මන්නාරම

මන්නාරම යනු ශ්‍රී ලංකාවේ මන්නාරම දිස්ත්‍රික්කයේ අග නගරයයි. මන්නාරම් දූපතේ නැගෙනහිර කෙරවලේ පිහිටි මෙම නගරය ශ්‍රී ලංකාවේ නගර අතරින් රටේ ප්‍රධාන දූපත වන ලංකා දූපතෙන් එපිටින් පිහිටි විශාලතම නගරය වේ. මන්නාරම නගර සභාව මගින් පාලනය වන මෙම නගරය කරවල හා උම්බලකඩ සදහා ප්‍රසිද්ධියක් උසුලයි. අතීතයේ අරාබිවරු තවලමේ ගෙනයාම සදහා ගෙන ආ අළු බූරුවන් අද මන්නාරම දිස්ත්‍රික්කය පුරාවට ව්‍යාප්ත වී ඇත.

මන්නාරම
மன்னார்
නගරය
Mannar causeway overlooking Mannar town in the distance
මන්නාරම
ඛණ්ඩාංක: 8°58′0″N 79°53′0″E / 8.96667°N 79.88333°E / 8.96667; 79.88333
රටශ්‍රී ලංකාව
පළාතඋතුරු පළාත
දිස්ත්‍රික්කයමන්නාරම
ආණ්ඩුව / පරිපාලනය
 • අධිකරණ වර්ගයමන්නාරම නගර සභාව
 • සභාපතිSanthanpillai Gnanaprgasam
ජනගහණය(2011)
 • මුළු35,817
 • ඝණත්වය308/කිමී2 (797/වර්ග සැත)
වේලා කලාපSri Lanka Standard Time Zone (UTC+5:30)

සංචාරක ආකර්ෂණ

  • මන්නාරම බයෝබැබ් ගස - අරාබි වෙළෙන්දන් විසින් ශ්‍රී ලංකාවට බයෝබැබ් ගස (අලි ගස) ගෙන එන්නට ඇතැයි විශ්වාස කෙරේ. 2003 වසරේ සිදුකරන ලද සමීක්ෂණයකට අනූව මෙරට අලි ගස් 40ක් පමණ තිබෙන අතර, ඉන් 34 පමණ මන්නාරමේ පිහිටයි. මින් පල්ලිමුනේ පිහිටා තිබෙන අලිගස වර්ෂ 800ක් පමණ පැරණි යැයි විශ්වාස කෙරේ. වර්ථමානයේ මෙය පුරාවිද්‍යා ආරක්‍ෂිත ස්මාරකයක් වශයෙන් නම්කර තිබේ.
  • මන්නාරම බලකොටුව - මන්නාරම බලකොටුව 1560දී පෘතුගීසීන් විසින් ඉදිකරන ලද්දකි. වර්ෂ 1696දී ලන්දේසීන් විසින් නැවත වරක් ගොඩනගනු ලැබූ මෙය 1795 වර්ෂයේදී ඉංග්‍රීසී්න් විසින් නතු කර ගන්නා ලදී.

අමතර අවධානයට

  • Manthai
  • Talaimannar

මූලාශ්‍ර

  1. "ගැසට් පත්‍රය". ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රය. 10758. 28 ජනවාරි 1955.

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, මන්නාරම පිළිබඳ තොරතුරු, මන්නාරම යනු කුමක්ද? මන්නාරම යනු කුමක් දර්ශනය කරන්නේ?