දිලීර

Fungi
කාලීන ව්‍යාප්තිය: Early Devonian–Recent (but see text)
N
Clockwise from top left: Amanita muscaria, a basidiomycete; Sarcoscypha coccinea, an ascomycete; bread covered in mold; a chytrid; a Penicillium conidiophore.
විද්‍යාත්මක වර්ගීකරණය
අධිරාජධානිය: Eukaryota
(ශ්‍රේණිගත නොකළ): Opisthokonta
රාජධානිය: Fungi
(L., 1753) R.T. Moore, 1980
Subkingdoms/Phyla/Subphyla
Blastocladiomycota
Chytridiomycota
Glomeromycota
Microsporidia
Neocallimastigomycota

Dikarya (inc. Deuteromycota)

Ascomycota
Pezizomycotina
Saccharomycotina
Taphrinomycotina
Basidiomycota
Agaricomycotina
Pucciniomycotina
Ustilaginomycotina

Subphyla Incertae sedis

Entomophthoromycotina
Kickxellomycotina
Mucoromycotina
Zoopagomycotina

දිලීර කලින් ශාක රාජධානියට ඇතුළත්කර තිබුණද, එය තව දුරටත් ශාක ලෙස නොසැලකේ. කළල ශාක සහ ඇල්ගී මෙන් නොව දිලීර ප්‍රභාසංශ්ලේෂක නොවන අතර මෘතෝපජීවී එනම් අවට පරිසරයේ ඇති ද්‍රව්‍ය බිඳ දමා දේහයට උරාගැනීමෙන් ආහාර ලබාගනී.තවද පරපෝෂී හා අනොන්‍යාධාරක විශේෂද ඇත. ශාක වර්ගයක් නොවන නමුත් අතීතයෙදී ශාක ලෙස සලකා තිබෙන අතර එය උද්භිද විද්‍යාඥයින්ගේ විෂය ධාරාවට ඇතුළත් යයි සළකා ඇත. දිගුකලක සිට දිලීර පරිණාමිකව ශාකවලට වඩා සතුන්ට සමීපයැයි හඳුනාගෙන තිබිණ.නමුත් ඒවා තවමත් මූලික උද්භිද විද්‍යා පාඨමාලාවල ගැඹුරින්ම ආවරණය කරන අතර සත්ව විද්‍යා මූලික පාඨමාලාවලදී එය අනිවාර්‍ය් නොවේ.බොහෝ දිලීර සෑදී ඇත්තේ දිලීර සූත්‍රකා ලෙස හඳුන්වන අන්වීක්ෂීය ව්‍යුහ වලින් වන අතර ඒවා සෛලවලට බෙදී හෝ නොබෙදී හෝ පැවතුනත් සූන්‍යෂ්ටික න්‍යෂ්ටිදරයි. දිලීරවල ප්‍රජනක ව්‍යුහ වන්නේ ඵලදේහ නොහොත් වඩාත් හුරුපුරුදු ලෙස බිම්මල්ය. මොවුන් කිසිම ප්‍රභාසංශ්ලේෂක කණ්ඩායමකට අයත් නොවන අතර සතුන්ගේ ළඟම නෑයන්වේ. මේ නිසා දිලීරවලට ඔවුන්ගේම රජධානියක් ඇත.

වර්ගීකරණය

දිලීර රාජධානිය විවිධ පයිලම් (Phyla) හා උප පයිලම් ලෙස වර්ගීකරණය කර ඇත. මෙම වර්ගීකරණය ප්‍රධාන වශයෙන් ජීව විද්‍යාත්මක ව්‍යුහ, ප්‍රජනන ක්‍රම සහ ජානමය සම්බන්ධතා මත පදනම් වේ. ප්‍රධාන කණ්ඩායම් ලෙස Chytridiomycota, Ascomycota, Basidiomycota සහ Glomeromycota හඳුනාගන්නා අතර, Ascomycota හා Basidiomycota එකතුව Dikarya ලෙස හැඳින්වේ.

ශරීර ව්‍යුහය

දිලීරවල ශරීරය බොහෝ විට දිලීර සූත්‍රකා (hyphae) ලෙස හඳුන්වන සුළු නූල් වැනි ව්‍යුහ වලින් සමන්විත වේ. මෙම සූත්‍රකා එකතුවෙන් මයිසීලියම් (mycelium) නම් ජාලයක් සෑදේ. සමහර දිලීර එකසෛලික වන අතර, යීස්ට් (yeast) ඒ සඳහා උදාහරණයකි. දිලීර සෛල බිත්ති චිටින් (chitin) නමැති ද්‍රව්‍යයෙන් නිර්මිත වේ.

