ඉලංගෙයි තමිළ් අරසු කච්චි (ITAK) (ඉංග්‍රීසි: Lanka Tamil State Party) යනු රටෙහි ශ්‍රී ලාංකීක දෙමළ වාර්ගීය සුළුතරය නියෝජනය කරන ශ්‍රී ලාංකීක දේශපාලන පක්ෂයකි. එය පළමුවෙන් ආරම්භ කරන ලද්දේ 1949 දෙසැම්බර් 18 වන දී සමස්ත ලංකා දෙමළ කොංග්‍රසයෙන් (ACTC) බිඳී ගිය පාර්ශවයක් ලෙසිනි. 1972දී ITAK පක්ෂය ACTC සහ ලංකා කම්කරු කොංග්‍රසය (CWC) හා එක්ව දෙමළ විමුක්ති පෙරමුණ පිහිටුවා ගත් අතර, එහි නම පසුව දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ ලෙසින් වෙනස් කරන ලදි. 2004 වන තුරු නිද්‍රාශීලිව සිටි ITAK පක්ෂය දෙඑවිපෙ හි සිදුවූ බිඳීමකට අනතුරුව යළිත් සක්‍රීය දේශපාලන පක්ෂයක් ලෙසින් යළි-ස්ථාපිත විය. ITAK යනු දෙමළ ජාතික සන්ධානයෙහි සංඝටක පක්ෂයකි.
ලංකා දෙමළ රාජ්‍ය පක්ෂය (ෆෙඩරල් පක්ෂය) ඉලංගෙයි තමිළ් අරසු කච්චි | |
|---|---|
| නායකයා | රාජවරෝතියම් සම්බන්ධන් |
| ආරම්භක | එස්. ජේ. වී. චෙල්වනායගම්, සී. වන්නියසිංගම්, ඊ. එම්. වී. නාගනාදන් |
| ලේකම් | මාවයි සේනාධිරාජා |
| ආරම්භය | දෙසැම්බර් 18, 1949 |
| බිඳීම | සමස්ත ලංකා දෙමළ කොංග්‍රසය |
| මූලස්ථානය | 30 මාටින් පාර, යාපනය |
| මතවාදය | දෙමළ ජාතිකවාදය |
| ජාතික අනුබැඳිය | දෙමළ ජාතික සන්ධානය |
| මැතිවරණ ලාංඡනය | |
| ගෙය | |
| පක්ෂ ධජය | |
ආශ්‍රිත
- "TNA සබ්මිට්ස් නොමිනේෂන් ලිස්ට්ස් ෆෝ NE ඉලෙක්ටරල් ඩිස්ට්‍රික්ට්ස්". ටැමිල්නෙට්. 23 පෙබරවාරි 2004. http://www.tamilnet.com/art.html?catid=13&artid=11296. සම්ප්‍රවේශය කෙරුණු දිනය 28 පෙබරවාරි 2010.
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ඉලංගෙයි තමිළ් අරසු කච්චි පිළිබඳ තොරතුරු, ඉලංගෙයි තමිළ් අරසු කච්චි යනු කුමක්ද? ඉලංගෙයි තමිළ් අරසු කච්චි යනු කුමක් දර්ශනය කරන්නේ?