එහි සම්භවයෙහි සිට වර්තමාන කාලය දක්වා පෘථිවි ග්‍රහයාගේ ප්‍රවර්ධනය, පෘථිවියෙහි ඉතිහාසය යන්නෙහි වස්තු පාදය වෙයි. පෘථිවියෙහි අතීතයෙහි සිදුවූ සියළු සිද්ධීන් තේරුම්ගැනීමට සියළුම ස්වභාවික විද්‍යා ශාඛාවන්ම පාහේ දායක වී ඇත. පෘථිවියෙහි වයස දළ වශයෙන් විශ්වයෙහි වයසෙන් තුනෙන් පංගුවක් වෙයි. මෙම කාල පරාසය තුලදී, අතිමහත් ප්‍රමාණයක ජීව විද්‍යාත්මක සහ භූ විද්‍යාත්මක වෙනස්කම් සිදුවී ඇත.
සූර්ය නිහාරිකාවෙන් අභිවර්ධනය වීමෙන් වසර 4.54 බිලියන (4.54×109) පමණ පෙර පෘථිවිය නිර්මාණ විය. බොහෝවිට, යමහල් නිර්වානියනය තුලින් මූලාවස්ථික වායුගෝලය නිම වන්නට ඇති මුත්, ඔක්සිජන් නොමැතිම වන්නට ඇති එය, මානවයන්ට හා බොහෝ නූතන ජීවින්ට විෂ සහිත වන්නට ඇත. අති සක්‍රීය යමහල් විදාරණය සහ වෙනත් වස්තූන් හා නිතොර සිදුවූ ගැටුම් නිසා පෘථිවියෙන් බොහෝ කොටසක් ද්‍රව ලෙසින් පැවතිනි. එක් මහා ගැටුමක් විසින් පෘථිවිය කෝණයකට ඇල කිරීම හා චන්ද්‍රයාගේ සම්භවය සඳහා හේතු පාදක වූ බව විශ්වාස කෙරෙයි.
අමතර අවධානයට
- Chronology of the universe
- Detailed logarithmic timeline
- Earth phase
- ජීවයේ පරිණාමය පිළිබඳ ඉතිහාසය – processes by which organisms evolved on Earth
- Future of Earth
- Geological history of Earth
- Global catastrophic risk
- Timeline of the evolutionary history of life
- Timeline of natural history
සටහන්
ආශ්‍රිත
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, පෘථිවියෙහි ඉතිහාසය පිළිබඳ තොරතුරු, පෘථිවියෙහි ඉතිහාසය යනු කුමක්ද? පෘථිවියෙහි ඉතිහාසය යනු කුමක් දර්ශනය කරන්නේ?