ආහාර ලබාගැනීම

දිලීර හෙටරොට්‍රොෆ් ජීවීන් වන අතර, තම ආහාරය පිටතින් විඛණ්ඩනය කර පසුව උරාගැනීම සිදු කරයි. ඒ සඳහා එන්සයිම පරිසරයට නිකුත් කර සංකීර්ණ කාබනික ද්‍රව්‍ය සරල ද්‍රව්‍ය බවට පත් කරයි. මෙම ක්‍රියාවලිය මෘතෝපජීවී, පරපෝෂී හෝ සහජීවී ආකාරයෙන් සිදු විය හැක.

ප්‍රජනනය

දිලීරවල ප්‍රජනනය ලිංගික හා අලිංගික ලෙස සිදු වේ. බොහෝ විට ස්පෝර (spore) නිපදවීම මඟින් ප්‍රජනනය සිදු කරයි. අලිංගික ප්‍රජනනයේදී කොනිඩියා (conidia) හෝ බඩිං (budding) වැනි ක්‍රම භාවිතා කරන අතර, ලිංගික ප්‍රජනනයේදී විශේෂ ස්පෝර වර්ග නිපදවයි.

පරිණාමය

ජානමය හා ජෛව රසායනික සාක්ෂි අනුව දිලීර සතුන්ට සමීප පරිණාමික සම්බන්ධතාවයක් දක්වයි. දිලීර සහ සතුන් දෙපාර්ශවයම ඔපිස්තොකොන්ටා (Opisthokonta) කණ්ඩායමට අයත් වේ. මේ හේතුවෙන් දිලීර ශාකවලට වඩා සතුන්ට සමීප බව පිළිගැනේ.

පරිසරයේ භූමිකාව

දිලීර පරිසරයේ අත්‍යවශ්‍ය භූමිකාවක් ඉටු කරයි. මෘත ශාක හා සතුන්ගේ අවශේෂ විඛණ්ඩනය කර පෝෂක ද්‍රව්‍ය නැවත පරිසරයට මුදාහරින අතර, මයිකොරයිසා (mycorrhiza) ලෙස ශාක මූල සමඟ සහජීවී සම්බන්ධතාද ඇති කරයි.

මනුෂ්‍ය ජීවිතයට ඇති වැදගත්කම

දිලීර මනුෂ්‍ය ජීවිතයට විවිධ ආකාරයෙන් වැදගත් වේ. ආහාර ලෙස බිම්මල් භාවිතය, පාන් හා මත්පැන් නිෂ්පාදනය සඳහා යීස්ට් භාවිතය, සහ ප්‍රතිජීවක (antibiotics) ලෙස පෙනිසිලින් වැනි ඖෂධ නිපදවීම මෙයට උදාහරණ වේ.

අහිතකර බලපෑම්

සමහර දිලීර මිනිසුන්ට, සතුන්ට හා ශාකවලට රෝග ඇති කරයි. ශාක රෝග, ආහාර විෂබීජන, සහ විෂකාරී බිම්මල් මඟින් ඇතිවන විෂබාධිතාවය මේ අතරට අයත් වේ.

වර්ගීකරණය

දිලීර රාජධානිය විවිධ පයිලම් (Phyla) හා උප පයිලම් ලෙස වර්ගීකරණය කර ඇත. මෙම වර්ගීකරණය ප්‍රධාන වශයෙන් ජීව විද්‍යාත්මක ව්‍යුහ, ප්‍රජනන ක්‍රම සහ ජානමය සම්බන්ධතා මත පදනම් වේ. ප්‍රධාන කණ්ඩායම් ලෙස Chytridiomycota, Ascomycota, Basidiomycota සහ Glomeromycota හඳුනාගන්නා අතර, Ascomycota හා Basidiomycota එකතුව Dikarya ලෙස හැඳින්වේ.

