දෙවන රාජසිංහ රජු ගෙන් පසු ඔහු පුත් දෙවන විමලධර්මසූරිය රජ විය. මෙතුමා ඉතා සාමකාමී පාලකයෙකි. පහත රට ලන්දේසීන් සමඟ සාමකාමී ව කල්ගෙවී ය. මෙතුමා බුරුමයෙන් උපසම්පදාව රැගෙන ආ යැ. ඊට ලන්දේසීන් උපකාර කළේ ය. ශ්‍රී දළදා මාලිගාව ප්‍රතිසංස්කරණය කළේ ය.
| දෙවන විමලධර්මසූරිය රජ | |
|---|---|
| සිංහලේ රජ | |
| රාජ්‍ය සමය | ක්‍රි.ව. 1687 – 1707 ජූනි 4 |
| අභිෂේකය | 1687 |
| පූර්වප්‍රාප්තිකයා | දෙවන රාජසිංහ රජ |
| අනුප්‍රාප්තිකයා | ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජ |
| උපත | සිංහලේ |
| මරණය | 1707 |
| භූමදානය | සිංහලේ |
| වල්ලභයා | ඉන්දියානු කුමාරිකාවක් |
| දරුවන් | වීර නරේන්ද්‍රසිංහ |
| වංශය | දිනරාජ වංශ |
| පියා | II රාජසිංහ |
එ නිසා මෙ රජු ගේ කාලයේ දී උඩරට රදල ප්‍රධානීහු තම බල වර්ධනය කර ගත්තෝ ය. මෙතුමා රජ බවට පත් වීමෙන් පසුව ලන්දේසින් සමග සාමකාමී ව රජකම් කළේ ය. මොහු සිය පියා අත්පත් කර ගත් ප්‍රදේශ රැකැගැනීමට කටයුතු කර ඇත. මොහු බුරුම රටින් උපසම්පදාව ගෙන ඒමට කටයුතු කර ඇත. මෙතුමා දළදා මාලිගය ද ප්‍රතිසංස්කරණය කර තිබේ. ක්‍රි.ව. 1707 දී මොහු මරණයට පත් විය.
ලන්දේසී දූතයකු වූ කලන් අල්බස් රජු හමු වීමට පැමිණියේ ය. දූත ගමනට හේතුව වූයේ රජු සමග ලන්දේසින් නව ගිවිසුමක් සාකච්ඡා කර ගැනීම යි. දෙ වන රාජසිංහ රජු ගේ ඇවෑමෙන් ඔහු පුත් දෙවන විමලධර්මසූරිය රජ විය. මෙතුමා පියා මෙන් දක්ෂයෙක් නොවීය.
මේවාද බලන්න
- මහාවංශය
- සිංහලේ රාජාවලිය
ආශ්රිත ලිපි
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, දෙවන විමලධර්මසූරිය රජ පිළිබඳ තොරතුරු, දෙවන විමලධර්මසූරිය රජ යනු කුමක්ද? දෙවන විමලධර්මසූරිය රජ යනු කුමක් දර්ශනය කරන්නේ?