලියේ සුවිශේෂී වාර්තාවන් අතරට එක් වූවක් විය.
ඔලිම්පික් ජයග්‍රහණයෙන් පසුව වයිට් ට්‍රිනිටි විද්‍යාලයේ පවත්වනු ලැබූ උළෙලකින් මහත් හරසරින් යුතුව පිළිගනු ලැබූ අතර ඔහුට අහිමිව ගිය “ට්‍රිනිටි ලයන්” යන ගෞරව සම්මානය නැවත වතාවක් එහිදී පිරිනැමුණි. එකී අවස්ථාවේ රැස්ව සිටි පිරිස අමතා කතා කළ වයිට් කියා සිටියේ “මාගේ ඔලිම්පික් ජයග්‍රහණය ගෞරවාන්විත එකක් වුව ද “ලයන්” ලෙස මා මෙහි දී නැවත හිමි කරගන්නා ලද සම්මානය මට ඊටත් වඩා ගෞරවයක් එක් කළ බවක් එය මා ඉතා ප්‍රීතියෙන් පිළගත් බවත්” ය.
1950 වර්ෂයේ නවසීලන්තයේ ඕක්ලන්ඩ් නඟරයේ පැවති බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය තරඟාවලියේ දී ඩන්කන් වයිට් විසින් මීටර් 440 yard hurdles තරඟය ජයග්‍රහණය කළේ ලෝක වාර්තාවට තත්පර 0.3 ක් පසුපසින් හිඳිමිනි. තවද ඔහු 1949 “බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයා” යන සම්මානයෙන් ද පිදුම් ලැබීය.
නමුදු ශ්‍රී ලංකාව විසින් ඔහුට දැක්වූ ගෞරවය වූයේ වසර ගණනාවකට පසු ඔහු වෙනුවෙන් නිකුත් කරන ලද තැපැල් මුද්දරයයි. 1998 එංගලන්තයේ වෝර්වික්ෂයර්හි දී ඩන්කන් වයිට් මෙලොවින් සමුගත්තේය.
වයිට් විවාහප්‍රාප්ත වී සිටියේ ඇන්ජෙලා වියට්නේ සියබෙල් සමඟ වන අතර ඔහු සය දරු පියෙක් විය. නීටා, මැරිලෙන්, ෆියෝනා, ඩෑන්, මැක්සීන් සහ ක්‍රිස් යනු ඔහුගේ දරුවන් සය දෙනාය. වයිට්ට සහෝදරයන් තිදෙනෙකු වූ අතර ඉන් ෆෙඩ්‍රික් ඒ. වයිට් ද ක්‍රීඩකයෙකු විය. අනෙක් දෙදෙනා ස්ටැන්ලි ලෙනාර්ඩ් වයිට් හා ඩග්ලස් ඇන්ඩෲ වයිට් වන අතර ඔවුන් 1960 වසරේදී මරණයට පත් විය.
| පදක්කම් වාර්තාව | ||
|---|---|---|
| Men's athletics | ||
| ලංකාව වෙනුවෙන් තරගකරු | ||
| ඔලිම්පික් | ||
| රිදී | 1948 ලන්ඩනයේ දී | මීටර් 400 කඩුලු මතින් දිවීම |
| Commonwealth Games | ||
| රන් | 1950 Auckland | 440 yard hurdles |
අමතර අවධානයට
- Nagalingam Ethirveerasingam
- Summa Navaratnam
- ශ්‍රියන්ත දිසානායක
- සුසන්තිකා ජයසිංහ
මූලාශ්‍ර
- "Duncan White". sports-reference.com. 17 April 2020 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 6 October 2019.
- "ඩන්කන් වයිට් ගැන ග‍්‍රන්ථයක්". ලංකාදීප ජාතික පුවත් පත. සම්ප්‍රවේශය 2024-07-15.
- "ශ්‍රී ලංකාවට පළමු ඔලිම්පික් පදක්කම හිමිකර දුන් ඩන්කන් වයිට්". දිවයින ජාතික පුවත් පත. සම්ප්‍රවේශය 2024-07-15.
- "නිදහස අගයන්න දැයට ඔලිම්පික් පදක්කමක් තිළිණ කළ අමරණීය මිනිසා ඩන්කන් වයිට්". සිළුමිණ ජාතික පුවත් පත. සම්ප්‍රවේශය 2024-07-15.
- "ඉතිහාසය වෙනස් කළ රණවිරුවකුගේ වික්‍රමය". ආරක්‍ෂක අමාත්‍යාංශය - ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය. සම්ප්‍රවේශය 2024-07-15.
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ඩන්කන් වයිට් පිළිබඳ තොරතුරු, ඩන්කන් වයිට් යනු කුමක්ද? ඩන්කන් වයිට් යනු කුමක් දර්ශනය කරන්නේ?