දිලීර රාජධානියට අයත් ජීවීන්ගේ ප්‍රධාන ලක්ෂණ

  1. සියලුම දිලීර රසායන විෂමපෝෂීන් වේ.
  2. බොහොමයක් දිලීර සුත්‍රිකාකාර වේ.
දිලීර සුත්‍රිකා රාශියක් එකට පැටලීමෙන් දිලීර ජාලය (මයිසීලියම) සාදයි. මෙවැනි දිලීර ජාල පියවි ඇසින් දර්ශනය කරගත හැකිය.
උදා: Mucor, Rhizopus, Agaricus
  1. නමුත් සමහර දිලීර ඒක සෛලික වේ. උදා: Saccharomyces
  2. ජලජ පරිසර වල ජීවත් වන දිලීර වලට කෂිකා ඇත. උදා: Allomyce
  3. ඇතැම් සුත්‍රිකාකාර දිලීර සං සෛලීය වේ. (එනම් පොදු සෛල ප්ලාස්මයක් තුළ න්‍යෂ්ටි රාශියක් ඇත.)මේවායේ හරස් ආවාර නැත.(නිරාවාර වේ.).
  4. ඇතැම් සුත්‍රිකාකාර දිලීර හරස් ආවාර මගින් සෛල වලට බෙදී ඇත.(සාවාර).ඇතැම් හරස් ආවාර වල මැද සිදුරක් ඇත. ඒවා අසම්පුර්ණ හරස් ආවාර වේ. උදා: Agaricus. ඇතැම් සුත්‍රිකාකාර දිලීර වල හරස් ආවාරය මැද සිදුරක් නැත. ඒවා සම්පුර්ණ හරස් ආවාර වේ. උදා: Mucor
  5. දිලීර වලට සෛල බිත්තියක් ඇත. එහි ප්‍රධාන සංඝටකය කයිටින් වේ.
  6. දිලීර අලිංගිකව මෙන්ම ලිංගිකවද ප්‍රජනනය සිදු කරයි. අලිංගික ප්‍රජනනය සිදු වන්නේ,
7.සමහර දිලීර ශෝෂක දරයි .ඒවා විනිවිද යාමට හා ශක.දලීර වලින් ද්‍රව්‍ය හා පෝෂක අවෆශා්නයට උපකාරී වේ.
  • බීජානුධානියක් තුළ අචල බීජාණු සෑදීම. උදා: Mucor(phylum-zygomycota)
  • බාහිර පරිසරයට විවරව කොනිඩියා සෑදීම. උදා: Aspergillus, Penicillium(phylum-ascomycota)
  • චල බීජාණු සෑදීම. Allomyce , chytridium(phyium-chytridiomycota)
දිලීර රාජධානිය- Kingdom - Fungi
සැකසුම - නුවන් චන්දිම 2016/12/27 Nuwan Chandima  -Biology
බැක්ටීරියා මෙන්ම ඉතා පුලුල් ව්‍යාප්තියක් සහිත සෑම පරිසරයකම ( ආන්තික පරිසර තුලද ) දැකිය හැකි සූන්‍යෂ්ටික ජීවී ආකාරයක් ලෙස දිලීර හඳුනා ගතහැක. පෘතුවියේ ඇති ප්‍රධාන වියෝජකයින් ලෙස ක්‍රියා කරමින් ද්‍රව්‍ය චක්‍රීකරණයට දායක වේ. මියගිය ශාක හා සත්ත්ව කොටස් වල සංකීර්ණ කාබනික ද්‍රව්‍ය මතට බහිෂ්සසෛලිය ජීරක එන්සයිම ශ්‍රාවය කර ඒවා වියෝජනය කර පොෂණ ද්‍රව්‍ය අවශෝෂණය කර පෝෂණය වන ජීවීන් වියෝජකයින් වේ.
ෆන්ගයි රාජධානියේ ප්‍රධාන වංශ
කිටි්‍රඩියොමයිකෝටා
සයිගොමයිකෝටා
ඇස්කොමයිකෝටා
බැසීඩියොමයිකෝටා

දිලීර වෙනුවෙන් වෙනම රාජධානියක් වෙන්කර ඇත්තේ ඇයි?

දිලීර වල සුවිශේෂී ලක්ෂණය වන්නේ ඒවායේ සෛල බිත්තියේ කයිටින් අඩංගු වීමයි.  ඒවා මීට පෙර ශාක යටතේ ගොනු කර ඇති නමුත් ඒවායේ හරිතප්‍රද වර්ණක නොමැති වීම සහ ශාකවලට සාපේක්ෂව විවිධ ව්‍යුහාත්මක ලක්ෂණ ඇති බැවින් ඒවා වෙනම රාජධානියක් ලෙස නම් කර ඇත.මොවුන් කිසිවෙක් ප්‍රභාසංස්ලේෂනය සිදු නොකරන අතර ඔවුන් පරපෝෂී.වියෝජකයන්හෝ සහජීවී වෙති.

  1. Moore RT. (1980). "Taxonomic proposals for the classification of marine yeasts and other yeast-like fungi including the smuts". Botanica Marina. 23: 361–373.
  2. The classification system presented here is based on the 2007 phylogenetic study by Hibbett et al.

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, දිලීර පිළිබඳ තොරතුරු, දිලීර යනු කුමක්ද? දිලීර යනු කුමක් දර්ශනය කරන්නේ?