ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජ

මුල් පිටුව | ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජ

ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ නැතහොත් සෙල්ලම් නිරිඳු හෝ කුණ්ඩසාලේ කුමරු යනු සිංහල රාජ වංශයේ අන්තිම සිංහල රජුයි. එතුමා ක්‍රි.ව.1707 සිට 1739 දක්වා මහනුවර රාජධානියේ රාජ්‍යත්වයට පත් විය. එතුමා II වන විමලධර්මසූරිය රජුගේ පුත්‍රයායි. ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජු වයස 17 දි සිහසුනට පත් වූ අතර වසර 32 රාජ්‍යය පාලනය කලේය. එතුමා උගත් මෙන්ම ශ්‍රද්ධාවන්ත රජ කෙනෙකු ලෙස සළකනු ලැබුවේය. පෙර රාජ්‍යත්වය දැරූවන් මෙන් එතුමාද ලන්දේසි ආක්‍රමණිකයන් සමග සමාදානයෙන් කටයුතු කලේය. එමෙන්ම එතුමා සාහිත්‍ය හා ආගමික චිරස්ථිතිය උදෙසා මහඟු කැපවිමක් කලේය. එතුමාගේ බිසව දකුණු ඉන්දියාවේ මදු‍රෙයි නගරයේ නායක්කර් රාජකීය පවුලේ කුමාරිකාවක් වූ ප්‍රමිලා බිසව හැඳින්වේ.

ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ
ත්‍රිසිංහලාධීශ්වර
ලංකේශ්වර
භූපති
රාජ්‍ය සමය4 ජූනි 1707 - 13 මැයි 1739
අභිෂේකය1707
පූර්වප්‍රාප්තිකයාදෙවන විමලධර්මසූරිය රජ
අනුප්‍රාප්තිකයාශ්‍රී විජය රාජසිංහ රජ
උපත1690; වසර 335 කට පෙර (1690)
ශ්‍රී ලංකාව
මරණය13 May 1739(1739-05-13) (aged 49)
භූමදානයරාජකීය ආදාහන මළුව, අස්ගිරි විහාරය, මහනුවර, ශ්‍රී ලංකාව
වල්ලභයාබිසෝ රැජින
ප්‍රමිලා දේවි

රාජකීය බිසව
උදුමලේ දේවි

රාජකීය උපභාර්යාව
මොනරවිල දේවි
දරුවන්උනම්බුවේ බණ්ඩාර කුමරු සහ යකඩදොලින්ගෙන් වෙනත් පුතුන්
වංශයදිනජර වංශය
පියාදෙවන විමලධර්මසූරිය රජ
මවදෙවන විමලධර්මසූරිය රජුගේ බිසෝ රැජින වූ මදුරෙයි රැජිනක්
- හදාගත් මව

මුතුකුඩ දේවි (රාජකීය උපභාර්යාව / යකඩ දෝලි) - ජීව විද්‍යාත්මක මව

මුහුණ දුන් ප‍්‍රධාන අභියෝගය

ශ‍්‍රී වීර පරාක්‍රම නරෙන්ද්‍රසිංහ රජු මුහුණ දුන් ප‍්‍රධාන අභියෝගය වූයේ උඩරට රාජ සභාවේ රදල ප‍්‍රධානීන්ගේ බලය වර්ධනය වී තිබීමය. මෙම තත්ත්වය සමනය කර ගැනීම සඳහා ඔහු නායක්කර් පරම්පරාවේ ඥතීන්ට උඩරට රාජ සභාවේ තනතුරු ලබා දුණි. බුදු දහම වැළඳ ගෙන දිගු කලක් භික්ෂූන් ඇසුරේ හැදී වැඩුණු මෙතුමා වැලිවිට සරණංකර හිමියන්ගේ උපදෙස් පරිදි බුරුමයෙන් උපසම්පදාව මෙරටට ගෙන ඒමට කටයුතු කළත් එම ව්‍යායාමය සාර්ථක නොවී ය. ශ‍්‍රී වීර පරාක්‍රම නරෙන්ද්‍රසිංහ රජු දකුණු ඉන්දියානු කුමාරියක් සරණ පාවා ගත් නමුත් දරුවන් නොසිටි බැවින් රාජ්‍ය උරුමකරුවකු නොතබා ම වර්ෂ 1739 දී මිය ගියේය.

දස්කොන්

ශ‍්‍රී වීර පරාක්‍රම නරෙන්ද්‍රසිංහ රජුගේ රාජසභා සභිකයෙක් ලෙස සැලකෙන දස්කොන් , පේද්‍රෝ ද ගැස්කොන් නම් නාමයෙන් සිංහලයට බිදී ආවකි. ප්‍රංශ ජාතික පියෙකුගේ හා පෘතුග්‍රීසී ජාතික මවකගේ පුතු වන මොහු, සිංහල භාෂාව මැනැවින් හැදෑරූ අයෙකි. රජුගේ ඉන්දීය බිසවක වූ ප්‍රමිලා කුමරිය සමග අනියම් සම්බන්ධතාවක් ඔහුට තිබී යැයි ජනප්‍රවාදයෙහි එයි. එවකට (1709 දී) මොහු රජුගේ මහ අදිකාරම් ධුරයේ කටයුතු කරන්නට තරම් රජුගේ කුළුපග මිතුරෙක් විය.නමුදු පසුව ඔහුව සිරගත කොට මරා දැමීමට නියම කළේය.

මේවාද බලන්න

  • මහාවංශය
  • සිංහලේ රාජාවලිය
  • මහනුවර නායක්කාරවරු

මූලාශ්‍ර

  1. "chapter 1, Kandyan kingdom, page 15".
  2. අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා ඉතිහාසය,තුන්වන කොටස
  • කිංග්ස් ඇන්ඩ් රූලර්ස් ඔෆ් ශ්‍රී ලංකා


ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජ
උපත: ? 1690 මරණය: මැයි 13 1739
රාජ පදවි නාමයන්
පූර්වප්‍රාප්තිකයා
දෙවන විමලධර්මසූරිය රජ
මහනුවර රජ
4 ජූනි, 1707–13 මැයි, 1739
අනුප්‍රාප්තික
ශ්‍රී විජය රාජසිංහ රජ

ශ්‍රී ලාංකික ඉතිහාසය හා සබැඳි මෙම ලිපිය තවමත් අංකුර ලිපියකි. විකිපීඩියාවට උදවුවක් ලෙසින් ඔබ හට එය විහිදුවාලිය හැක.

  • v
  • t
  • e

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජ පිළිබඳ තොරතුරු, ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජ යනු කුමක්ද? ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජ යනු කුමක් දර්ශනය කරන්නේ?

මුල් පිටුව | ඉහළට යාම
© 2025 www.dl1.si-lk.nina.az — සියලු හිමිකම් සුරකින ලදී.